3mana | Online news magazine http://3mana.com Sri Lanka online e news Fri, 22 Mar 2024 02:11:04 +0000 en hourly 1 https://wordpress.org/?v=5.5.14 වේදනාවෙන් සතුටුවීම. http://3mana.com/%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8/ http://3mana.com/%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8/#respond Fri, 22 Mar 2024 02:11:02 +0000 http://3mana.com/?p=22295 Antichrist ~Lars Von Trier

-වේදනාවෙන් සතුටුවීම.

 චලනය වන රූප පෙළක් ‘වචනයට’ පෙරළීම චිත්‍රපටයක් කියවීමේදී – flat reality- විශේෂ වේ. චිත්‍රපටයක් වචනයට නොහොත් සංකල්පයට පරිවර්තනයේදී මෙලෝ ඩ්‍රාමා (Melodrama) නම් ශානරය වැදගත් වේ. මෙම යුගයේදී චිත්‍රපට කලාව කියවීමේදී එය පවුලේ කතාවක් යන ආකෘතිය තුළින් එයට ප්‍රවේශ වීම ඉතා වැදගත් වේ. හේතුව වන්නේ එමගින් චිත්‍රපටය කියවීමට දාර්ශනික ප්‍රවේශයක් සැපයීම වේ. චිත්‍රපට වර්ගීකරණයේ දී අපට ඕනෑම චිත්‍රපටයක් (Melodrama) ”පවුලේ කතාවක්” යන ආකෘතියට පෙරළිය හැකිවේ. ධනවාදය වර්ධනයත් සමග තවදුරටත් චිත්‍රපටයක් රසවිදීම එනම් සෞන්දර්ය ජනනය වැදගත් කරුණක් නොවේ. එනම් තවදුරටත් ඉන්ද්‍රිය සංජානනයක් ලෙසට කලා කෘතියක් නරඹන්නාට සමීප වන්නේ නෑ. එවන් ඉන්ද්‍රිය ගෝචර කලාවක් තිබූ යුගය අද වනවිට අවසන් වී ඇත. මෙම යුගයේදී කිසියම් කලා කෘතියක් බුද්ධිමය ලෙසට වටහා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත. මේ සදහා Von trier ගේ චිත්‍රපට නිර්මාණ කදිම නිදසුනක් වේ. ඔහුගේ චිත්‍රපට කිසිදු ලෙසකින් නරඹන්නාට ඉන්ද්‍රිය සංජානන ලෝකයකට ගෙන යන්නේ නැත.

ධනවාදය හේතුවෙන් සමාජ සබදතා දුර්වල වූ ලොවක අප වඩ වඩා පවුල් ජීවිතය සමෘද්ධිමත් කර ගැනීමට යොමුව තිබේ. පවුලක් ගොඩ නැගීම මුල් කරගත් විවාහ උත්සවය පවා නෑදෑ හිත මිතුරන් අතර හෝ සබදතා තහවුරු නොවන තත්වයට පත්ව තිබේ. විවාහ උත්සවයට සහභාගී වන සෑම මේසයකම සිටින පුද්ගලයන් තම තමාගේ smart phone හරහා වෙනත් ලෝකයක සිටින අතර ආහාර පාන ගැනීම, නර්තනය හා මනාල යුවලට මුදල් තිලිණ දීම ආදී ආකෘතියක් තුළට පිවිස එම අවස්ථාවේ කාලය ගෙවා දමයි. ඒ තුළ කිසිදු සමාජ සම්බන්ධතාවයක් ගොඩනැගීමකට ඉඩක් නොමැත. නෑ හිත මිතුරන් අතර සංවාදයක් නොමැත. බොහෝ නෑයන් විවාහ උත්සවයෙන් පසුව කිසිදු දිනක නැවත හමුවීමක් ද සිදු වන්නේ නැත. එම නිසා විවාහ උත්සවයක් පවා සමාජ සබදතා අත් හිටවූ ආකෘතියක් බව‍ට අද වන විට පත්ව තිබේ. ධනවාදය වර්ධනයත් සමග යුරෝපයේ පමණක් නොව ආසියාතික රටවල ද සමාජ සබදතා අර්බුදයට යාමේ පොදු රටාවක් දක්නට ඇත.

මෙය අද දවසේ දේශපාලනයට ද පොදු වූ තත්වයකි. මේ වන විට ජනප්‍රිය දේශපාලන පක්ෂ සමග එක්වන සෑම දෙනෙක්ම කිසියම් gap එකක් තබාගෙන ක්‍රියාකරන අතර රටට වඩා විනෝදය ප්‍රමුඛ වී තිබේ. 2019 දී තම පවුල වෙතට ගොස් වින්දනය උපරිම විදීමට සිතු සිංහල බෞද්ධයා 69 ලක්ෂයක ඡන්ද බලයත් සමගින් ජනපති කෙනෙකු පත් කරන ලදී. මීට පෙර තිබූ දේශපාලන අස්ථාවර බව හා බහුතර බලය නොමැති වීම නිසා උපරිම ඡන්ද ලබා දී ගෝටාභයට රට හැදීමට භාර දී සියළු දෙනා තම පවුල් වෙත ගොස් උපරිම ලෙස  විනෝද වෙන ලදී. බොහෝ පහල මධ්‍යම පාන්තිකයන් ගෝටාභයට ඡන්දය ලබා දුන්නේ ඔහු රට දියුණු කරන බවට විශ්වාසය ලබා දීමටත් වඩා තවත් කරදර නොකර තම තම පවුල් වලට උපරිම වින්දනය ලැබීමට අවකාශය සලසන බවට විශ්වාසයෙනි. නමුත් නොසිතු ලෙස කොවිඩ් වසංගතය පැමිණ එම සිහිනය බිද වැටී ජනයා එක් වී පාලකයා බලයෙන් නෙරපීය. එය රට වෙනුවෙන් නොව තම විනෝදය වෙනුවෙන් ගත් පියවරකි. එවන් දේශපාලන පක්ෂ සමග gap එකක් තබා සිටි ජනයා අද දවසේ NPPය සමග එකතු වී ධනවාදය මගින් පොරොන්දු වන උපරිම වින්දනය අනුර කුමාර හරහා අත් විදීමට සිහින දකිමින් සිටිති. Vontrierගේ චිත්‍රපට හරහා ජනයාගේ මෙම විනෝදය නවතම ආකෘතියකින් කියවා ගැනීමට අපට මග පෙන්වනු ලැබේ.

Vontrierගේ චිත්‍රපටවල වැඩි වැඩියෙන් විස්තර කරන්නේ (violennce) හිංසනයයි. ඔහු නිරුපණය කරන පවුල් ජීවිතයේ ගැහැණු පිරිමි සම්බන්ධතා තුළ ආදරය sadomasochism ලෙස පෙන්වනවා. එය මීට පෙර සිටි කලාකරුවන්ගේ නිර්මාණවලට වඩා සුවිශේෂී වන්නේ කෙලෙසක දැයි විමසා බලමු. බර්ටල් බ්‍රෙෂ්ටිගේ නිර්මාණ ගත්තොත් එම නිර්මාණවල චරිත තමන්ගේ භූමිකාවලට එනම් තම දුෂ්ටිවාදවලට අතිශය තදාත්මික බවත් නිරූපණය වනවා. මෙන්න මේ දුෂ්ටිවාදයන්ගෙන් ගලවාලිමට ගන්නා උත්සාහය තමයි බ්‍රෙෂ්ට්ගේ නිර්මාණ තුළ කැපී පෙනෙන්නේ.  ධර්මසේන පතිරාජගේ සොලදාදු උන්නැහේ ගත්තත් එහි ප්‍රධාන චරිතත් මේ ආකෘතියමයි නිරූපණය කරන්නේ. නමුත් Vontrierගේ නිර්මාණ මීට වඩා සුවිශේෂී වනවා. Vontrierගේ සන්දර්භය තුළින් පෙන්වන්නේ අප අද ජීවත් වන සමකාලීන ජීවිතයේදී මිනිස්සු තමන්ගේ දෘෂ්ටිවාද වලට නැතහොත් චරිත භූමිකාවලට බැදී සිටින්නේ අවංකවම බවයි.  මෙන්න මේ සත්‍ය ප්‍රේක්ෂක අපට සමීප කිරීමේදී Vontrier විසින් චිත්‍රපටවල අත්දැකීම කියන කොටස අතිශයින්ම real තැනකට ගෙන එනවා. යම් හිංසනකාරී බවක් තිරය වෙත ගෙන එමින් එය අතිශය කුරිරු තැනකට නොහොත් කෙළවරටම රැගෙන යනවා.

Vontrierගේ නිර්මාණ හරහා පවසන්නේ Denmark නම් රටේ සියළු සැප පහසුකම් ධනවාදය මගින් ලබා දුන්නද මිනිසෙකු වන්න නම් මිනීමරුවෙකු විය යුතු බවයි. නමුත් මූලික මිනිස් අවශ්‍යතාවන් සපුරා ගත නොහැකි ලංකාව වැනි රටක මිනිසෙකුට මෙය ප්‍රහේලිකාවක්. නමුත් අප ධනවාදය මගින් ලබා දෙන පොඩි නිදහස පවා උතුම් කොට සලකනවා. නමුත් දියුණු රටක ”මිනිසෙකු”- being a human – වීම යනු ඉතා අපහසු දෙයක්. අප රට වැනි ඌන සංවර්ධිත රටක පුද්ගලයෙකුට What is Human? යන ගැටලුව පැන නගින්නේ නෑ. මේ ඒකාකාරී ජිවන රටාව තුළ දුවනවා හැරෙන්නට හිතන්නටවත් අපට වෙලාවක් නැත. අප රටේ පුද්ගලයෙකුට ජීවිතය යනු එකම දේ කරමින් ජිවිත කාලයෙන් භාගයක්ම ගෙවා දැමීම වේ. සියළු කරදර බාධක වලින් මිදී බණ භාවනා කරමින් රැවටීම් වලට ලක් නොවී ඉතා සාර්ථක මිනිසෙකු වීමේ ප්‍රබන්ධයක සිහින දැකීම ලාංකිකයාගේ අරමුණ වේ.

නමුත් යුරෝපයේ දී මිනිසෙකු යනු  තම ආශාව හදුනා ගැනීමට උත්සහ දරන එහිදී ගැටුම්, කරදර හා අනතුරු වලට මුහුණ දෙන පුද්ගලයෙකු වේ. එම රටවල මිනිසුන්ගේ ආශාව යනු බලවත් කොටසක් වන අතර අපගේ එය දුර්වල කොටසකි. එම නිසා එම රටවල නිර්මාණ වලට බලවත් වස්තු විෂයක් ප්‍රමුඛ වී ඇත. නමුත් අපට බලවත් වස්තු විෂයක් නොමැති අතර නිර්මාණයන්හි    රගපෑමට නළු නිළියන් ද සොයා ගැනීම ඉතා අපහසු දෙයකි.

Lust.

Lars Von trierගේ ප්‍රධාන චිත්‍රපටයක් වන Antichrist චිත්‍රපටය ඉතා වැදගත් කලා කෘතියක්. එම කෘතියේ පූර්විකාව කොටසේ උද්වේගකර ලිංගික දර්ශනයක් තිරය මත දිග හැරෙන අතරේ එම යුවලගේ එකම සිගිති දරුවා අනතුරකට ලක් වී මිය යනවා. මෙන්න මේ පූර්විකාව (Prologue) මූලික කොටගෙන මෙම චිත්‍රපටය chapter හතරක් යොදාගෙන නරඹන්නා වෙත අමතනවා.

එම chapter හතර,

1. දුක (Grief)

2. වේදනාව (Pain)

3. බලාපොරොත්තු සුන් වීම (Despair)

4. යාචකයන් තිදෙනා (The three beggars)

ලෙස නම් කර තිබෙනවා.

මෙහි පූර්විකා දර්ශනයේදී මව හා පියා රමණයේදී  දරුවා අනතුර වෙත යන අයුරු ”නොදුටු” බව පෙන්වන නිසා දරුවා අනතුරට පත්වීමත් සමග පළමු පළමු chapter එකේ විස්තර වන දරුවාගේ දෙමාපියන්ගේ වේදනාව සමග නරඹන අපද අනන්‍ය වේ. අපව  ආත්මයක් ලෙසටත්, වස්තුවක් ලෙසටත් සිටිය හැකි බව පෙන්වා දෙන ලද්දේ ලැකාන් විසිනි. ඒ අයුරින් මෙහි පළමු දර්ශනයේදී අප චිත්‍රපටය ආත්මයක් ලෙස කියවන අතර දෙවන අවස්ථාවේදී නරඹන අපද material වී විනෝදයේ ඇලී සිටිනා බව පෙන්වනවා. එනම්, වස්තුවක් ලෙස චිත්‍රපට තිරය නරඹන මා දිහා බලන බව පසක් වනවා.

IT’S A SIN.

චිත්‍රපටයේ පළමු chapter එකේදී දරුවාගේ මව විසින් ස්වයං විභාගයක් මගින් තමාටම හිංසනය පමුණුවා ගන්නේ ඇයිද යන ගැටළුව ප්‍රේක්ෂක අපට ඇති වෙනවා. නමුත් අප ද ඇයගේ වේදනාව සමග අනන්‍ය වෙනවා. නමුත් පූර්විකාවෙන් ලබා නොදුන් දැනුමක් හතරවන chapter තුළින් නරඹන අප වෙත ලබා දෙනවා.

මුල් chapter තුනෙන්ම  අපව යම් බොරුවක ගිල්වා තැබුවත් හතරවන chapter එක මගින් ලබාදෙන දැනුම මගින් නරඹන අප වෙත ද (Guilty) වරදකාරී බවක් ලැබෙන්නේ, පූර්විකාවේ ලිංගික දර්ශනයෙන් අප ද විනෝදයක් ලැබූ බැවිනි.

මෙහි මව (Her) දරුවා අනතුරට පත් වන අයුරු දුටු බවත් තම විනෝදය වෙනුවෙන් එය නොදුටු සේ සිටි බවත් යන පාපොච්ඡාරණය එනම්,දැනුම හතරවන පරිච්ඡේදයෙන් ලැබුණු පසු මෙතෙක් ක්‍රියාත්මක හිංසනය ඇයගේ මරණයෙන් කෙළවරකට යාමට නරඹන අපද පොළඹවනවා.

නමුත් නරඹන අපට මුල් පරිච්ඡේද තුන මගින් ඇය තමාටම හිංසනය පමුණුවා ගන්නේ ඇයිද යන ගැටළුව සමග ඇලී සිටියා. එය අධ්‍යක්ෂක වරයා විසින් අපවද මෙම පාපයට සම්බන්ධ කිරීමට ගත් උත්සාහයක් වනවා. මෙන්න මේ කුඩා සිදුවීම තමයි විවාදයට ලක් වූ මෙම සාර්ථක නිර්මාණය පසුපස තිබෙන්නේ. විශාල සංකීර්ණ narrative එකක් නොවේ. එම නිසා මෙය ඉතාම හොද තිර පිටපතක් ලෙස ලෝක සිනමාවේදී සලකනු ලබනවා.

තම සතුට වෙනුවෙන් විනෝද වී අනතුරුව ඇති වූ වරදකාරී බවට විසදුම් සෙවීම මෙම චිත්‍රපටය තුළ material කර තිබෙන්නේ violence මගිනි. පළමු අවස්ථාවේදී නරඹන්නා මෙහි කාන්තා චරිතයත් සමග අනන්‍ය වී දරුවාගේ මරණය ගැන දුක්වන අතරේ හතරවන පරිච්ඡේදයේදී නරඹන්නාට විශාල පහරක් වදින්නේ මව දැන දැනම දරුවා අනතුරේ හෙළු බවත්, ඇයට ලිංගික විනෝදය දරුවාටත්  වඩා වැදගත් වූ බව පෙන්වීම තුළිනි. එවිට screen එක අප වෙතට කඩා පැන අපද  වරදකරුවෙකු බවට පත් කරන්නේ ඇයගේ වේදනාව සමග පළමුව අප ඇලී සිටි බැවිනි. මෙන්න මේ වරදකාරී බව අතිශය කුරිරු අන්දමින් material කිරීම අධ්‍යක්ෂකවරයා ඉතා සාර්ථකව කර තිබෙනවා.

ධනවාදය වර්ධනයත් සමග සමාජ සන්දර්භය තුළ දෙවියන් යනුවෙන්  කෙනෙක් නොමැත. එම නිසා අපි අද දවසේ  විශාල නිදහසක් බුක්ති විදිමින් සිටිමු. දෙවියන් නොමැති ලෝකයක ඔබ කැමති ඕනෑම දෙයක් සිදු කල හැකිය.

‘Anti Christ’ චිත්‍රපටයේ නූතන මධ්‍යම පාන්තික පවුලක සැමියා හා බිරිද නිරූපණය වේ. එම පවුල පාලනය වන්නේ වෙළදපොල තර්කනය මගින් පමණි. එම නිසා  ඔබව පාලනයට කෙනෙක් නොමැති වීම අතර  ඔබට කැමති අයුරින්, කැමති තරමින්   විනෝද විය හැකි බවත් system එක ඔබට පවසනවා. නමුත් ඔබ කැමති විදිහට රස විදින ජිවිතයට යම් ව්‍යවසනයක් නිසා පවුල් අර්බුදයක් පැමිණිය හොත් එයට විසදුම් සෙවිය යුත්තේ ද දෙවියන් වෙත යාමෙන් නොව ඔබම විසින්ම බව චිත්‍රපටය අපට පවසන සත්‍ය වේ. ගැටළුව බාහිරට ප්‍රක්ෂේපණය කළ නොහැකි බවත් ඇති වූ අර්බුදයට වගකිව යුතු ඔබගේ  වගවීම  හිංසාකාරී ලෙස material කිරීම මේ චිත්‍රපටයේ ආකෘතිය වී තිබේ. යථ (real) නොහොත් තිත්ත රසය නරඹන්නාට සමීප කරදීම  තමයි Von trier විසින් සිදු කරනු ලබන්නේ. අප මේ ගත කරන යුගයේ පවතින ”නොනිදහස නිදහසක්” ලෙස දැනෙන්නේ නම් ඇතිවන්නේ මෙවන් තත්වයක් බව Von trier විසින් අපට පසක් කර දෙයි. එහිදී මේ කාලයේ ඇතිවන සමීප සමාජ සම්බන්ධතා යනු සුසංවාදී නොවන ඉතා හිංසාකාරී කොටසක් අප වෙත  සමීප වීමක් වේ. එය සුසංවාදී ගමනක් නොවේ. සුසංවාදී සමාජ සම්බන්ධතා යනු මේ යුගයේ ධනවාදය මගින්ම ඇති කරන ප්‍රබන්ධයක් ම- fiction- පමණි. උදාහරණයක් ලෙස ලංකාවේ මෑත කාලීනව ජනප්‍රිය වූ ”Forget me not” නම් පොතේ කතා ගත හැකිය. මෙහි මිතුරු සබදතා යනු සුසංවාදී මිහිර පිරි ඉතිරී යන්නක් ලෙස දැක්වේ. එය Facebook මිතුදමකි. අතීතයේදී මළ ගෙවල් වල ඇඩීමට  ගැහැනුන් කුලියට ගත්තා නම්, පසු නූතන මේ යුගයේදී තමන් වෙනුවෙන් සමාජ සබදතා සදහා පෙනී සිටින්නේ  Facebook මගිනි. මොකද මේ යුගයේ සැබෑ සමාජ සබදතා යනු අතිශය කරදරකාරී තත්වයක් හේතුවෙනි. එය නිතරම ගැටුම් ජනනය වන්නකි. නමුත් Facebook  වැනි virtual space එකක ගැටුම ජනනය නොවන කෘතීම සංහිදියාවක් පවත්වා ගත හැකිය. එයට හේතුව වන්නේ කිසියම් මුලින් හදන ලද ආකෘතියක්- FORM- තුළ පමණක් එය සංවිධානය ගත වීම තුළ වේ.

උදාහරණයක් ලෙස එහි like දැමිය හැකිය. birthday wishes එම දිනයටම අපට මතක් කර දෙයි. එයට අවශ්‍ය සුබ පැතුම facebook සමාගමෙන් අපට සාදා දෙයි. අපිට ඉතිරිව ඇත්තේ ඒ ආකෘතිය පුරවීම පමණි. එහි සමාජ සම්බන්ධතා ගොඩනැංවීම හෝ communication නොමැත. එම සමාගම යනු market logic  එකකි.

නමුත් මෙයින් මිදී අපි සැබෑ සමාජ සම්බන්ධතාවකට ගියහොත් අත්වන ඉරණම Von trier විසින් හිංසනය material කර Screen එකට ගෙන තිබේ. සැබැවින්ම මේ යුගයේ සැබෑ ආදරය යනු මහා ආතතියකි. එම නිසා අපි හැමෝටම අවශ්‍ය වී ඇත්තේ ”Facebook – ආදරයක්” පමණි. Von trier ගේ චිත්‍රපටය තුළ පෙනී සිටින්නේ Her and He යන චරිත දෙක පමණි. මෙහි ඔහු හා ඇය පාරාදිසියෙන් නෙරපූ ආදම් හා ඊවා අයුරින් කැලය බලා යන්නේ නරඹන අපවද මෙහි කොටසක් කර ගනිමිනි. Von trier ගේ සිනමාවේ බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන ප්‍රධාන භුමිකාවට  දායක වන  ගැහැණු චරිත ප්‍රබල අයුරින් තිරයට ගෙන තිබේ. ඔහුගේ කෘතිවල බොහෝ ගැහැණු චරිත යනු  ප්‍රබල නිරූපණයකි. මෙම චිත්‍රපටය දෙවියන්ට සම්බන්ධ theology පැත්තට ද ගෙනයාමක් දක්නට ලැබේ. නමුත් නරඹන අපිට ඇතිවන ගැටලුව නම් මෙහි ස්ත්‍රිය  මෙතරම් ethical act එකකට නරඹන අපවද රැගෙන යන්නේ කුමන හේතුවක් නිසාද යන්න වේ.

nATURE.

ඇය ඇයගේ ක්‍රියාවට මෙතරම් වගකීම තුළ symbolic ස්ත්‍රීවාදය නොවන සැබෑ ස්ත්‍රීවාදයක් හට ගනී. Symbolic ස්ත්‍රීවාදය යනු පිරිමි සිගරැට් බොනවා නම් අපිත් බොනවා. පිරිමි කලිසම් අදිනවා නම් අපිත් අදිනවා වැනි සරල අනුකාරකවාදී ස්ත්‍රීවාදයකි. නමුත් මෙහි Her පෙන්වන ස්ත්‍රීවාදී ප්‍රවේශය වන්නේ තමා ක්‍රියා කල දේ වෙනුවෙන් තමා අතින් සිදු වූ වරද වෙනුවෙන් නොබියව පෙනී සිටීමක් වේ. එය යථ – තිත්ත රසය – කරා ගමන් කිරීමකි.

විශේෂත්වය වන්නේ මෙහි සැමියා හා බිරිද gap එකක් තබා නොගෙනම සැබෑවටම ප්‍රේම කිරීම වේ. එවන් ප්‍රේමනීය බවක් කෙතරම් හිංසනයකින් කෙළවර විය හැකිද යන ගැටලුව Von trier අපගෙන් විමසනවා. බටහිර රටක විවාහය යනු අනෙකාගේ අඩුව හා වේදනාවන් කොන්දේසි විරහිතව පිළිගැනීම වේ.නමුත් අප රටේ දී  විවාහය සදහා ගැලපීම් විමසයි. අදහස් ආශාවන් ,කෑම බීම ආදිය පවා ගලපා ගැනීමට වෙහෙසෙයි.ඇය දොඩම් කෑමට කැමති නම් ඔහුද එයට කැමති විය යුතුය.නමුත් බටහිර විවාහය යනු දෙදෙනාගේ මානසික ලෝකය හුවමාරු කරගනිමින් ම දෙදෙනා සතු වෙනස පිළිගනිමින් එයට ගරු කිරීම වේ.

මෙහි ගැහැණියකගේ ශරීරය පිළිබද තියුණු කියවීමකට අපව රැගෙන යනවා. ඇයගේ ශරීරය අනුව ජීව විද්‍යාත්මක කොටසක් පවතිනවා. ඒ වගේම හැසිරීම, ඇදුම් පැළදුම්, කතා විලාසය ආදී සංකේතාත්මක කොටසකුත් පවතිනවා. නමුත් අවසානයේ ගැහැනියක් ගැහැනියක් බවට පත් වන්නේ fantasy- feminity as a  story – මගින් බව චිත්‍රපටය අපට පෙන්වනවා. නමුත් පිරිමියා නිතරම උත්සාහ ගන්නේ පවත්නා සමාජය ප්‍රතිනිර්මාණය කිරීමට වේ. උදාහරණයක් ලෙස මෙහි සැමියා හා බිරිද අතර ලිංගික සබදතාවයේදී දරුවා වැටෙන්නට යන බව ඔහු දකින්නේ නැත. නමුත් බිරිද එය හොදින් දකියි.ඒ හේතුවෙන් දරුවාගේ අනතුරෙන් ඇති වූ ගැටලුව සමනයට ඔහු මනෝචිකිත්සකයෙකු වී ක්‍රියා කරනු ලැබේ. නමුත් ඇය තුළ ඇති වන්නේ ”මම” මේ ක්‍රියාවට සහමුලින්ම වගකිව යුතුයි යන අදහසයි. එහිදී ඇය තම ශරීරයට විශාල හානියක් උරුම කර ගන්නවා. මෙහිදී පිරිමියෙකුට වඩා ගැහැණියෙකු වෙනස් වන්නේ පිරිමියා පවතින ලෝකය ප්‍රතිනිර්මාණයට වෙහෙසෙන අතරේ ගැහැණිය පවතින ලෝකය සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමට වෙහෙසන නිසාවෙනි. අන්න ඒ තැනේදී ඇයගේ ස්ත්‍රීවාදී බව ඉස්මතු වේ. නමුත් මෙය ලංකාවට අදාල නොවන්නේ ලංකාවේ ගැහැනුන් යනු පවතින ක්‍රමයටම අනුගත පිරිමින්ගේ රූකඩ බැවිනි. 

 මෙහිදී මෙම දරුවා අහිමි වීමේ වේදනාවෙන් මිදීමට යා යුතු තැන තීරණය කිරීමට බිරිදට අවස්ථාව ලබා දෙනවා. එහිදී සැමියා පවසන The apartment‚ the street, The park ආදී තැන් මගහැර ඇය කැලය (woods) තෝරා  ගන්නවා. මේ සමකාලීන යුගයේ දී බොහෝ කාන්තාවන් සුරතල් සතුන් ඇසුරට යමින්, සොබාදහම ඡායාරූප ගත කරමින්, භාවනා අසපු කරා යන්නේ ද සමකාලීන පුරුද්ද සිහිපත් කරමිනි. – Back to Nature – එය ධනවාදය මගින් ඇති කරන නූතන ඇබ්බැහියකි. මෙහිදී පර්යේෂණයක නිරත වෙමින් ඇය බිය වන්නේ කුමකටදැයි සොයන සැමියාට විටෙක සොබාදහම පිළිතුරක් වන අතර තවත් විටෙක ඇය සොබාදහම යනු සාතන්ගේ පල්ලිය බව පවසයි. එවිට ඔහු සොබාදහම ඉවත් කර  පිරමීඩයක් ඇද එය තුළට සාතන් ඇතුල් කර ගනියි. දෙවියන් නොමැති ලෝකයක එම තැනට  ආදේශ වන්නේ සොබාදහම හා ස්ත්‍රිය වේ. මෙහිදී සොබාදහම යනු ඉතා කුරිරු ප්‍රපංචයක් බව සතුන්ගේ සංකේත ස්වරූපයෙන් නරඹන අපට සමීප වේ. උදාහරණයක් ලෙස යාචකයන් තිදෙනෙකු ස්වරූපයෙන් පැමිණෙන සත්ව රූපයක් ද තම පැටවා මරා කන පක්ෂියාගෙන් ද සොබාදහම සංකේතවත් වේ.

Terror

මෙම චිත්‍රපටයේ ආගමික ප්‍රවේශය සුවිශේෂ වේ. එය අපගේ සංස්කෘතියට  බෞද්ධ ආගමිකයෙකුට සමීප නොවන ප්‍රවේශයකි. බුදුන් වහන්සේ ගතහොත් බෞද්ධයන් සලකන්නේ සියල්ල දත් ආත්මයක් ලෙසටය. බුදුන්ට ඉහලින් කිසිවක් නොපවතින බවයි. නමුත් ක්‍රිස්තියානි ආගමේ සුවිශේශීත්වය වන්නේ දෙවියන් තුළ ද කිසියම් අඩුවක් පවතින බව පිළිගැනීම වේ.  දෙවියන් ද නොදන්නා දේ පවතින බව පිළිගැනීම වේ. එම නිසා දරුවා සම්බන්ධ ව්‍යසනයේදී දෙවියන්ට ද විසදුමක් නොමැත. දෙවියන් ද මිනිසාට සමානයෙකු ලෙස හැගීමක් මේ තුළින් ජනිත වේ. ජේසු තුමා පවා මරණය වෙත ගෙන යද්දී දෙවියනි  ඔබ කොහිදැයි ප්‍රශ්න කර තිබේ. එම නිසා දෙවියන් අහිමි ලොවක වෙසෙන මිනිසා තම ක්‍රියාවන් විනිශ්චයට තම අවිඥානික උසාවිය තෝරා ගනු ලැබේ. මේ යුගයේ මිනිසුන්ට විනිශ්චයට ඉතිරිව ඇත්තේ  මෙම අවිඥානය තුලින් ප්‍රශ්න කිරීම පමණක් වේ. හේතුව වන්නේ දෙවියන් නොමැති  ලෝකයක තම අවිඥානය තුළ දෙවියන්ගේ ආකෘතිය පැවතීම වේ. මෙම චිත්‍රපටයේ ඇය විසින් විමසන පැනය වන්නේ තම වටිනා එකම දරුවා අනතුරේ හෙළා තම ලිංගික ප්‍රීතියම ප්‍රමුඛ කරගත් තමා තුළ සිටිනා හදුනා ගත නොහැකි සත්වයා කවුරුන්ද යන්න වේ. මා තුළ සිටින මට ද තේරුම් ගත නොහැකි සත්වයා කවුරුන්ද? එනම් මගේ අවිඥානික ආත්මය කෙබදුද? (unconscious subject) ඇය විමසන්නේ සවිඥානික තමා දරුවාට ගොඩාක් කැමති බවය. එසේ නම් මා තුළ සිටින දරුවා විනාශ වුවත් මම විනෝද විය යුතුයි යන්න මාව පොළඹවාලන මටම ආගන්තුක මාතුළ වූ සත්වයා කවුරුන් ද? යන්න වේ.

මෙන්න මේ හදුනා ගැනීම සදහා ඇයට දෙවියන් අවශ්‍ය වෙනවා. නමුත් අප රටේ නම් දෙවියන් අවශ්‍ය වන්නේ මෙම rational subject කාරණා වලට නොවේ. මෙරටේ අපට සැමවිටම දෙවියන් හෝ ආගමික නායකයින් අවශ්‍ය වන්නේ සැප සම්පත් ලබා ගැනීමට වේ. උදාහරණයක් ලෙස කතරගම දෙවියන්ගෙන් ගෙයක් සාදා ගැනීමට උදව් ඉල්ලයි. විභාග පාස් කර දෙන්න ඉල්ලයි, රැකියාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබේ. නමුත් බටහිර මිනිසා දෙවියන්ගෙන් ඉල්ලන්නේ මා තුළ ඇති මටම හදුනා ගැනීමට බැරි වූ ජීවියාව හදුනා ගැනීමට දෙවියනි ඔබ මට පිහිටවන්න කියා ය. මෙන්න මේ symbolism එක ආත්මීය ලෙසින් මේ චිත්‍රපටය තුළ පෙන්වා තිබේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සැමවිටම බිය වන්නේ තමාට තමා මුණගැසීමේ ක්ෂිතිජමය අත්දැකීමට ය. මේ යුගයේ තමාට තමා සම්මුඛ වීම යනු රැඩිකල් විමුක්තිය කරා අප රැගෙන යාමකි. නමුත් මෙහිදී විශාල විද වීමක් ජිවිතයට අවශ්‍ය වේ. එය සරල සුසංවාදී ගමනක් නොවේ. වේදනාත්මක තිත්ත රසයක් වේ. එම නිසා මේ යුගයේ සැබෑ සමාජ සබදතා යනු භයානක තත්වයක් අපට ලබා දෙන්නක් වේ. එයට සදාචාර විනිශ්චයක් නොමැති වේ. von trier ගේ චිත්‍රපටවල සංස්කෘතික බාධක බිද වැටී තිබේ. ඔහුගේ චිත්‍රපට යනු ප්‍රති- සංස්කෘතික මානයකි. ඒ තුළ moral ගැටළු නොමැති අතර පවතින්නේ ආත්මීය ethical ගැටළු වේ.  

මෙම චිත්‍රපටයේ කාන්තාවද පවුල් ආකෘතිය තුළ තම භූමිකාව ගෙන යන පුද්ගලයෙකි. නමුත් ඇය ethical බැවින් සමාජ සම්මතයන් අභිබවා තම විනෝදය වෙත අවතිර්ණයේදී හදිසි අනතුරකින් තම එකම දරුවා මිය යයි. එම තමා විදි විනෝදය වෙනුවෙන් තම වගවීම හිංසනයන් මගින් නිරූපණය වේ. නමුත් මෙහි පවුල නම් සමාජ සම්මතය නොමැති නම් freedom කියා යමක් කාන්තාවට සමීප නොවේ. සමාජ සම්මතය මගින් ගෙන එන සිමාව අභිබවා විනෝදය කරා යාමට පොළඹවන්නේ ද සීමාවක් තිබීම හේතුවෙනි. එනම් ලිංගික තෘප්තිය දරුවාට වඩා ප්‍රමුඛ බව ඇයට එන්නේ freedom එකක් ලෙසටය. නමුත් අප තේරුම් ගත යුත්තේ සමාජ සම්මතයන් හෝ සිමාවන් නොවී නම් ඇයගේ රැඩිකල් බවට කිසිදු අර්ථයක් ජනනය නොවන බවය. මෙම චිත්‍රපටය තුළ සොබාදහම ද වැඩි වශයෙන් නිරුපණය කර තිබේ. එය ආදම් ගේ උයන වේ. මිනිසා සොබාදහමෙන් ඛණ්ඩනය වීම සංස්කෘතිය වේ. මෙම සංස්කෘතික ලෝකය හේගල් හදුන්වන්නේ second nature එක කියා. එය මිනිස් නිර්මිතයක් වේ. එය සොබාදහමේ මූලධර්ම අත් හිටවා මිනිසා විසින් මිනිසා උදෙසාම තනා ගන්නා ලෝකයක් වේ. සැබෑ ලෙසටම එය මානසික ලෝකයක් ලෙස ගත හැකියි. මෙන්න මේ මානසික ලෝකය මිනිසාට පොදු දෙයකි. සොබාදහම යක්ෂයා නොහොත් සාතන්ගේ නිවහන වේ. මෙම යුවල යන්නේ ආදම්ගේ උයනේ නිවසට ය. මීට කලින් මෙහි (Her) ඇය හා දරුවා මෙහි පැමිණ කාලය ගත කර තිබී ඇති බව චිත්‍රපටය කියා සිටී. මෙහිදී අතීතය තුළ කාන්තාවට දඩුවම් දීමට ලක් කළ අයුරු ඇය විසින් අධ්‍යනය කර ලේඛන ලියා තිබේ. ඇය බලාපොරොත්තු වන්නේ තමා කළ වරදට එවැනිම   අතීතයෙන් ගෙන එන දඩුවමක් තමා වෙත ලබා ගැනීමටය. මෙම රැඩිකල් තීරණය තමාගේ ක්‍රියාවට වගකීමක් ලබා දීමකි. එම දඩුවම ඉල්ලා සිටින්නේ තම උගත් බුද්ධිමත් සැමියා මගිනි. මෙහි ගැහැනියගේ විනෝදය ආකෘතිගත වන අයුරු පෙනේ. මෙම චිත්‍රපටය තුළ ද සොබාදහම හා සංස්කෘතිය අතර ගැටුම නිරූපණය වෙනවා. මේ ගැටුමේදී පිරිමියා (He) අවසානයේදී තීන්දුව ලබා දෙනවා. ඇය (she) සොබාදහම ලෙස. එසේනම් අතීතයේදී මෙවන් අවස්ථාවලදී පිරිමියා දඩුවම් ලබා දී තිබෙන්නේ ගිනි තබලා. එලෙසම ඔහුත් තීරණය කර තිබෙනවා අතීතයේ දඩුවම් ආකෘතියම තම බිරිදට ලබා දෙන්න. මෙම දඩුවම් ක්‍රමය පිරිමියාට ලැබෙන්නේ පිරිමි ලෝකය තුළින් ම වේ. අතීතයේ මෙවන් අවස්ථා වලදී පිරිමියෙකුගේ ක්‍රියා කලාපය කෙසේද? පිළිතුර ලෙස ලැබෙන්නේ ගිනි තැබීම වේ. ඒ අනුව බිරිද මරා දමා ගිනි තබා ක්‍රියා කරන්නේ ඒ අනුව වේ. මේ චිත්‍රපටය අවසානයේ හදුනා නොගත් යක්ෂ රූප ලෙස පැමිණෙන්නේ සාමූහික ශුද්ධ ආත්මයන් වේ. (holy spirit) එනම් අතීතයේදී සාමූහික ප්‍රජාවක් පාලනය කල දෘෂ්ටිවාදයන් ය.මෙහි හදුනාගත නොහැකි ගැහැණු ඒකරාශී වීම යනු comminity යක් වේ. එනම් එය collective consciousness  එකකි. අතීතයේදී මිනිසා වෙත තීන්දු තීරණ ලබා දුන්නේ මෙමගින් වේ. අව්ව, වැස්ස ආදී සොබාදහම අනුව වැඩ කරන අතීත යුගයක දී සියළු සමාජ ක්‍රියා සිදු වූයේ සාමූහික කණ්ඩායම් ලෙසය. සාමූහික ජන විඥානයක් ලෙසටය.

සැබවින්ම von trier ගේ චිත්‍රපට යනු cultural නිරූපණයක් නොවේ. ඕනෑම සමාජයක් අප වෙත පවසන්නේ ළමයෙකු හදා ගැනීම අප සතු යුතුකම බවයි. ලංකාවේ නම් කිසියම් පවුලකට අර්ථයක් ගෙන එන්නේ දරුවෙකු බිහිවීම තුළිනි. නමුත් මෙම චිත්‍රපටය අපට පවසන්නේ කුමක් ද? පවුලේ එකම දරුවා මරා හෝ එම මැරුන සිද්ධියෙන් පවා විනෝද වන ලෙසය. එනම් මෙම පද්ධතිය අනුව ජිවත් වන කෙනෙකු නොවේ. සැබවින්ම මිනිස් ආත්මය යනු ක්‍රමයට විරුද්ධ වන තර්ජනයට ලක් කරන පුද්ගලයා වේ. (INHuman) නමුත් ලංකාවේ නම් චිත්‍රපට බිහි වන්නේ අපේ සංස්කෘතිය හිස මුදුනේ තබාගෙනම වේ. අප මේ ගත කරන මොහොතේ අධිපති දෘෂ්ටිවාදයක් මුල් කරගෙන චිත්‍රපට බිහිවීමක්ය  ලංකාවේ තිබෙන්නේ. එම නිසා සුවිශේෂී නිර්මාණ අපට අහිමි වී තිබේ. සංස්කෘතියට අභියෝග කරමින් තමා ද එහි ඵලයක් ලෙස සිටීමයි von trier සිදු කරන්නේ. ඔහු සංස්කෘතික ගුරුත්වාකර්ෂණයෙන් මිදී නිර්මාණකරණයේ නියැලී ඇත. උදාහරණයක් ලෙසට ක්‍රිස්තු උත්පත්තියේ දී ආශීර්වාද ලබා දෙන රජ තුන් කට්ටුවක් පැමිණිය ද මෙහිදී පැමිණෙන්නේ සතුන්ගේ වේශයක් යදින්නන් (beggers) පමණි. ඔවුන් කිසිවක් ලබා දෙන්නන් නොව ලබා ගන්නන් වේ.Von trier ගේ සංකේත රූප රාශියක් මෙම චිත්‍රපටය තුළ ගොඩනගන්නේ පරස්පර විරොධී අයුරිනි. අප සැම විටම සිතන්නේ යථාර්ථයේ කිසියම් සාරයක් පවතින්නේ අහසේ බවයි. නමුත් von trier පවසන්නේ යථාර්තය පවතින්නේ පොළොවේ ඇති කුණු ගොඩේ බවය. එය තර්කොස්කිගේ සිනමාවේද දක්නට ලැබෙන ලක්ෂණයකි. සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ වීම හේතුවෙන් මෙම නිර්මාණයට Anti-Christ යන නාමය හොදින් ගැලපේ. චිත්‍රපටය අපව අමතන්නේ ආශීර්වාදයන් සදහා අහස දෙස බැලීම නොව යථාර්ථය දැකීමට නම් හැනිබල්ස්ලා  හා පොළොව දෙස බලන ලෙසය. එය vontrier ට ආවේණික නිර්මාණශීලීත්වයකි. ඔහු පෙන්වන සංකේතීය විරූපී චරිත සංස්කෘතික නිරූපණයක් නොවේ.

නමුත් von trier ගේ චිත්‍රපටවල පවතින්නේ formal logic එකකි. එහි අන්තර්ගතයන් කියවීමට යාම ඵල රහිත දෙයකි. සැබැවින්ම von trier අභියෝග කරන්නේ ද කලාකෘතිය තුළ ඇති මෙම අන්තර්ගතයන්ටම වේ. එම නිසා ඔහු ගොඩ නගන්නේ නව චිත්‍රපට ආකෘතියකි. පැවති ආකෘතිය දෙදරා ගොස් නව ආකෘතියක් පිහිටු වීමකි. මෙවැනි චිත්‍රපට කියවීමේදී එහි කුඩා කුඩා සිද්ධීන් වල අන්තර්ගතයන් පසු පස්සේ යාම චිත්‍රපටය කියවීමට බාධාවක් ය.

අප රටේ බොහෝ චිත්‍රපට නිර්මාණ යනු සංහිදියාවෙන් පිරි සරල වින්දනීය කෘති වේ. එය අගති වලින් ගැලවී රුවන්වැලි සෑය වැදීමට යාමකි. නමුත් බටහිර චිත්‍රපට කලාව යනු නරඹන අප තුළද ස්ත්‍රී දූෂකයෙකු, සොරෙකු හෝ අපරාධකරුවෙකු සිටින බව යන අමිහිරි සත්‍ය අප වෙත පසක් කර දෙන්නකි. එය අගතීන්ගෙන් ගැලවී ප්‍රඥාව ලබා ගැනීම නොවේ. ආනන්දයෙන්  ප්‍රඥාව හිමි කර දෙන්නක් නොවේ. පොලොව මත අප තුළ ඇති ගද වහනය වන කුණු ගොඩේ සත්‍යය පවතින බව පෙන්වන රැඩිකල් ශානරයකි. අප පාරාදීසිය වෙත රැගෙන යන්නේ ශුද්ධ වූ අපාය තුළින් මය.එම වේදනාව අප මුදල්, කාලය වැය කර ලබා ගන්නේ මත් පැන් මිලදී ගෙන පානය කරන අයුරිනි. මත්පැන් පානයෙන් ජිවිතයට කිසිදු තේරුමක් නැත. නමුත් එය අප අතහරින්නේ ද නැත. ජීවිතය යනු කිසිදු තේරුමක් නොමැති (meaningless of everything) යමක් von trier අප වෙත කියා සිටියි. අවසන් වශයෙන් කිව යුත්තේ අපගේ ජීවිතයේ පවතින අර්ථ විරහිත හඹා යාම පැය 2ක් වැනි කෙටිකාලයකට ලඝු කරමින් පෙන්වාදීමේ විප්ලවීය ආකෘතිය Von trier විසින් නැවුම් අයුරින් තිරය මත ගොඩ නගා ඇති අයුරුය.

TI.

සමබිම පක්ෂය.

]]>
http://3mana.com/%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8/feed/ 0
වික්‍රමසිංහ; ක්‍රිස්ටෝෆර් නෝලන් ඇසුරින් විශ්ලේෂණය කිරීම http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%9d%e0%b7%86%e0%b6%bb/ Wed, 06 Mar 2024 04:25:14 +0000 http://3mana.com/?p=22285        

ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට නරඹා ඇති රසිකාවියන් දන්නා පරිදි ඔහුගේ චිත්‍රපට යනු, “බොරුවක්” (Lie) මධ්‍ය කොට සංවිධානය වූ කතන්දරයකි. ඔහුගේ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘The Dark Knight’ (2008) හී ප්‍රධාන චරිතය වන බැට්මෑන් යනු, වෙස් මුහුණක් යට සිටින්නෙකු පමණක් නොවේ. ඔහු මෙම වෙස් මුහුණට යටින් පවතින ප්‍රබන්ධයටත් පිටුපසින් සිටින අපරාධකරුවෙකි. ඔහුගේ චිත්‍රපටවල දී අපට මුණ ගැසෙන බොරුව නැතහොත් කෙප්පය නිසා නෝලන්ගේ චරිත රැවටීමට ලක් වෙයි.  බොහෝවිට, ඔහුගේ චිත්‍රපටවල දී අපට හමුවන කෙප්පයන් පුද්ගලයන් විසින් විවිධ වාසි උදෙසා ගොතන බොරු ද නොවේ. ප්‍රබන්ධකරණය සහ කෙප්ප නිර්මාණය උදෙසා තාක්ෂණික අධෝ ව්‍යුහයක් පවා සැකසී ඇති තත්වයක් – Social Media- තුළ ‘බොරුව’ මගින් සමාජ සබඳතා ව්‍යුහගත වීම අධ්‍යයනය කිරීම දුෂ්කර ය. නෝලන්ගේ චිත්‍රපටවල දී අපට මුණගැසෙන ‘බොරුව’ – deception-පුද්ගල ගතිගුණයකට වඩා එහා ගිය එකකි.

      නෝලන්ගේ සිනමාවේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ, ‘බොරුව’ එහි ආකෘතිය (Form) බවට පත් වීමයි. නෝලන්ගේ චිත්‍රපට තුළ ‘ඇත්ත’ අපට හමුවන්නේ, ‘බොරුව’ කෙළවර වූවාට පසුවය. නෝලන් විසින් වෙනත් කවර සිනමාකරුවෙකුටත් වඩා ‘බොරුවට’ ප්‍රධාන තැනක් ලබා දෙයි. එමගින්, ඔහු ‘බොරුව’ වාස්තවික වුවමනාවකට එහා ගිය ආත්මීය සද්භවයක් -Ontological- බවට පත් කරයි.

        ඔහුගේ චිත්‍රපටවල ව්‍යුහය ගොඩනැගී ඇත්තේ, අපූර්ව ආකාරයකට ය. එම චිත්‍රපටවල මූලික ලක්ෂණයක් වන්නේ, සැබෑ ලෝකයේ සිදු නොවූ සිදුවීම් චිත්‍රපට කතන්දරයට ඇතුලත් කර තිබීමයි. මේ නිසා, ප්‍රේක්ෂකයා බලවත් රැවටීමකට ලක් වෙයි. මින් අදහස් වන්නේ, නෝලන්ගේ මෙම රැවටීම අන්තර්ගතයකට වඩා ආකෘතියක් – Form – බවයි. නෝලන්ගේ සිනමාව නැරඹූ අයට හුරු පුරුදු දෙයක් වන්නේ, මේ ලෝකයේ ඇත්තට සිදු නොවූ සිදුවීම් ඔහු පෙන්වන බවයි. එම නිසා, ‘රැවටීම’ යනු, නෝලන්ගේ චිත්‍රපටවල දී ව්‍යුහාත්මක දෙයක් (ගොඩනැංවීමේ තර්කයක් මිස) මිස අනුභූතික -empirical- සාධකයක් නොවේ. රැවටීම හෝ මුලා කිරීමේ ව්‍යුහාත්මක ස්වභාවය නෝලන් විසින් ප්‍රකාශමාන කරන නිසාම අපට සිදු වන්නේ, සත්‍යය සහ ප්‍රබන්ධය අතර වෙනස පිළිබඳව අලුතින් සිතීමටය.

Memento-

        අපි නෝලන්ගේ ප්‍රධාන මුල්කාලීන චිත්‍රපටයක් වන ‘Memento’ (2000) චිත්‍රපටයට අවධානය යොමු කරමු. චිත්‍රපටය ආරම්භයේදී ම කථානායකයා වන ලෙනාඩ් ෂෙල්බි විසින් තමන්ගේ බිරිඳගේ කෲර ඝාතනයට සැක කරමින් …. ඝාතනය කරන අයුරු දක්වයි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට මෙම දර්ශනය හරහා ලෙනාඩ්ගේ බිරිඳ ඝාතනය කළේ ටෙඩී කියා විශ්වාස කිරීමට සිදුවේ. මෙම චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ, ආපස්සට නිසා එක මොහොතකට පසුව නිශ්චිත අදහසකට ප්‍රේක්ෂකයාට පැමිණීමට හැකිය. එනම්, ලෙනාඩ්ගේ බිරිඳගේ මරණයට ටෙඩී කිසිසේත්ම වගකිව යුතු නැති බවයි.

        චිත්‍රපට කලාවේ ශක්‍යතාවයක් වන ප්‍රබන්ධ ගුණය යොදා ගනිමින් නෝලන් අපට පෙන්වන්නේ, ලෙනාඩ් ෂෙල්බිගේ මනෝභ්‍රාන්තියකි. ඇත්ත වශයෙන්ම, චිත්‍රපටය ආරම්භයේදී අපට පෙන්වන මෙම ඝාතන සිද්ධිය සහ ලෙනාඩ්ගේ බිරිඳ ඝාතනය වීම අතර කිසිදු සම්බන්ධයක් නැත. නමුත්, මෙම දර්ශනය දකින ප්‍රේක්ෂකයා සිතන්නේ එය ලෙනාඩ් තම බිරිඳ ඝාතනය කළ ඝාතකයාගෙන් පළි ගන්නා දර්ශනයක් ලෙසිනි. නෝලන් විසින් තම චිත්‍රපටය ආරම්භයේදීම ප්‍රේක්ෂකයාව මුලා කරමින් මනෝ අගතියකට ලක් කරයි. සාමාන්‍යයෙන්, චිත්‍රපට කලාව අපව පුහුණු කර ඇත්තේ අවිද්‍යාවෙන් දැනුම කරා ගමන් කිරීමටය. ඒ වෙනුවට, නෝලන්ගේ චිත්‍රපට පළමුව ඔබව නොමඟ යවයි. පසුව, එම නොමඟ යැවීම හරහාම සත්‍යය සම්මුඛ කරවයි. සත්‍යයෙන් පටන් ගෙන මුලාව කරා ගමන් කිරීම වෙනුවට විකල්පයක් ලෙස මුලාවෙන් පටන් ගෙන සත්‍යය මුණ ගැස්සවීම නෝලන්ගේ ප්‍රබන්ධ කලාවයි.

      නෝලන්ගේ චිත්‍රපට කලාවේ දේශපාලන මානය කුමක්ද? දෘශ්‍යමානය තුළ දී මිනිසුන් සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට සහ ඒ සඳහා තම ජීවිතය ආයෝජනය කිරීමට ද පැහැදී සිටිති. මෙය, ග්‍රීක දර්ශනයේ සිට පෙරදිග දර්ශනය දක්වා පුළුල් පරාසයක විහිදෙන අගතියකි. සත්‍යය ආලෝකය ලෙසත් බොරුව අන්ධකාරය ලෙසත් සැලකීම දාර්ශනික සහ දේශපාලනික පුරුද්දකි. නෝලන්ගේ චිත්‍රපට කලාව තුළ ප්‍රයෝජනයට ගන්නේ මෙම දේශපාලන අගතිය යි. එනම්, මිනිසුන් සත්‍යය මතට තමන්ගේ සියල්ල ආයෝජනය කරයි. එම නිසා, සත්‍යයට ඇඳෙන මිනිසුන්ව රැවටීම ඉතාම පහසු කාර්යයකි. 

       අපට පෙනෙන්නට තිබෙන දේවල් අප විශ්වාස කරනතාක්, අපව වෙන කෙනෙකුට රැවටීම ඉතාම පහසුය. ඇහැට, කණට පෙනෙන ඇසෙන දේවල් පිළිගන්නා තැනැත්තාව වරදකට පෙළඹවීම ඉතා පහසු ය. අප බොහෝ දෙනෙක් අමතක කරන්නේ, අපට පෙනෙන දේවල්වල සත්‍යය ගොඩනැඟීම සඳහා සෑම විටම ප්‍රබන්ධයක පිහිට පැතීමට සිදුවන බවයි. එනම්, ඇස මත ස්පර්ශ වන අනුභූතිය සතු සත්‍යමානය ඊට සම්බන්ධයක් නැති ප්‍රබන්ධයක් මඟින් ආවරණය කිරීමයි. එම නිසා, යථාර්ථය සහ සංජානනය අතර පැල්මක් බිහි වෙයි. නෝලන් අපට පෙන්වා දෙන්නේ, ඉන්ද්‍රිය ගෝචර සත්‍යය සහ ප්‍රබන්ධයක තිබෙන ගොතන ස්වභාවය අතරින් සද්භාවාත්මක තලයක ප්‍රබන්ධය ප්‍රාථමික බවයි. එනම්, සමකාලීන යුගයේ දී සත්‍යයට වඩා කෙප්පය සමාජ සබඳතා ක්ෂේත්‍රයේ දී අධිනිශ්චය වන බවයි. අද අප ජීවත් වන යුගයේ දී යථාර්ථය නිරූපණය කිරීම යනු, බාහිරින් ඇති දෙයක් නිරූපණය කිරීම නොව බාහිරත්වය ප්‍රබන්ධගත (Objective Fictions) කිරීමයි.

        ඉහත සන්දර්භයට අනුව, නෝලන් විසින් තම ප්‍රේක්ෂකයන් පමණක් නොව තම චිත්‍රපට ආඛ්‍යාන තුළ ජීවත් වන චරිත පවා රවටයි. මෙම රැවටීම් මගින් අදහස් වන්නේ කුමක් ද? පුද්ගලයන් පිළිබඳව සහ සිදුවීම් පිළිබඳව වැරැදි වැටහීම් වලට අපව මේ යුගය පොළඹවන්නේ ඇයි? බොරුවක ගොදුරක් වන චරිතයක් වටහා නොගන්නා සත්‍යය කුමක් ද? කෙනෙකු විශ්වාස කරන දෙයක් සහ එය සැබවින්ම යථාර්ථයේ සිදුවීම අතර යම් පරතරයක් ඇත. නෝලන් මතු කරන්නේ, බොරුවක ගොදුරක් වන්නාගේ ආශාව කුමක්ද යන ගැටලුවයි.

       අප යම් පුද්ගලයෙකුට හෝ සිදුවීමකට රැවටෙන විට දී අප සිතන්නේ, එම මුලාව අදාළ වන්නේ අපගේ අනෙකාට බවයි. එනම්, අපගේ ඥාණ-විභාගයට බවයි. ඉන් අදහස් වන්නේ, අනෙකා පිළිබඳ අපගේ වැරදි වටහා ගැනීම දැනුමට අදාළ සංසිද්ධියක් බවයි. අපට අනෙකා පිළිබඳව ඇති වාස්තවික අවබෝධය පිරිපහදු කිරීමට හැකි නම්, අනෙකා පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබිය හැකිය යන අනුමානය අපට ඇත. නමුත්, අනෙකා පිළිබඳ ප්‍රබන්ධය අනෙකාට වඩා අපටම සම්බන්ධ නම් තත්වය සංකීර්ණ වෙයි. සරලව කිවහොත්, අපව අනෙකා රවටනවා නොව ‘අපට අපවම රවටාගත යුතු නම්’ එය දැනුම පිළිබඳ ගැටලුවක් ද නැතහොත්, තමන්ගේම ආත්මීය ලක්ෂණයක් ද?

     උදාහරණයක් ලෙස, ‘Memento’ චිත්‍රපටයේ ධාවන කාලයෙන් වැඩිම කොටසක් වැය වන්නේ බොරුවක් වේදිකාගත කිරීමට ය. එනම්, ලෙනාඩ් ෂෙල්බිගේ බිරිඳව කිසියම් කෲර ඝාතකයෙක් මරා දමා ඇත. එම මිනීමරුවාව සොයා යෑම ලෙනාඩ්ගේ ජීවිතයේ වැදගත්ම අංගය යි. අපරාධයේ සත්‍යය සෙවීමට ප්‍රේක්ෂකයන් ලෙස අප සියලු දෙනාම සැදී පැහැදී සිටිති. ලෙනාඩ් මෙන්ම අපි ද එම කෲර ඝාතනයේ සත්‍ය ගවේෂකයන් වන්නෙමු. අපි සත්‍යය වෙනුවෙන් අපගේ සියලු මානසික ශක්තිය ඒ සඳහා ආයෝජනය කරන්නෙමු. නමුත්, ඝාතනයට අදාළ සුල මුල සොයාගෙන සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්නට ලඟා වන විට දී චිත්‍රපට ප්‍රබන්ධය අපට පෙන්වන්නේ කුමක් ද? චිත්‍රපටය අවසානයට යන විට දී, ලෙනාඩ් විසින් තමාව ම රවටා ගැනීමට කියන බොරුවක් වටා ප්‍රේක්ෂක අප ලුහුබැන්ඳා නොවේ දැයි අපටම පසක් වෙයි. 

      ලෙනාඩ් ෂෙල්බි තම බිරිඳගේ ඝාතකයා ටෙඩී හෝ වෙන කෙනෙක් යැයි සමපේක්ෂණය කරයි. මෙය, ඔහු විසින් ඔහුටම නිමවා ඇති කෙප්පයකි. මේ කෙප්පය ස්වයං මූලාවකි. මේ ස්වයං මුලාවේ ප්‍රහේලිකාව විසඳන විට දී අපට වැටහෙන්නේ, බිරිඳගේ ඝාතකයා අන්කවරෙකුවත් නොව ලෙනාඩ්ම බවයි. තමා මිනීමරුවෙක් බව වටහා ගැනීම තමාටම ක්ෂතියක් වන නිසා එය අන් කවරෙකුට හෝ පැවරීම සහනයකි. නමුත්, එය තමන්ටමත් අපැහැදිලිය. තමන්ගේ ආත්මීයත්වයේ බිහි වීම තමා විසින් තමාටම කියන බොරුවකට සම්බන්ධ බව ලෙනාඩ්ට අවසානයේ දී වැටහෙයි. මෙම තත්ත්වාරෝපිතය තමන්ටම දරා ගත නොහැකි නිසා එය බාහිර අනෙකෙකුට පවරයි. ප්‍රේක්ෂක අප රැවටෙන්නේ මෙම බාහිර වාස්තවික ප්‍රබන්ධයට ය. ක්‍රිස්ටෝෆර් නෝලන් මෙතැනදි සමකාලීන සත්‍යය පිළිබඳව අලුත් පාඩමක් උගන්වයි. ඔහුට අනුව, සත්‍යය සාපේක්ෂ දෙයක් හෝ නොපවතින්නක් නොවේ. නෝලන්ට අනුව, අපට සත්‍යය හමු වන්නේ විශාල පරිමාණයේ බොරුවක කෙළවරකදී ය. බොරුව අපට පුද්ගලයන් සහ සිදුවීම් පිළිබඳ සත්‍යය උගන්වයි. යම් කෙනෙකුට සත්‍යය අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම්, ඒ තැනැත්තා යම් සත්‍යයක් සඟවන ප්‍රබන්ධයකට වශී විය යුතුය. [හරියට වික්ටර් අයිවන් චන්ද්‍රිකා ප්‍රබන්ධය මගින් තමාවම රවටා ගත්තා සේ.]

       කිසියම් බොරුවක් අප අපගේ සමීප අනෙකාට පැවසීමෙන් හෝ හැඟවීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභය – return- කුමක් ද? එසේත් නැතිනම්, සමකාලීන යුගයේ බොරු කීම ලාභදායක ව්‍යාපාරයක් වන්නේ මන්ද?

       අපි බොරු කීමෙන් ඇත්ත කියනවට වඩා ‘නිදහස’ නම් සාධකයක් නිපදවා ගන්නෙමු. Samsung දුරකථනයක් හරහා අප අපගේ selfie ඡායාරූපයක් makeup app එකක් හරහා යවන විට දී අනෙකා දකින්නේ, අපව නොව ”අපට-වඩා-සුන්දර-අපව ය”. අප බොරු කීමෙන් සහ බොරු කිරීමෙන් ලබන ආස්වාදය අප භුක්ති විඳින්නේ, නිදහසක් – Freedom-ලෙසිනි. විග්‍රහයකින් තොරව කරුණු වටහා ගැනීම දුෂ්කර වන්නේ, අප මෙතැන දී සංස්කෘතික අගති විශාල ප්‍රමාණයක පැටලී සිටින නිසාය.

        අප අපගේ අනෙකාට බොරුවක් පැවසූ විට දී අලුත් හුස්මක් අපට ගත හැක්කේ එමඟින්, ‘අපට අපව පෙනෙන ආකාරය’ සහ ‘අපව අපගේ අනෙකාට පෙනෙන ආකාරය’ අතර වෙනස අපට පහදා ගත හැකි නිසාය.  

         ඉහත ආකාරයේ බොරුවක් නිසා අපට ලැබෙන දෙවන ප්‍රතිලාභය දේශපාලනික එකකි. එමගින්, අපව බාහිර ලෝකයේ ඉල්ලීම් වලින් සෘජුව මෙහෙයවෙන යාන්ත්‍රණය වළක්වා ගත හැකිය. අප බොරුවක් පැවසූ විට දී, එය අසන අපගේ අනෙකා අපව වටහාගන්නේ ‘මා වෙනුවට’ මා-නොවන-මා කෙනෙක්ව ය. මෙය, අනෙකා සහ මා අතර නිර්මාණය කර ගත හැකි අතරමැදි අවකාශයකි. මෙම අතරමැදි අවකාශය නිසා බාහිර අර්ථ විශ්වයෙන් නිදහස්ව මට නිදහසේ සිතිය හැකිය. අපට මෙම අභ්‍යන්තර නිදහසට ආත්මීයත්වය- subjectivity – කියා ද කිව හැකිය. මන්දයත්, ‘තමන්’ කියා අනෙකා වටහා ගන්නේ මා නොවන කෙනෙක් නිසා ය. බොරුවක් අපව වරදකාරී හැඟීමකට යොමු කරනවා නොව නිදහසකට තල්ලු කරනවාය. තමන්ගේ ඇත්ත ගම මින්නේරියව තිබිය දී තම අනෙකාට තම ගම නුගේගොඩ යැයි කීමෙන් එනම්, බොරුවක් කීමෙන් අභ්‍යන්තරිකව නිදහසක් භුක්ති විඳිය හැකිය.

      ලෙනාඩ් ෂෙල්බිගේ ආත්ම මූලිකත්වය යනු, ඔහු තම බිරිඳගේ ඝාතකයා සොයා යෑමේ ආවේශය සහ එහි අඩංගුවට නොවේ. ඊට පරස්පරව, ලෙනාඩ්ගේ ආත්ම මූලිකත්වය යනුවෙන් අදහස් කරන්නේ, ඔහු විසින් ඔහුව රැවටීමට ප්‍රබන්ධයක් නිර්මාණය කරන මොහොතේදී ය. එවිට, ලෙනාඩ් ෂෙල්බිගේ ආත්ම මූලිකත්වය යනු, ඔහු අන්‍යයන් රැවටීමට ගොතන කතන්දරයක් නොව ඔහු ඔහුවම වසඟ කර ගැනීමට ගොතන කතන්දරය (Own Self-deception) යි. එහිදී, අවසාන හේතුඵල සම්බන්ධය වන්නේ ඔහු ඔහුටම බොරුවක් කියා රවටාගන්නා අතර බිරිඳගේ ඝාතකයා ටෙඩී බව තීරණය කිරීමයි. ඒ අනුව, අප අනුන්ට බොරු ගොතනවා පමණක් නොව අපි අප සඳහාම බොරු ගොතන්නෙමු. මෙලෙස අප අපටම බොරුවක් පවසන විට දී එය අපටම විද්‍යාමාන වන්නේ, නිදහසක් ලෙසිනි. මේ අර්ථයෙන් සත්‍යය යනු, ප්‍රබන්ධයේ අසාර්ථක ස්ථානය යි. 

 

 ප්‍රබන්ධයේ හෝ කෙප්පයේ සැබෑව ලෙස  සිහිනය

Inception- 2010.

       අප ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ‘Memento’ චිත්‍රපටයෙන් ‘Inception’ (2010) චිත්‍රපටයේ කතා නායකයා වන ‘ඩොමිනික් කොබ්’ වෙතට හැරෙන්නේ නම්, අප අත්විඳිය යුතු පළමු රැඩිකල් ඛණ්ඩනය කුමක් ද? බොරුව නැතහොත් කෙප්පය සාර්ථක ලෙස පැල කළ හැක්කේ යථාර්ථයේ නොව සිහිනවල දී යන්න Inception (කිසියම් ක්‍රියාවලියක් පටන් ගැනීම) හී තේමාවයි. මෙම හේතුව නිසා, ‘Metrix’ චිත්‍රපටයට වඩා ‘Inception’ රැඩිකල් ය. ‘Metrix’ තුළ දෘෂ්ටිවාදී තිසීසය වන්නේ, අපට බාහිරින් පවතින සංකේතීය ප්‍රබන්ධයන් මඟින් යථාර්ථය සකස් වේ යන්න ය. නමුත්, ‘Inception’  තුළ දෘෂ්ටිවාදී තිසීසය වටහා ගැනීමට අපහසු තරම් දුෂ්කර ය. මෙම චිත්‍රපටය තුළ දී ගැලවීම දුෂ්කර වන්නේ, එහි දී අවදානමට ලක් වන්නේ තමන් කවුද? යන ප්‍රබන්ධය බාහිර යථාර්ථය ව්‍යුහාත්මක වීමේ දී බලපාන ආකාරය එහි දී අනාවරණය වීම නිසා ය. වෙනත් වචන වලින් කිවහොත්, අවිඥාණක ෆැන්ටසීන් පුද්ගලයෙකුව නිෂ්පාදනය කරන ආකාරය හරහා ‘Inception’ හෙළිදරව් වීමයි. 

        නෝලන්ගේ ‘Inception’ තුළ ඇති කතාව ‘Memento’ හා සමාන්තරව ගමන් කරන්නකි. කොබ් චිත්‍රපටය තුළ දී උත්සාහ කරන්නේ, චිත්‍රපටයට සාපේක්ෂව කුඩා දෙයකි. එනම්, සියදිවි නසා ගත් තම බිරිඳගේ මරණයට තමන්ගේ ඇති සම්බන්ධය මකාදමා නිවසට ගොස් දරුවන් දැකීමටය. මෙම නව සන්දර්භය තුළ දී සිය අනන්‍යතාවය අවුල් කරගෙන ලෙනාඩ් ෂෙල්බිට මෙන් යථාර්ථය නිමවන ප්‍රබන්ධ සීරු මාරු කිරීමෙන් කොබ්ට අවශ්‍ය වන දෙය සිදු වන්නේ නැත. කොබ්ට අවශ්‍ය වන්නේ, හැකිතාක් සිහින ලෝකයකට කිඳා බැස සැබෑ ජීවිතයට ඇතුල් වීමට ය. එහිදී, ඔහුට අනුන්ට බොරු කීමට වඩා තමන්ට බොරු කියන ව්‍යාපෘතියක් අවශ්‍යය. 

       සිහිනයෙන් සිහිනයට ගමන් කරන අවුලක් ජනනය කරන ‘Inception’ චිත්‍රපටය බොහෝ විචාරකයන්ට අනුව පිස්සුවකි. නමුත්, අප නිවැරදි සංකල්ප භාවිතා කරන්නේ නම් ප්‍රහේලිකාව වටහාගත හැකිය.

       ‘Memento’ චිත්‍රපටයේ දී ප්‍රේක්ෂිකාවට විසඳීමට ඇති ගැටලුව වන්නේ, ලෙනාඩ් ෂෙල්බිගේ බිරිඳගේ ඝාතකයා කවුද කියා සෙවීම ය. චිත්‍රපටයේ කතාව භ්‍රමණය වන්නේ, මෙම ගැටලුව වටා ය. අවසානයේ දී, ගැටලුව විසඳෙයි. එය සිදු වන්නේ, ආපස්සට ගමන් කිරීමෙනි. එහිදී, ආශා කරන ආත්මය අපට හමු වන්නේ දැනුම සොයන ආත්මයක් ලෙසිනි. නමුත්, ‘Inception’ චිත්‍රපටයේ දී ප්‍රේක්ෂකයාට වැරදි වැටහීමක් ඇති වන්නේ ඔහු හෝ ඇයට යථාර්ථය සහ සිහිනය අතර වෙනස කියවීමට සිදුවන නිසා ය. ‘Inception’ තුළ දී ප්‍රහේලිකාව වන්නේ, යථාර්ථය සහ සිහිනය අතරින් සත්‍යය සෙවීමට අප දරණ වෑයමයි. 

       ෆ්‍රොයිඩ් විසින් පහදන සිහිනයක් අප මෙහිදී විශේෂණය කළහොත්, එය අපගේ කතාවට සම්බන්ධ කළ හැකිය. සිහිනයට අනුව, එක්තරා පියෙක් තම පුතුගේ මරණයට පසු ඔහුගේ මිනිය සාලයේ තබාගෙන වැළපෙයි. දැඩි වෙහෙස නිසා පියාට ටික වේලාවකට පසුව නින්ද යයි. එහිදී, ඔහුට සිහිනයක් පෙනෙයි. එම සිහිනයට අනුව, ඔහු දකින්නේ තම පුතුගේ මිනී පෙට්ටියට ගිනි ඇවිලී ඇති බවයි. ඇත්තටම, පියා ඇහැරී බලන විට දී සාලයේ පත්තු වෙමින් තිබූ ඉටිපන්දමක් වැටී ගොස් එමගින් ජනෙල් තිරවලට ගිනි ඇවිලී ඇත. සිහින විශ්ලේෂණයට අනුව, සිහිනයක් දකින්නා අවදි වන්නේ බාහිර යථාර්ථයේ යම් සිදුවීමක් නිසා ය. උදා:- සීනුවක් නාද වීම, දොරක් වේගයෙන් වැසී යාම, බාහිර කටහඬක් ආදී වශයෙන්. නමුත්, ලැකාන් විසින් කරන සිහින විශ්ලේෂණයට අනුව පියා අවදි වන්නේ ඔහුට ඔහුගේ ආශාවේ දරා ගත නොහැකි ක්ෂතිමයභාවය නිසා ය. එනම්, පියාගේ ආශාව වන්නේ පුතුගේ මරණය යි. එවිට, බාහිර යථාර්ථයට අප අවදි වන්නේ සිහිනය සතු අඛණ්ඩත්වයට බාහිර බාධාවක් සිදුවන නිසා නොවේ. අපට අපගේ අවිඥාණක ආශාව හමු වන්නේ, බාහිර යථාර්ථය තුළ දී නොව සිහින දකින විටදී ය. එවිට, බාහිර යථාර්ථයට අප අවදි වීම සහනයකි. මන්ද, සිහිනය තුළ අප වඩාත් අපහසුතාවයට පත්වන නිසා ය. යථාර්ථය තුළ දී හේතුව ලෙස සැඟව සත්‍යය සැබැවින්ම මතු වන්නේ සිහිනය තුළදී ය.

      ඒ අනුව, ‘Inception’ චිත්‍රපටය බොහෝ විචාරකයන් සිතන පරිදි ප්‍රේක්ෂකයාව මුලා කරන්නේ නැත. එනම්, ෆැන්ටසිය සහ මායාව අතර වෙනස අවුල් කර දැමීම වෙනුවට චිත්‍රපටය අපව යොමු කරන්නේ සිහිනයේ ප්‍රබන්ධය දෙසටය.

       ‘ලෙනාඩ් ෂෙල්බි’ සහ ‘ඩොමිනික් කොබ්’ යන කතා නායකයන් දෙදෙනාගේම බිරින්දෑවරුන් අපට හමු වන්නේ, කතා නායකයන්ගේ ෆැන්ටසි හරහා මිස ස්වාධීන චරිත හරහා නොවේ. දෙදෙනාම අපට හමු වන්නේ, ඔවුන්ගේ මරණයට පසුව ය. මෙයට අමතරව, මෙම පිරිමි චරිත දෙකම ධාවනය වන්නේ වරදකාරීත්වය (Guilt) නම් මානසික ව්‍යුහය මගිනි.

      අපි මේ දක්වා කෙප්පය නැතහොත්, බොරුව සමාජ සබඳතා ක්ෂේත්‍රයේ ගැට ගැසෙන අවස්ථා දෙකක් හඳුන්වා දුන්නෙමු. එකක්, සත්‍යය කරා ගමන් කළ හැකි මාර්ගයක් ලෙස බොරුව/ කෙප්පය හඳුන්වා දීමයි. දෙවනුව, සිහින ලෝකයට ගොස් මිනිසුන්ගේ මනස් තුළ අලුතින් සිහින පැල කිරීමයි. එය, යථාර්ථය නිර්මාණය කිරීමට බොරු ගොතනවාට වඩා රැඩිකල් ය. මන්දයත්, එහි දී අපගේ ආශාවට හැකිතාක් ප්‍රසාරණය වීමට ඇති විභවතාවය අනන්තය දක්වා පිළිගත හැකි නිසා ය. සමහරුන් ‘Inception’ චිත්‍රපටයට හරයක් නැතැයි කියන්නේ මේ නිසා ය.

       කෙසේ නමුත්, චිත්‍රපටයේ කතා නායකයා අවසානයේ දී තම පියාට ඇහුම්කන් දී ‘සිහින ලෝකය’ වෙනුවට ‘යථාර්ථය’ තෝරා ගනියි . මෙය, ප්‍රබන්ධයකට ගමන් කළ හැකි තවත් මානයකි. සිග්මන් ෆ්‍රොයිඩ් විසින් සමාජය පිළිබඳව නිපදවා ඇති සම්භව කතාව මතක් කිරීම වැදගත් විය හැකිය. එය, එක්තරා මට්ටමකට වියුක්ත උපමා කතාවකි. ඊට අනුව, පියා යනු, සියලු ස්ත්‍රීන් පරිභෝජනය කරන සහ විනෝදය සීමාකමකින් තොරව ග්‍රහණය කරන ප්‍රාථමික ආශා ඇති පුද්ගලයෙකි. එක්තරා මොහොතකට පසුව, පුතුන් සියලු දෙනා එක්සත් වී මෙම ප්‍රාථමික පියා ඝාතනය කර සීමිත බව යන අලුත් සමාජ බන්ධනය සමාජයට හඳුන්වා දෙයි. මෙම ඝාතනය නිසා සියලුම පුතුන් තුළ වරදකාරී හැඟීමක් ඇති නමුත් ඒ කිසිවෙකු ප්‍රාථමික පියෙකු වීමට උත්සාහ දරන්නේ නැත. ආශාව සහ ආශා කරන වස්තුව අතර බාධාව ලෙස පිහිටන්නේ මෙම පීතෘ රූපකය යි. ‘Inception’ ‍චිත්‍රපටයේ කතා නායකයා වන කොබ් එක්තරා මොහොතකට පසුව සිහිනය නම් ප්‍රබන්ධය වෙනුවට පීතෘ නීතිය නම් ප්‍රබන්ධය තෝරා ගනියි. එමගින්, ඔහු එක්තරා උමතුවකින් ගැලවෙයි. චිත්‍රපටයේ අවසානය උභයාවේගී ය. 

       ‘Inception’ චිත්‍රපටයේ ආඛ්‍යානය කෙතරම් සංකීර්ණ වූවත් එමඟින් නිරූපිත මානව යථාර්ථය සරලය. ඩොමිනික් කොබ් නම් පියාට අවශ්‍ය කරන්නේ, තම ෆැන්ටාස්මැතික වස්තුව අතහැර තම දරුවන් දෙදෙනා සමඟ එකතු වීමට ය. ඔහු මේ ඇතුල් වන්නේ යථාර්ථයට ද නැතහොත්, සිහිනයට ද යන්න තීරණය වනු ඇත්තේ කැරකෙන බඹරයට හිමි අනාගත පිහිටුම මඟිනි.

         අවශ්‍ය කෙනෙකුට මාක්ස් ජීවත් වූ 19 වන සියවසේ ධනවාදී සමාජය පිළිබඳව මෙනෙහි කළ හැකිය. එම සන්දර්භය තුළ දී කිසියම් ධනපතියෙක් කිසියම් ප්‍රාග්ධනයක් යොදවා ශ්‍රම ශක්තිය මිලට ගෙන යම් භාණ්ඩයක් නිෂ්පාදනය කර වෙළඳපොලේ විකුණා කිසියම් අතිරික්ත-වටිනාකමක් එකතු කර ගනියි.

         නමුත්, සමකාලීන ධනවාදය නැතහොත්, 21 වැනි සියවසේ ”සංඥාර්ථවේදී ධනවාදී සමාජය” (Semiotic Capitalism) තුළ සිදු වන්නේ කුමක්ද?

         කිසියම් පුද්ගලයෙකුට බොරුවක් කියා අපට බාහිර වාස්තවික යථාර්ථයක් නිපදවිය හැකිය. මෙවැනි සංඥාර්ථවේදී ධනවාදී සමාජ-සබඳතා තුළ දී සත්‍යයට වඩා ප්‍රාථමික වන්නේ කෙප්පය යි. මෙම කෙප්පය නිසා ප්‍රතිවිපාක විශාල සංඛ්‍යාවක් සමාජය ලෝකය තුළ හටගත හැකිය. කෙප්පය අවසන් වශයෙන් අපව රැගෙන යන්නේ, සමාජ යථාර්ථය දෙසට නොව අපගේම අවිඥාණක ආශාව දෙසට ය. අපගේ ජීවිතවලට අර්ථය එන්නේ, අපගේම ආශාව පිටුපස සිදු කරන බඩගෑමයි. ලෙනාඩ් ෂෙල්බි විසින් ඔහුටම කියන කෙප්පය යනු, ඔහුගේ ආශාවේ සත්‍යය යි. ඔහුට කිසිවිටෙක දී ඔහුගේ බිරිඳගේ ඝාතකයා සෙවිය යුතු නැත. අවශ්‍ය වන්නේ, මේ ඝාතකයා පසුපස පැන්නීම පමණි. මෙම ව්‍යාජ පැන්නිල්ලෙන් තොරව ලෙනාඩ්ගේ ජීවිතය යනු හිස් කඩදාසියකි. එම නිසා, ඔහු ඔහුගේ ආශාව මඟහරියි. නූතන ධනවාදය චලනය කරවන්නේ මෙවන් ආත්මයන් මිස ශ්‍රමිකයන් නොවේ. මෙම ආත්මය – subject – අවබෝධ කර ගැනීමට අනුභූතිවාදයෙන් සංඥාර්ථවේදයට පැනිය යුතු ය. 

This masterpiece needs to be sent into space to show other civilizations that there is something good in us. Father or Fantasy ?

Deepthi Kumara Gunarathne.

 

]]>
ආර්ථික අර්බුදය, ජාජබයේ බහු රූ කෝලම් සහ අනාගත සමාජය. http://3mana.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b6%a2%e0%b7%8f%e0%b6%a2%e0%b6%b6%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b6%e0%b7%84/ Mon, 26 Feb 2024 01:36:17 +0000 http://3mana.com/?p=22280 ලංකාවේ වැඩ වසම් චින්තනය අභිබවා යාමට නොහැකිවීම නිසා ඇතිවූ නිදන්ගත දරිද්‍රතාවය මත ගැටගැසුනු සමාජ-ආර්ථික ගැටලුව හෙවත් ලංකාවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඇති වූ ආර්ථික මළ ගම මත කෝලම් නැටීමේ විගඩම අනුර කුමාර ඇතුලු ජාතික ජනබලවේගය ආරම්කර ඇත.
දැනටමත් ලංකාවේ අනාගත නොනිල ජනාධිපති වරයා වී ඇතැයි සිතා සිටිනා අනුර කුමාරත් ජාජබ යත් කරමින් සිටින්නේ කුමක්දැයි න්‍යායිකව තේරුම් ගැනීමට බලමු.


සජබ යේ සජිත්ගේ කෝලම් වලට වඩා ජාජබ යේ කෝලම් ගැන කතා කිරීම අපට වැදගත් වන්නේ ඔවුන් සමාජය සැබෑ ලෙස වෙනස් කිරීම වෙනුවෙන් ක්‍රියා කරන නව මාක්ස් ලෙනින් වාදී පක්ශයක් බව ප්‍රතික්ෂේප කර නැති නිසාය. (අප පැහැදිලිවම නව වමක් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කල යුතුයි ).
ව්‍යුහවාදය (structurlism/ post structurlism ) මත පදනම්ව සමාජය තේරුම් ගන්නා අප බාහිරින් දිස්වන කිසිදු අනන්‍යතාවයක් ඒ ආකාරයෙන් පවතින බව විශ්වාස නොකරයි. එබැවින් “ජේවීපීය” යනුවෙන් බාහිරින් පෙන්වන එයටම පොදුවූ අනන්‍යතාවයක් නැති බව ඔවුන් පිලි නොගත්තද අපි නම් දනිමු.(මාක්ස්වාදීන්,නිර්ධනීන්, පීඩිතයින්,ධනපති විරෝධීන් ආදී ලෙස) එහෙත් දේශපාලන බලවේගයක් පදනම් වන න්‍යායික මූල ධර්ම වල තිබිය යුතුය. සංගත බාවය අප ඉහත සදහන් කල ‘අනන්‍යතාවය’න් සමග පටලවා නොගත යුතුය. අපගේ න්‍යායික ආස්ථානයන් කිසි විටකත් වෙනස් වී නැති බවත් ඒ තුල න්‍යායික පරස්පරයන් නැති බවත් අවධාරනය කල යුතුය.


එබැවින් ජේවීපීය එදා පෙන්වන ලද දේශපාලන අනන්‍යතාවයන් වූ ඉන්දියන් විරෝධය, ජාතීමාමකත්වය, සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය ආදියට අද සිදුවී ඇත්තේ කුමක්දැයි අප අසන්නේ නැත. එම සටන්පාට යනු හිස් වචන මිස (signifiers) ඒවායේ කිසිදු සාරාත්මක බාවයක් එදා මෙන්ම අද ද නොපවතින බව අපි දනිමු ( යමකට එහිම වූ ස්වරූපයක් නැත- thing in itself ).
ඓතිහාසික දේශපාලන බාවිතාව තුල ඔවුන් ප්‍රදර්ශනය කරමින් සහ අත්දකිමින් සිටින දේශපාලන සත්‍ය යනු මෙම අනන්‍යතා විරහිත බව වුවද, ඔවුන්ගේ න්‍යාය සම්පූර්නයෙන්ම නියෝජනය කරන්නේ සහ මරාගෙන මැරෙන බවට කෑ ගසන්නේ මෙම ඔවුන් කියන අනන්‍යතාවයන් ආරක්ෂා කරන බවටය.( නිර්ධනයා,ධනපතියා,ජාතිය, දේශීයත්වය, බටහිර විරෝධීන් ).

මාක්ස්වාදය මත පදනම් වන්නේ යැයි කියන වාමාංශික දේශපාලන පක්ශයක න්‍යායික දේශපාලන ආස්ථානය සහ තම දේශපාලන බාවිතාව අතර න්‍යාය විරෝධයන් තිබිය නොහැකිය.(උදා:අනන්‍යතාවයන් වෙනුවෙන් මරාගෙන මැරෙන බව කියමින් තමන්ට කිසිදු අනන්‍යතාවයක් නැති බව ප්‍රදර්ශනය කිරීම න්‍යාය විරෝධීය). තමන් නියෝජනය කරන පන්ති පදනම හෝ ජනපදනම පැහැදිලි කල යුතුය. තමන්ගේ ඍජු ආර්ථික වැඩ පිලිවෙල සහ එහි කණ්ඩනයන් ඇති නම් ඒවා නිශ්චිතව දැක්විය යුතුය, එහි පරස්පරතා නොතිබිය යුතුය.ජාජබ යේ මෑත ක්‍රියාකාරීත්වය දෙස බැලූවිට එය කිසිසේත්ම තවදුරටත් ඔවුන් පෙනී සිටින බව කියන මාක්ස්වාදී පක්ශයක් නොවේ.


ජේවීපී පිලිබද නිවැරැදිම මාක්ස්වාදී අර්ථ කතනය දුන්නේ විකොස නියෝජනය කල කීර්ති බාලසූරිය සහෝදරයා වන අතර ඔහුගේ විග්‍රයට මෙයයි.


“ ජනතා විමුක්ති පෙරමුණ බිහිව ඇත්තේ, ඔවුන් ‘ජනතාව’ යැයි හඳුන්වන ලංකාවේ සිංහල සුළු ධනපති පන්තියේ දුක් වේදනා තුළින්ම ය. මේ සංවිධානය සිංහල සුළු ධනේශ්වර තට්ටුවේ ‘විමුක්තිය’ සඳහා සටන් කරන සංවිධානයක් පමණි. ඔවුන් ‘ජනතාව’ කියන්නේ, ඉහත සමාජ තීරයට ය. මාක්ස්වාදීන් විසින් ‘නිර්ධනයා’ යනුවෙන් සංකල්පගත කරන්නේ, ඉහත තට්ටුව නොවේ.”

– ජවිපෙ දේශපාලනය සහ පන්ති ස්වභාවය; 39–


කීර්ති බාලසූරිය 70 දශකය තුල ඉදිරිපත් කල විග්‍රහයෙන් පසු අවුරුදු පනහකට වඩා වයස් ගත ජේවීපී සම්බන්ධයෙන් අද අප හමුවේ ඇති ගැටලුව වන්නේ මෙය මාක්ස්වාදී පක්ශක්ද නැද්ද යන්න සොයා බැලීම නොව යූන්පී හෝ සජබ යෙන් වෙන් වෙන්නේ කෙසේද කියා දැන ගැනීමය.
න්‍යායිකව විග්‍රහ කර බැලූවිට එම පක්ශ හා ජේවීපීය අතර කිසිදු කණ්ඩනයක් ඇත්තේ නැත.

~ ලිබරල් ධනේශ්වර පක්ශ පිලිගන්නා මූලික ස්ථාවරයන්.
1.ප්‍රාග්ධනයේ නිදහස් හැසිරීම සහ ලාභය මත පදනම් වන නිදහස් වෙළෙඳ පොල සහ විවෘත ආර්ථිකය පිලිගැනීම.
2.පෞද්ගලික දේපල අයිතිය, පෞද්ගලිකත්වය පිලිගැනීම.
3. පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණය පිලිගැනීම.
4. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස පිලිගැනීම සහ ආරක්ෂා කිරීම .


මෙම මූලික අංග කිසිවකින් බැහැර වන බවක් ජේවීපීය කිසිවිටකත් පවසන්නේ නැත.
ධනවාදී ආර්ථිකය කැරකෙන මෙම මූලික යාන්ත්‍රනයට කිසිදු විරෝධයක් නොදක්වන එමෙන්ම කිසිදු සාධනීය විකල්පයක් ද යෝජනා නොකරන ජේවීපීය මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමේදී අපට හමුවන අනිවාර්‍ය අතුරු ඵලයන් පමනක් නැති කරන බවට පුරසාරම් දෙයි. එනම් ඔවුන් හොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයින්, දූශිතයන් , කොමිස් කාක්කන් නැති කරන බවයි. වාහනයක් ධාවනය කරන විට දුම් පිටවීම නතර කල නොහැකිවාක් මෙන්ම, සයිලන්සරය ගලවා දැමීම කල නොහැකි වාක් මෙන්ම අඩු දියුණු ධනවාදය තුල පවතින නාස්තිය දූශනය ,සොරකම, වංචාව නතර කල නොහැකිය. එය නතර වූ පමනින්ද දැනට අන්තර් ජාතික වශයෙන් අප මුහුන දී සිටින ආර්ථික අර්බුදයට කිසිදු විසදුමක් නොලැබෙන අතර ධනවාදය තුල අතිරික්ත වටිනාකම එකතු වීම නිසා ඇතිවන සමාජ අසමානතාවය පිලිබද ගැටලු විසදෙන්නේද නැත.


මේ අනුව බැලූවිට ජේවීපී ය කුමන පක්ශයක් ලෙස පෙනී සිටියද, කුමන පක්ශයක් යැයි සිතා සිටියද එය ඔවුන් අර්ථකථනය කරන වාමාංශික මාක්ස්වාදී පක්ශයක ලක්ෂණ පෙන්නුම් නොකරයි ( classical Marxist party ).

~පුද්ගලයා සහ පක්ශය මෙහෙයවීමේ සුක්කානම අහිමිවී ස්වයං පාලනයකට නතු වීම (automation)
පශ්චාත් නූතනත්වය තුල තවදුරටත් පුද්ගලයා ක්‍රියාත්මක වනුයේ සවිංඥානක තර්කනයකට යටත්ව නොවේ.


සම්භාව්‍ය ධනවාදය තුල පැවති ශ්‍රමය මූලිකව ඇතිවුනු ආර්ථිකය ක්‍රියාත්මක වූ අධෝව්‍යුහය සහ උපරි ව්‍යුහය අතර තිබූ සම්බන්ධය සම්පූර්නයෙන්ම අහෝසි වී ඇත. තව දුරටත් අධෝව්‍යුහය මගින් උපරි ව්‍යුහය පාලනය නොවන අතර උපරි ව්‍යුහය ස්වාධීන වී ඇත. මෙම උපරි ව්‍යුහය සහ අධෝව්‍යුහය අතර ඇති සම්බන්ධය නූතන ධනවාදය තුල වලංගු නොවන අතර උපරි ව්‍යුහය සම්පූර්නයෙන්ම පුද්ගල විනෝදය මත ගොඩ නැගෙන දෘෂ්ටිවාදය මගින් විස්ථාපනය වී ඇත.


ඒ අනුව පශ්චාත් නූතන සමාජය තුල පුද්ගලයා මෙහෙය වනුයේ සබුද්ධික සවිංඥානක ආත්මයක් මගින් නොව විනෝද වන පුද්ගල ආත්මය තුලිනි. එබැවින් සමාජ යථාර්ථය හෝ පුද්ගලයාගේ ජීවන යථාර්ථය පුද්ගලයාගේ ක්‍රියා කාරීත්වයට තාර්කික සම්බන්දයක් නොදක්වයි. යථාර්ථය සමග සම්බන්ධවනුයේ අපගේ විනෝදයයි.


අපි මෙය උදාහරණයක් හරහා තේරුම් ගැනීමට බලමු.


පසුගියදා චම්පික රණවකගේ පක්ශය ප්‍රවර්ධනය කිරීම සදහා රැස්වීමක් සංවිධානය කරන ලද අතර ඒ සදහා කිසිදු තාර්කික සම්බන්ධයක් නැති පුද්ගලයන්ට ආරාධනා කර තිබුණි.ඔහුගේ දර්ශනයට පක්ශ ,විපක්ශ ,සතුරා සියලු අය පැමින සිටියහ. ඒ අතර සිටි නිර්මාල් රංජිත් ආචාර්‍ය වරයා චම්පික සමග චායාරූපයකටද පෙනී සිටි අතර ඒ මොහොතේම චම්පිකගේ දේශපාලනය විවේචනය කර නිර්මාල්ගේ මුහුණු පොතේ සටහනක් ද ලියයි. එය චම්පිකටද නිර්මාල්ටද කිසි ගැටලුවක් නැත. එසේ වන්නේ ඔවුන් කරනු ලබන කිසිවක් පවතින යථාර්ථය ට සම්බන්ධ නොවන අතර සම්බන්ධ වන්නේ ඔවුන්ගේ විනෝදයටය.( චම්පිකටවත් නිර්මාල්ටවත් අර්බුද කාරී සමාජ දේශපාලන යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය නැත )
මෙම කාරනය බොහෝ දේශපාලන පක්ශ වලටද එලෙසම පොදුය.


මෙය ජේවීපීය හරහා තේරුම් කර ගැනීමට බලමු.

ජේවීපී ය දෙස බැලූවිට මේ වන විට අපට පෙනී යන කාරනය වන්නේ ඔවුන් දේශපාලන බලය ගෙන සමාජ-ආර්ථික ප්‍රශ්න සැබෑලෙස විසදීමට බලාපොරොත්තු වන කණ්ඩායම කට වඩා පශ්චාත් නූතන සමාජය තුල “දේශපාලන පක්ශය” යන්න වෙළද පොල තුල අලෙවි කරනය කරමින් සිටින බවකි. සමාජ යථාර්ථය සහ ජේවීපී යේ වැඩ පිලිවෙල අතර කිසිදු සංගත බාවයක් නැත. සමාජ යථාර්ථය වෙනස් කරන ( ඔවුන්ට අනුව සමාජ වාදී විප්ලවය ) පෙරටුගාමී පක්ශයක් වෙනුවට 69 ලක්ශයක ජහමනයාගේ විනෝද සාධකය මත ගොඩනැගුනු දෘෂ්ටිවාදයන් ක්‍රියාත්මක කරන විනෝද සමාගමක් බවට පත්ව ඇත .


අප මුහුන දී ඇති සමාජ යථාර්ථය යනු ධනේශ්වර ආර්ථික අර්බුදයයි. එහිදී ආර්ථික වැඩපිලිවෙල අති මූලිකය.එහෙත් ජේවීපීයේ මූලිකත්වය ඇත්තේ බලය ලබා ගැනීම යන්න පමනය, බලය ලබා ගන්නේ කුමකටද යන්නට ඇත්තේ යථාර්ථය සමග කිසිදු සම්බන්ධයක් නැති ෆැන්ටාස්මතික (මනෝරාජික) අදහස් ය. යථාර්ථය තුල විසදාගත යුතු ආර්ථික ගැටලුවට මනෝරාජික විසදුම් ඉදිරිපත් කරමින් බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතාම පසුගාමී රාජපක්ෂ ජන පදනම ආමන්ත්‍රණය කිරීම එකම විසදුම ලෙස ක්‍රියා කරයි (ගෝඨාභය කරන ලද දේ ඔහුට වඩා හොදින් කල යුතු බව සිතීම).
මෙය ඉතිහාසය තුල පෙර නොවූ විරූ තත්ත්වයකි.තවදුරටත් තම පක්ශය මෙහෙය වනුයේ පෙරටු ගාමී පක්ශයක සවිංඥානකත්වයෙන් නොව විනෝද සාධකයන් මගිනි.එහි නායකයන්ද, පක්ශ සාමාජිකයන්ද,සමාජ ජාලා වල විපරිතයන්ගේ ක්‍රියාකාරීත්වයද පවතින සමාජ දේශපාලන යථාර්ථය සමග සමපාත වීමක් නැත. සියලු දෙනා මෙහෙය වනුයේ සහ ක්‍රියාකරනුයේ අද්භූත බලවේගයකින් මෙනි. කුමක් කුමන අරමුණකින් කරන්නේද යන්න පිලිබද කිසිවක් දන්නේ නැත,එහෙත් අධික්‍රියාකාරීය (automation ).සියල්ල පිටුපස ඇත්තේ පුද්ගල විනෝදයයි (enjoyment in psychoanalysis ). මෙම පුද්ගල විනෝදය නැමති සාධකය බලය ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපාරයකට මෙන්ම පුද්ගල ජීවිතය තුලද සම්පූර්නයෙන්ම බැහැර කල නොහැකිය. එහෙත් මෙම විනෝදය පිලිනොගනිමින් සහ විවේචනය (critique ) කර නොගනමින් දෘෂ්ටිවාදයන් මත පදනම්ව කරනු ලබන දේශපාලනය නිශ්ඵලය. ජේවීපීයේ ප්‍රායෝගික සමාජ දේශපාලන විසදුම් සහ විනෝද සාධකය විසින් මෙහෙය වන සමාජ බලවේග අතර කිසිදු සංගත බාවයක් නැත. එම විනෝදය තම අනෙකාගේ විනෝදය රගදක්වන විපරිත විනෝද ආකෘතියකි, එවැන්නකට දිය හැකි ලගම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ විසින් රගදක්වන ලද දේශපාලන බාවිතාවයි.

~නූතන බලය යනු කුමක්ද ?


ජේවීපී යේ බලය පිලිබද අදහසද ඉතා පසුගාමීය, ඔවුන් තවම අභ්‍යාස කරන්නේ ප්‍රංශ විප්ලවයට පෙර පැවති රාජ්‍යත්වයට සම්බන්ධ බල පිරමිඩයේ ඉහල සිට පහලට ක්‍රියාත්මක වන බල සම්බන්ධයකි. නමුත් නූතන බලය යනු බලපිරමිඩයේ ඉහල සිට පහලට ක්‍රියාත්මක වන බලයක් නොව පහල සිට ඉහලට ජනතාව හරහා ක්‍රියාත්මක කරනු ලබන නව බල ආකෘතියකි. එය අනුර කුමාර හිතන පරිදි ක්‍රියාත්මක වන බලයක් නොවේ. බලය අභ්‍යාස කල හැක්කේ ජනතාව තුලිනි. සමාජය වෙනස් කිරීම සදහා ජනතාව තුල චින්තන විප්ලවයක් සිදුකල යුතු යැයි අප කියන්නේ ඒ නිසයි. එසේ නොමැතිව ජහමනයා ඇන්දීමෙන් ලබා ගන්නා බලය යනු සමාජය වෙනස් කිරීමට අවශ්‍ය නූතන බලය නොවේ.( එය කුමක්දැයි තේරුම් ගැනීමට හොදම උදාහරණය රාජපක්ෂලා අභ්‍යාස කල බලයයි).

ජේවීපී ය යනු තවදුරටත් සමාජය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරන පක්ශ ආකෘතියක් නොව ධනවාදී වෙළද පොල තුල අලෙවි වන පක්ශ ආකෘතියකි. ඔවුන් වර්ධනය කරන්නේ ධනවාදයට විකල්පයන් නොව ධනවාදයේ සුලභ ආශාවන් ය. ‘පක්ශය’ යන්නම වෙළද පොල තර්කනයට ගෙන ඇත. සමාජය වෙනස් කරන පෙරටු ගාමී පක්ශ ආකෘතිය වෙනුවට ධනවාදය තුල විනෝද වන පුද්ගල ආත්මයන් සතුටු කිරීම යන්න තෝරාගෙන ඇත.


රාජපක්ෂලාගේ රැස්වීම් ජහමනයාගෙන් පුරවපු බැවින් ජේවීපීයත් එය කරන්නේය, ලංකාවේ ග්‍රාමීය ගැහැනුන් රාජපක්ෂලා අත පත ගෑ නිසා අනුර කුමාරවත් ගැහැනු අත පත ගාන බව පෙන්නන්නේය,
රාජපක්ෂලා සමග යුධ විරුවන් සිටියේය, දැන් යුධ විරුවන් සිටින්නේ ඔවුන් සමග බව පෙන්වයි, එදා මුදලාලිලා සිටියේ රාජපක්ෂලා සමග වුවද දැන් ඔවුන් සිටින්නේ ජේවීපීය සමග බව පෙන්වයි, එදා ජාතිවාදීන් හිටියේ රාජපක්ෂලා සමග වුවද අද සිටින්නේද ජේවීපීය සමගය, බහු ජාතික සමාගම් රනිල් එක්ක නොව ඊට වඩා හොදට අනුර කුමාර සමග ගනු දෙනු කරන බව කියයි,ඇමරිකාව ඉන්දියාව රනිල්ට වඩා හොදට ජේවීපීය සමග වැඩ කරනවා යන්න පෙන්වීම ජේවීපීයේ ප්‍රධාන දේශපාලන උපක්‍රමයයි.


< පෙරලා දැමිය හැකි අපෙන් පරි බාහිර ධනවාදය නැමැති සතුරෙක් ඇත්තටම පවතින්නේද ?


පශ්චාත් නූතන ධනවාදය යනු තවදුරටත් එලියේ අපිට පරිබාහිරව පවතින ධනවාදයක් නොවේ, එබැවින් ධනවාදයට බාහිරින් කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු පක්ශයකටද පැවතිය නොහැක .
ජේවීපීය තවම සිතන්නේ ධනවාදය යනුවෙන් අපට එලියෙන්,පරිබාහිරව, දුෂ්ඨ වූ යමක් පවතිනවා කියාය.එලෙසම අප ඒ පිලිබද සවිංඥානක වීමෙන් සහ ධනවාදයට විරුද්ධ වීමෙන් අපට ධනවාදයෙන් ගැලවිය හැකි බවයි.


නමුත් පශ්චාත් නූතන ධනවාදය යනු එලෙස බාහිරව පවතින්නක් නොවේ , එය පවතින්නේ අප සියලු දෙනාගේ අභ්‍යන්තරය තුල නැතහොත් ආත්මීයත්වය තුලය. එබැවින් ධනවාදයට එරෙහිව කෑ ගසන සියලු දෙනාම තමන්ගේ කෑ ගැසීම හරහා තමන් ධනවාදයේ හතුරන් බව පෙන්නුවද එවැන්නක් සැබවින් සිදුවන්නේ නැත. සිදුවන එකම දෙය වන්නේ තව තවත් ධනවාදයට ආකර්ශන වී,එහි ගොදුරු බවට පත් වී ධනවාදයේ පතුලටම ඇද වැටීමය. ධනවාදයේ ගිලී ඇති බව කොතරම් වසන් කිරීමට හැදුවද ඒ හැම විටම පෙනෙන්නේ ඔවුන් ධනවාදය තුල කොතරම් විනෝද වනවාද කියාය.
(අප සියලු දෙනා ඉන්නේ ධනවාදය තුලය, අපට ජීවත් වීමට ධනවාදයට පරිබාහිර පිටත ලෝකයක් නැත. අනුර කුමාර branded shirts අදින්නේ ඔහුගේ විරුද්ධ වාදීන් කුලප්පු කිරීමට බව කිව්වද ඔහු එම ඇදුම් වලට දක්වන ආශාව ඔහු දෙස බැලූවිට තේරුම් ගත හැක. ඔහු කොතරම් සිහිබුද්දියෙන් වැඩ කරන සංවිඥානක පුද්ගලයකු බව කියන්නට උත්සාහ කලද ඔහුගේ අවිංඥානක ආශාවෙන්, ඔහු විනෝද වන අවිංඥානක ධනවාදී ආත්මයෙන් ඔහුට පලා යා නොහැකිය. ඔහු ඇතුලු ජේවීපීය ප්‍රතික්ෂේප කරන්නේ මෙම කටුක සත්‍යයි. ඔවුන් නරුම වාදී වන්නේ මෙතැනදිය. අප සියලු දෙනා බාහිරව සහ අභ්‍යන්තරිකව ධනවාදයට ගැට ගැසී ඇත. නව අරුතකින් විමුක්තියක් ලැබීම යනු මෙය තුලම සිටිමින් මෙය අභ්‍යන්තරිකව බිද වැට්ටවීමයි).

මෙම අභ්‍යන්තරිකව මෙහෙය වන ධනවාදය කුමක්ද යන්න තේරුම් ගැනීම සහ ඉන් ගැලවීමේ දේශපාලන ප්‍රවේශයක් සොයා ගැනීම යනු ලෝක දේශපාලනයේ සුසමාදර්ශී ප්‍රවේශයකි, (paradigm shift ) නවතාවයකි. එමෙන්ම ඉතා දුශ්කර ව්‍යායාමයකි. එම අභියෝගයට මුහුණ දෙන නූතන වම හමුවේ ප්‍රධාන සතුරු කදවුරු දෙකක් ඇත, එකක් වන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තරය තුල සිට මෙහෙය වන නව ධනවාදය වන අතර අනෙක් සතුරු කදවුර වී ඇත්තේ, එලියේ ධනවාදයක් පවතින්නේ යැයි සිතා එය බිද දැමීමට කටයුතු කරන සම්ප්‍රදායික ගතානුගතික ඊනියා වාමාංශික කදවුරයි (නැති සතුරෙකුට එරෙහිව සටන් කරන බව කියන).
මේ කදවුරු දෙකම අභිවන්නේ කෙලෙසද යන්න නූතන වම හමුවේ ඇති අභියෝගයයි. ඉන් මෙපිට සැබෑ සමාජ වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

චන්දන රණසිංහ.

]]>
සංකල්පීයව රංජන් විජේරත්න වන්න! http://3mana.com/%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%ba%e0%b7%80-%e0%b6%bb%e0%b6%82%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1/ http://3mana.com/%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%ba%e0%b7%80-%e0%b6%bb%e0%b6%82%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1/#comments Fri, 16 Feb 2024 08:27:26 +0000 http://3mana.com/?p=22272 80 මුල සිට පලස්තීන විමුක්ති සංවිධානයේ සිට ලතින් ඇමරිකානු ගරිල්ලා ව්‍යාපාර හරහා ලංකාව තුළ ද අධිනිශ්චය වූයේ, සන්නද්ධ අරගල ආකෘතිය යි. ලංකාවේ ජනගහනයෙන් දළ වශයෙන්, 80% ක් පමණ ජීවත් වන්නේ ගම්බද ප්‍රදේශවල ය. මෙම ප්‍රදේශවල මූලික ප්‍රතිවිරෝධතාවය වන්නේ, ‘ප්‍රාග්ධනය’ නොමැතිකමය. එවිට, ශ්‍රමය සංවිධානය කරන විධිමත් යාන්ත්‍රණයක් ගම්බද නැත. බස්නාහිර පළාතට ප්‍රාග්ධනය සීමා වී ඇති අතර කාන්දම් බලයෙන් මෙන් ප්‍රාග්ධනය නැති ගම්බද ප්‍රදේශවලින් කොළඹට මිනිස්සු සංක්‍රමණය වෙති. 80 දශකයේ සන්නද්ධ ව්‍යාපාර අධිනිශ්චය වූයේ, ගම්බද ජනයාට ස්වයං පාලනයක් සහතික කිරීමටය. එය, ලංකාවේ නම් සිංහල සහ දෙමළ ලෙස ජාතීන් ලෙස වෙන් වී සන්නද්ධ හමුදාව සමඟ කරන අරගලයක් දක්වා දිගු විය. යම් යම් සුවිශේෂි ඓතිහාසික තත්ව තුළ සිංහල සන්නද්ධ අරගලය පළමුව පරාජය වූ අතර 21 වැනි සියවසේ ප්‍රථම දශකය තුළ දී දෙමළ අරගලය ද පරාජය විය.

Régis Debray 2023 – THE THEORY OF THE GUERRILLA ELITE

        21 වැනි සියවස ලෝකය පුරාම තහවුරු වූයේ, අනන්‍යතා අරගල ලෙසින් ය. ජනතා විමුක්ති පෙරමුණ ද 89 පරාජයට පසුව සෙල්ලම් කළ භූමිය වූයේ, අනන්‍යතාවය (Identity) යි. කුමාර් ගුණරත්නම් ජවිපය තුළ සිටිය දී එහි දෘෂ්ටිය අන්ත සිංහල කේන්ද්‍රීයත්වයට රැගෙන ගිය අතර එය අවසන් වූයේ, දෙමළ අරගලය සමූල ඝාතනයකට ලක් කිරීමෙනි. මේවා අප පුද්ගලිකව මවන අගතීන් නොව පරීක්ෂා කළහොත් හමුවන ඓතිහාසික කරුණු ය. 

          ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධ වූවෝ සහ වූවන් බොහෝ සිටිති. අප විරුද්ධ වන්නේ, එහි දේශපාලනයට නොවේ. අප එහි මනෝභාවය නැතහොත්, මනෝවිද්‍යාවට විරුද්ධ ය.

            බෝඩ් ලෑල්ල අමතක කළහොත් ලංකාවේ ජනගහනයෙන් 80% ක් පමණ පිරිමින් යනු, ජවිපෙ මනෝභාවය සහිත පුද්ගලයන් ය. මෙම අර්ථයෙන් ගත් කළ, ජවිපෙ මනෝභාවය (JVP Mindset) යනු ප්‍රාග්ධනය හිඟ සමාජ අවකාශවල දී විනෝදය කාර්යක්ෂමව කළමනාකරණය කරන කතිකාවකි. ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ගේ සංවාදයන් තුළින් පවා පිටතට එන්නේ ජවිපෙ මනෝභාවය යි.

         හුදු මාක්ස්වාදීන්ට මෙම මනෝභාවය අවබෝධ කර ගැනීමට විද්‍යාවක් නැත. මේ මනෝභාවය සමඟ ඍජුව මේ දක්වා ගැටී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. එසේ වන්නේ, මෙම දේශපාලන සංවිධාන දෙකම සංවිධානය කිරීමට උත්සාහ කරන්නේ එකම ජන කණ්ඩායමක් වීම නිසාය. එනම්, ගම්බද ජනයා ය. ගම්බද ජනයා වෙතට UNP ය ප්‍රාග්ධනය ගෙනයන්නට අසාර්ථක උත්සාහයක යෙදී සිටින අතර ගම්බද ශ්‍රමය ප්‍රාග්ධනයට එරෙහිව සංවිධානය කිරීමට ජවිපෙ මනෝභාවය උත්සාහ කරයි. ගමෙහි පසමිතුරුභාවය යනු, මෙම සමාජ ගැටුමයි. ජනමාධ්‍ය මගින් දෛනිකව ප්‍රකාශ වන සමාජ ගැටුම යනු, ප්‍රාග්ධනයේ හිඟකම සමඟ බද්ධ වූ සමාජ වෛරය ශ්‍රමය ස්වරූපයෙන් ප්‍රකාශ වීමයි. ජවිපෙ මනෝභාවය යනු, ගම්බද ජනයාගේ විමුක්තිකාමී දහමක් නොවේ. ඔවුන් වනාහී ගම්බද ජනයාගේ සාමූහික දේපළ (රජය සතු ඉඩම් සහ දේපළ) අයිතිය පැරණි සමාජ සබඳතා තුළ ම සිරවෙන්නට ඉඩ දී ඔවුන්ට විවිධ උද්ඝෝෂණ මාදිලි වලින් ප්‍රකාශ වීමට ඉඩ දීමයි. මෙය, සමාජීය ෆැසිස්ට්වාදයේ මූලික ලක්ෂණය යි. වෝල්ටර් බෙන්ජමින් මෙය න්‍යායිකව මෙසේ විග්‍රහ කරන ලදි: 

          “ වත්මන් මිනිසා එන්න එන්නම නිර්ධනීකරණය වීමත්, එන්න එන්නම බහුජනයා (People) ලෙසින් බහු ගුණනය වීමත් යන අංශ දෙක එකම සන්තතියක මුහුණුවරයන් දෙකකි. ෆැසිස්ට් දේශපාලනයට මෙම දේපළ රහිත ‘මහජනතාව’ අහෝසි කිරීමේ දේශපාලන වැඩසටහනක් නැත. ඔවුහු ගම්බද ජනයාගේ පොදු දේපළ අයිතියට අතවත් තබන්නේ නැත. වැව් අමුණුවල ජලය කළමනාකරණය කිරීමට ප්‍රයත්න දැරීම පවා ඔවුන් සලකන්නේ ජලය විකිණීමක් ලෙසිනි. ඇත්ත වශයෙන්ම, ඔවුන් ගම්බද ජනතාව සංවිධානය කරන්නේ දේපළ අයිතිය එකතැන පල් වීමට ඉඩ දෙමින් ඔවුන්ට විවිධාකාරයෙන් ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වීමට ඉඩ දීමෙනි. සමාජ ෆැසිස්ට්වාදින් [Social Fascists]සහ ඔවුන්ගේ මනෝභාවයේ උරුමක්කාරයන් ද උත්සාහ දරන්නේ, Facebook මඟින් උනමින් සිටින මහජනයා විසුරුවා හැරීමට නොව ඒ වෙනුවට, ඔවුන්ව නගරයට සහ ප්‍රාග්ධනයට එරෙහිව කුලප්පු කිරීමට ය. 

            ඉහත අර්ථයෙන් ගත් විට දී, ජේවීපීකාරයන් බහුජනයාට ප්‍රකාශ වීමට ඉඩ හසර පාදන අතර රාජ්‍යය සතු පොදු දේපළ පක්ෂ-රාජ්‍යයක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා කරයි. මෙම තත්ත්වය පුළුල් අර්ථයෙන් ‘දේශපාලන ජීවිතයට’ සෞන්දර්යය රැගෙන ඒමකි. මාක්ස්වාදයට පරස්පරව මෙහි දී සිදු වන්නේ, දේශපාලනය සෞන්දර්යකරණය කිරීමකි. බහුජනයා සහභාගී වන උත්සවකාරී රැස්වීම් යනු, මේ සෞන්දර්යකරණය යි. මෙය අවසන් වීමට නියමිත වන්නේ, එක පන්තියකට එරෙහිව තවත් පන්තියක් මෙහෙය වීමෙනි. එනම්, යුද්ධය යි.”

  • වෝල්ටර් බෙන්ජමින්, යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලාව – 

          80 දශකය ජවිපෙ සන්නද්ධ අරගලය උත්සන්න වූ යුගයේ දී දයාන් ජයතිලක බොළඳ ප්‍රකාශයක් කරන ලදී. ඔහු ෆිදෙල් කැස්ත්‍රෝ උපුටමින් මෙසේ පවසන ලදී: “ චේ වන්න!, එසේම විජය වන්න!”

           බහුජනයා සංවිධානය කිරීම නම් ගැටලුවේ දී ජනතා විමුක්ති පෙරමුණ අභියෝගයට ලක් වූ ප්‍රථම අවස්ථාව වූයේ, විජය කුමාරණතුංග ය. මන්ද, ඔහු දෙමළ ජනයාගේ ‘ස්වයං-තීරණයට’ (දේපළ අයිතිය වෙනස් කිරීම) එකඟ වීම නිසා ය. අනෙක් පසින්, JR විසින් විවෘත ආර්ථිකය හරහා ගම්බද ජනයාගේ දේපළ අයිතිය අවිධිමත්ව වෙනස් කරමින් සිටි අතර ඊට විරෝධය ගෙන ආවේ, සදාචාරවාදී දෘෂ්ටිකෝණයකින් ‘ධර්මිෂ්ට සමාජය’ හරහා ය. සරච්චන්ද්‍ර නම්  විශ්ව විද්‍යාල ගුරා ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශන මාදිළිය නිසා එවකට සලිත වී සිටියේ ය.

           කෙසේ නමුත්, සැබෑ අභියෝගය බාර ගත්තේ විජය නොව රන්ජන් විජේරත්න ය. ඔහු පහර දුන්නේ, ජවිපෙ දෘෂ්ටිවාදයට නොව එය අසමත් වන තැන පිහිටන ජවිපෙ ආත්මයටම (JVP Subject) ය. මේ අර්ථයෙන් ගත් විට දී, නියම ජේවිපීකාරයන් සිටින්නේ එහි බහුජන ආකෘතිය තුළ ය නැතහොත්, හාල්පාරුවන් ලෙස මාධ්‍ය තුළ අභිෂේක ලබන්නන් තුළ ය.

            ජවිපෙ ආත්මය කුමක් ද? කියා වටහා ගැනීමේ දී මනෝවිශ්ලේෂණය නම් විද්‍යාව අත්‍යාවශ්‍ය ය. ජේවිපීකාරයන් දැඩිව වෛර කරන විද්‍යාව වන්නේ, මනෝවිශ්ලේෂණය යි. එසේ වන්නේ, එමගින් ඔවුන්ගේ ආත්මය කියවිය හැකි නිසා ය. JVP ආත්මය කුමක් ද? රංජන් විජේරත්නගේ කියවීම වැදගත් වන්නේ ඇයි?

             89 වර්ෂයේ දී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් කොටු කිරීමේ වෑයමේ දී කොළඹ සන්නද්ධ නායක කදුරුපොකුණගේ රියදුරාගේ චර්යාව අධ්‍යයනයට ලක් වෙයි. එහිදී, කදුරුපොකුණගේ රියදුරා බොහෝ වේලාවක් නවත්වාගෙන සිටින ස්ථානයක් අවධානයට ලක් වෙයි. එය, එතරම් වැදගත් ස්ථානයක් නොවේ ය යන නිගමනයට එරෙහිව රංජන්ගේ න්‍යාය වන්නේ, එතැනම බලන්න කියා ය. අවසන් වශයෙන් සොයා බැලීමේ දී ඒ ස්ථානය වන්නේ, D.M ආනන්දගේ වයස 17 ක පමණ පෙම්වතිය පදිංචි ස්ථානය යි. ‘ආත්මය’ යනු, සංකේත ප්‍රබන්ධය නොව එය අසමත් වන ස්ථානය යි. D.M ගේ ආත්මය යනු, ජවිපෙ දේශපාලනය නොවේ. ඊට අනුව, මෙවැනි ස්ත්‍රී ඇසුරක් යනුම ආනන්තරීය පාප කර්මයකි. නමුත්, බාහිර ප්‍රකාශනය එය වුවත් ඔහුගේ ආත්මය ඇත්තේ ඔහුවත් හඳුනන තැනක නොවේ. (We do not recognize ourselves, but we are this misrecognition. It is this delay between seeing and recognizing that the subject is experienced in its purest form.)

          ලංකාවේ සමාජ ආර්ථික අර්බුදය යට බොහෝ දෙනෙක් නොදන්නවා වූවාට තිබෙන්නේ, ජවිපෙ මනෝභාවය යි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහීමට වගකිවයුතු වන්නේ ද මෙම මනෝභාවය යි. මෙම මනෝභාවය මනෝවිශ්ලේෂණාත්මකව කියවීම පහසු නැත. එය, ජනප්‍රිය වැඩක් ද නොවේ. නමුත්, එය රංජන් විජේරත්න සේම අප ද කළ යුතු වැඩකි. සිරිසේන කුරේ කීවා සේ දියමන්ති කැපිය හැක්කේ දියමන්ති වලින්ම ය. විශේෂයෙන්ම, ජවිපෙන් පිටත සිට ජවිපෙට කඩේ යන හාල්පාරුවන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුය.

 Regis Debray (b/w photo); (add.info.: Jules Régis Debray (b.1940): French writer, philosopher, journalist, former government official and academic.); © Louis Monier. All rights reserved 2023.

Deepthi Kumara Gunarathne.

2024 – 2 – 16.

       

]]>
http://3mana.com/%e0%b7%83%e0%b6%82%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%ba%e0%b7%80-%e0%b6%bb%e0%b6%82%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%a2%e0%b7%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1/feed/ 1
විකල්ප වට්ටෝරුව http://3mana.com/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4-%e0%b7%80%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%9d%e0%b6%bb%e0%b7%94%e0%b7%80/ Thu, 15 Feb 2024 02:34:44 +0000 http://3mana.com/?p=22262  නිදහස ලබා ගත් දින සිට අද දක්වා ලංකාවේ පැවති ආර්ථික-ක්‍රමය රාජ්‍ය ධනවාදය (State Capitalism) යි. මෙම අන්තර්ජාතික ප්‍රාග්ධනයේ ආධිපත්‍යය සහිතව ලංකාවේ 1956 සිට විවිධ නම් යටතේ පැවැතියේ රාජ්‍ය ධනවාදය යි. ලංකාවේ වාමාංශය පොදු වශයෙන් ගත් විට, සම සමාජයේ සිට විවිධ ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් හරහා ජනතා විමුක්ති පෙරමුණ දක්වා වූ අය ක්‍රියාත්මක කරන ලද සහ ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දෙන්නේ ද රාජ්‍ය ධනවාදය යි. මෙම රාජ්‍ය ධනවාදයට කිසිදා සමාජවාදයටත් ධනවාදයටත් ගමන් කිරීමට නොහැකි ය. නිදහස ලැබීමට පෙර සිට 1977 දක්වා වූ කාලයක් ‘සම සමාජ පක්ෂය’ ලංකාවේ සමාජවාදය ස්ථාපනය කිරීමට පොරොන්දු වුව ද එය ඉෂ්ට කිරීමට ඊට නොහැකි විය. 1977 ට පසුව ලංකාවේ ධනවාදය ස්ථාපිත කිරීමට ‘එක්සත් ජාතික පක්ෂය’ පොරොන්දු වූව ද දශක 4 ක් පමණක් ගෙවී ගොස් ඇතත් ඊට ධනවාදය -capitalism- ස්ථාපිත කිරීමට හැකි වූයේ නැත. මෙම යුතෝපියාවන් දෙකම අවසානයේ රටට ඉතුරු වී ඇත්තේ, උද්ධමනය, විරැකියාව, නිම නොවන දරිද්‍රතාවය, අතිවිශාල දේශීය සහ විදේශීය ණය කන්දරාවයි. මේවා, දෛනික ජීවිතයේ බහුතර දෙනාගේ පොදු අත්දැකීම් ය. මෙම දෛනික යථාර්ථයෙන් ඉවත් වීමට මේ දක්වා දරන ලද වෑයම් අවසන් වී ඇත්තේ, ඌණසංවර්ධනය සංවර්ධනය වීමෙන් පමණි. මේ වන විට, බොහෝ මිත්‍යාවන් සහ මුලාවන් විනාශ වී ඇත.

     ඉහත යථාර්ථය ලෝක යථාර්ථයකි. එය ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියාවේ බොහෝ රටවලට අදාළ තත්ත්වයකි. ලතින් ඇමෙරිකාවේ දී පවතින තත්ත්වය සන්නද්ධ අරගල වලින් පෙරළා දැමීමට දරණ ලද උත්සාහයන් බහුතරය අසාර්ථක විය. ඒවා, සාර්ථක වූ කියුබාව, නිකරගුවාව වැනි ස්ථානවල දී බාහිර සාධක හෝ අභ්‍යන්තර සාධක නිසා එකතැන පල් වීමට සිදු විය. ලංකාවේ ද උත්සාහ දරණ ලද සන්නද්ධ අරගල උත්සාහයන් ත්‍රිත්වයක්ම අසාර්ථක වීමෙන් අවසන් විය.

     මේ වන විට දී, ලෝක මට්ටමින් ප්‍රාග්ධනයේ හැසිරීම ව්‍යුහාත්මකව වෙනස් වී ඇත. සමහර න්‍යායවේදීන්ට අනුව, ධනේශ්වර ක්‍රමය අවසන් වී ඇත. ලතින් ඇමෙරිකාවේ 80 දශකයේ සටන් කළ- ආජන්ටිනාව, බ්‍රසීලය, චිලී, උරුගුවේ, පැරගුවේ, බොලීවියාව- බොහෝ ගරිල්ලා ව්‍යාපාර මේ වන විට දී ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලින් බලයට පැමිණ ඇතත් ඒ කිසි රටක සමාජ-ආර්ථික ගැටලු විසඳී නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ, අලුත් වටයකින් අර්බුදය උත්සන්න වීම පමණි. මේ සෑම රටකම රාජ්‍ය ව්‍යුහය ගැඹුරින් අර්බුදයට ගොස් ඇත.

         සමකාලීනව ශ්‍රී ලාංකිකයන් අත්විඳින සමාජ-ආර්ථික අර්බුදයට ඓතිහාසිකත්වයක් ඇත. අපගේ ගැටලුව ‘සමකාලීන’- Contemporary- එකක් නොවේ. එහි එක මූලයක් යටත්විජිතවාදය දක්වා දිවෙන අතර අනෙක, ධනේශ්වර රාජ්‍ය ව්‍යුහය දක්වා විහිදී ඇත. සමකාලීන දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා වර්තමානය තුළ ගිලී ගොස් ඇත. ගැටලුවේ ඓතිහාසික පර්යාවලෝකනයක් ඒ අය අතින් සිදු නොවේ. 

           මේ තතු යටතේ, අප විසින් ‘නිව්ටන් ගුණසිංහ’ විසින් 1987 දී මහනුවර කම්කරු සහ ගොවි ආයතනයේ කළ දේශනයක් පහත පළ කරන්නෙමු.

           නිව්ටන් ගුණසිංහ තම ලිපිය තුළ මූලික වශයෙන් තර්ක කරන්නේ, අප මාක්ස්වාදීන් නම් ලංකාවේ පවතින ධනවාදය රාජ්‍යකේන්ද්‍රීය එකක් බව පිළිගත යුතුය යන්න ය. එහිදී, රාජ්‍යයෙන් සහ ශ්‍රමයෙන් ස්වායත්ත ශුද්ධ ධනවාදයක් ලංකාවේ පවතින්නේ නැත. දෙවනුව ඔහු මතු කරන න්‍යායික ප්‍රවාදය වන්නේ, ඌණසංවර්ධනය සහ පසුගාමී ධනවාදය අතර සංකල්පීය වෙනස දේශපාලනයේ දී වෙන් කර ගත යුතු බවයි.

           නිව්ටන් ගුණසිංහට අනුව, 1956 සිට 1977 දක්වාත්, එතැන් සිට 1987 දක්වාත් ඇත්තේ අඛණ්ඩතාවක් පමණි. එම අඛණ්ඩතාවය අපට අද දක්වා දිගු කළ හැකි ය. ඔහුට අනුව, “පසුගාමී ධනවාදී ආර්ථිකයත්” (Backward Capitalist Economy) “ඌණසංවර්ධිත ආර්ථිකයත්” [underdeveloped] අතර පැහැදිලි වර්ධනාත්මක වෙනස්කම් ඇත. පසුගාමී ධනවාදී ආර්ථිකයක දී ‘ධනවාදය’ ප්‍රගතිය කරා ගමන් කරන අතර එය, පැරණි සම්ප්‍රදායන්ගෙන් සහ වැඩවසම් ක්‍රමයෙන් ඛණ්ඩනය වෙයි. ඒ අනුව, පසුගාමී ධනවාදය සහ ඌණසංවර්ධනය අතර ගුණාත්මක වෙනස්කමක් ඇත. ඌණසංවර්ධනය තුළ සම්මුඛ වන්නේ, අඩස්සිගත විකෘති ලක්ෂණ සහිත ප්‍රගතියකි. මෙම තත්ත්වය ඌණසංවර්ධනයට ආදේශ වන්නේ, යටත් විජිතවාදයේ රෝග ලක්ෂණයක් ලෙසිනි. පසුගාමීත්වයට පරස්පරව  ඌණසංවර්ධනයේ දී ඊට මුහුණ දෙන ආත්මය අඛණ්ඩව ආපස්සට සංස්කෘතික සහ සමාජීය වශයෙන් ගමන් කරයි. එනම්, පසුගමනය යි. [regression]සාමාන්‍යයෙන්, ධනවාදය වෙළදපොල සමඟ සම්බන්ධ වූවත් ඌණසංවර්ධනයේ දී රාජ්‍යය වෙළඳපොළට මැදිහත් වෙයි. එම නිසා, ඌණසංවර්ධනය ස්ථිතික තත්ත්වයක් නොව සන්තතියකි.[process]

      කෙසේ වෙතත්, ඩිජිටල් ධනවාදය වසර 2004 දී රටට ඇතුල් වූ පසු උපරි-ව්‍යුහය සහ අධෝ-ව්‍යුහය අතර ගැටුම වෙනුවට දෘෂ්ටිවාදය – ideology – නම් ප්‍රපංචය ඊට ආදේශ විය. එමගින්, අලුත් සබඳතා ලෝකයක් බිහි වූ අතර නව තත්වය පශ්චාත්-නූතන අනන්‍යතා දේශපාලනය ලෙසින් හැඳින්විය හැකි ය.    

  පහත පළ වන්නේ, නිව්ටන් ගුණසිංහගේ “ශ්‍රී ලංකාවේ ධනවාදී සංවර්ධනයේ; කාලානුරූපයක්” යන ලිපිය යි.

Link.

https://dl.nsf.gov.lk/handle/1/13815?show=full

 

 

 

]]>
වම දකුන මාරු වූ ලංකාවේ වාමාංශිකයන්. http://3mana.com/%e0%b7%80%e0%b6%b8-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%b8/ Thu, 01 Feb 2024 03:09:29 +0000 http://3mana.com/?p=22256 අප කර මතට ඇද වැටී ඇති සමාජ-දේශපාලන අර්බුදය තුල අපගේ දේශපාලන ආස්ථානය වාමාංශිකව තෝරා බේරා ගන්නේ කෙසේද යන්න ව්‍යාකූල ය.
මීට පෙර බොහෝ අවස්ථාවලදී වාමාංශික දේශපාලන ආස්ථානය කුමක් විය යුතුද යන්න පහසුවෙන් තෝරා ගත හැකි විය. සරලව පැවසුවහොත් ජනප්‍රිය සංකේතමය දැනුමින් කෙරුනු දේශපාලනික තෝරා ගැනීම සහ භාවිතාව වාමාංශික න්‍යායන් සමග ගැලපුණි. එහිදී වාමාංශික දේශපාලනික තෝරා ගැනිමේදී න්‍යාය යන්න ද්වීතියික නැතහොත් එතරම් නොවැදගත් කාරනාවක් බවට පත් විය. කොටින්ම කියතොත් ජහමනයාගේ තෝරා ගැනීම වාමාංශික තෝරාගැනීම සමග සමපාත විය.
ඊනියා වාමාංශික පක්ශ විසින් දේශපාලන අවකාශය තුල කරනු ලැබූ විගඩම් සහගත ක්‍රියාවන් හරහා ජනතා ක්‍රියා කාරීත්වය අභ්‍යාස කිරීම යන්නට විකෘති සහගත අර්ථයක් ලැබුනු අතර ජනතා ක්‍රියාකාරීත්වය යනු ‘ජහමනයාගේ කැමැත්ත’ යන්නට පටු විය. විජේවීර වාදීන් ‘න්‍යාය’ කන්නටදැයි අසන්නේත්, ඇගට දැනෙන උද්ඝෝෂණ වාදී දේශපාලනය ප්‍රමුකව සලකන්නේත් මෙම පදනමෙනි.
ගෝත්‍රවාදී රාජපක්ෂලා විසින් ගොඩනගන ලද දක්ෂිණාංශික කදවුර දශක දෙකක් පමන කාලය තුල අවභාවිතා කලේ ‘ජහමනයාගේ කැමැත්ත’ නිවැරැදිය යන්න මතය.
එම බල අභ්‍යාසය හරහා රාජපක්ෂලා ලොකු වේදනාත්මක සතුටක් විදි අතර මේ වනවිට අනුර කුමාරගේ ආශාව බවට පත්වී ඇත්තේද මෙම ජහමනයාගේ කැමැත්ත තුලින් රාජපක්ෂලා විනෝද වූ වේදනාත්මක දේශපාලන භාවිතාවයි. ලංකාවේ සැබෑ සමාජ දේශපාලන අර්බුදය සහ ඉන් මිදීමට අවශ්‍ය මාවත සහ මෙම විනෝද මානය අතර කිසිදු සම්බන්ධයක්නැත. එබැවින් අනුර කුමාර ගේ විනෝදය අවසාන වීමට නියමිත වන්නේ ගෝඨාභය තමන්ගේ බල ව්‍යාපෘතිය අවසන් කල ආකාරයට බොහෝ දුරට සමාන ආකාරයකටය.

* ජහමනයාගේ දේශපාලනයේ හිස් බව …
නිදහසින් පසු ලංකාවේ දේශපාලනය සම්පූර්නයෙන්ම චලනය වූයේ ආර්ථිකමය පදනමක නොව ”දෘෂ්ටිවාදීමය කාරනා” පදනම්වය. ජාතිය, කුලය, නාගරිකත්වය,ග්‍රාමීයත්වය, ව්‍යාජ සදාරාත්මක වටිනාකම්, දූශනය වැලැක්වීම, හොරු ඇල්ලීම, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී ජහමනයාගේ ‘විනෝදයට’ ගැට ගැසුනු ජනප්‍රිය දෘෂ්ටිවාදයන් මත පදනම්වය.


එහෙත් අදවන විට මෙම දේශපාලන යථාර්ථය ඓතිහාසිකව සුවිශේෂී අන්තයකට දයලෙක්තිකව පැමින ආර්ථික අර්බුදය නැමති යථ මය කාරනය ඉස්මතු වී ඇත.


මෙම යථ හමුවේ අපගේ මැදිහත්වීම සිදුවන්නේ අක්ෂයන් දෙකක් තුල පමණි.


එක් අක්ශයක් වැටී ඇත්තේ මෙම යථ පිලිගනිමින් එයට සංකේත යථාර්ථය තුල පවත්නා විසදුම් ලගා කර ගැනීමේ මාවතයි.( ආර්ථිකමය විසදුම් ලගා කර ගැනීම )


අනෙක වන්නේ එම යථෙන් පලා යාමයි.


එනම් අපගේ ආර්ථික අර්බුදයට තමන්ගේ කිසිදු දායකත්වයක් නැති බව ප්‍රකාශ කරමින් එම අර්බුදයට වගකිවයුත්තේ අවුරුදු 77ක් පුරාවට මාරුවෙන් මාරුවට බලයේ සිටි පාලකයන් බව ප්‍රකාශ කරමින් සමස්ත ආර්ථික අර්බුදයේ වගකීම බාහිර සතුරෙකුට පවරා තමන් ශුද්ධ වන්තයන් බවට පත් වීමේ සැනසිලිදායක තෝරාගැනීමයි.
මනෝවිශ්ලේශනාත්මකව විග්‍රහ කල විට ඕනෑම ආතතිගත තත්වයක් තුල අපගේ අවිංඥානය අපව තල්ලු කරන්නේ ආතතිගත තත්වයෙන් අපව මුදවාගෙන අපට සහනයක් උදාකරදීමටය.එවිට අපට විශාල සැනසිල්ලක් දැනේ.


පරිභෝජනයට ඇති අපගේ අසීමාන්තික ආශාව සහ පරිබෝජනය, වංචනික බාවය, සොරුන්ට,සහ වංචනියකයන්ට ඇති අවිංඥානක බැදීම, අපගේ ශ්‍රමයේ ඇති අසංවිදිත බව මේ ආර්ථික ආගාදයට වග කිවයුතු වුවත් එය අපට වසන් කර ඒ සියලු දෙයින් අපව නිදොස් කොට නිදහස් කර ඒ සියලු දුර්ගුනයන්ට වගකිවයුතු අපෙන් පරිබාහිර සතුරෙක් ඉදිරිපත් කරන්නේ නම් අපිට කෙතරම් සතුටක් සහ සහනයක් ලැබෙන්නේද ?
මේ මොහොතේ අනුර කුමාර ප්‍රමුක විජේවීර වාදීනුත්, සජිත් ප්‍රමුක විපක්ශයත් කරමින් සිටින්නේ ජහමනයා අමන්දානන්දයට පත්කරවන මෙම දේශපාලන මැදිහත්වීමයි.
රාජපක්ෂ වරු අත් හදා බලා ‍රට පමනක් නොව තමන්වමද විනාශ කරගත් භයානක දේශපාලන ක්‍රීඩාව අනුර සහ සජිත් තෝරාගැනීම කොතරම් භයානක ද යන්න තීරනය වනු ඇත්තේ අනාගතයේ දීය.
ලංකාවේ සමාජ දේශපාලන අර්බුදයන් හමුවේ දේශපාලන බලය නැමති යෂ්ඨිය එකිනෙකා අතර හුවමාරුවන අතර පසුගිය අවුරුදු 77පුරාම සිදුවී ඇත්තේ මෙම බල හුවමාරුව පමනි. ඉහත සදහන් කල මානසික ක්‍රියාකාරීත්වය මුල් කරගනිමින් සිදුවූ මෙම ක්‍රියා දාමය හරහා කිසිදු යහපත් සමාජය පරිවර්තනයක් ඉටු වී නැත. කෙසේ වෙතත් ඇබ්බැහියක් ලෙස නැවත නැවතත් මෙම දේශපාලන ක්‍රීඩාව සිදුවෙමින් යයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඊනියා වාමාංශිකයන් කලබලවන්නේ හෝ අවධානය යොමු කරන්නේ නැත. ඔවුන් පාරභෞතිකව විශ්වාස කරන්නේ ඔවුන් බලය ගත් පසු මෙම තත්ත්වය අහෝසි වන බවයි.
යථාර්ථය තුල පෙනෙන අර්බුදයන්ට විසදුම් ලෙස සැබෑ සම්බන්ධයක් නැති විසදුම් ගෙන ඒමත් (හොරුන්,වංචනිකයන් නැති කිරීම ) එවැනිම වූ සබුද්දික සහ තාර්කික බව පෙනෙන විකල්ප යෝජනා කිරීමත් (දේශීය ආර්ථිකය ,අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී) කිසිසේත්ම පවතින සෑබෑ අර්බුදයට විසදුම් ලබා දෙන්නේ නැත. අවුරුදු කීපයකට පසු ඇස් ඇර බැලූවිට පෙනෙනුයේ අප තවම සිටින්නේ කලින් සිටි තැනම බවය.

මෙම තත්ත්වය වටහා ගැනීමට කිසලෝව්ස්කිගේ Blue චිත්‍රපටය හරහා උත්සාහ කරමු.

* කිසලොව්ස්කිගේ Blue චිත්‍රපටය හරහා
චිත්‍රපටයේ ප්‍රධාන කතා නායිකාව ඇයගේ සැමියා හදිසි රිය අනතුර කින් මිය යාම නිසා දැඩි කම්පනය කට පත්වෙයි. තම සැමියා සමග ජීවත් වූ එම අතීත ජීවිතයෙන් ගැලවීමට ඇයට ඉතා අපහසු වෙයි.
මේ අතර තුර ඇයට හමු වන ගැබ්බර කාන්තාව හරහා ඇයට දැන ගැනීමට ලැබෙන්නේ ඇයගේ කුස තුල සිටින්නේ තම සැමියාගේ දරුවකු බවයි.
මේ හරහා ඇයගේ අන්ධකාර ආත්මයට නව ආලෝකය ක් ලැබේ.


ඇය ආශා කරන තම සැමියා සමග ගත කරන ලද අතීත ජිවිතය යනු තමන් විසින්ම ෆැන්ටසි ගත කරන ලද්දක් මිස සැබෑවක් නොවන බවයි. තමා වැලපෙමින් ඇලුම් කරන්නේ හිමිව තිබූ දෙයකට නොව අහිමිව තිබූ දෙයකට බව වැටහී යයි. (අහිමි වීමේ අහිමිවීම -Negation of the negation ).


ජීවිතයට සැබෑ විමුක්තිය ලැබෙනුයේ මතුපිටින් කටුකයැයි පෙනෙන දේවලට බාහිර විකල්ප යෝජනා කිරීමෙන් නොව,එම කටුකත්වය අභ්‍යන්තරයටම ගමන් කිරීමෙන් පමනි.


Rose in the cross of the present යන හේගලියානු අදහසේ සැබෑ අර්ථයද මෙයමය.
වර්ථමානය තුල අප අත්දකින අසමත් පීඩාකාරී සමාජ වටපිටාව යන්න කුරුසයේ රූපකයයි. ඒ මත ඇති රෝස මල යනු පීඩාකාරී අසමත් සමාජයට ඇති බාහිර විකල්පයන් නොව එම පීඩාකාරී සමාජය තුලම ඇති එම තත්ත්වය ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට දායක වූ අපගේ පංගු කාරීත්වය යි.

Blue.

Blue චිත්‍රපටයේ කතා නායිකාව විසින් තමාගේ සැමියා සම්බන්ධයෙන් ගොඩනගා ගත් ෆැන්ටාස්මතික අතීතය නැමති කුරුසය ඇයගේ සැමියා තනිව ගොඩනැගූවක් නොව ඇය විසින් ගොඩනගන ලද්දකි.එය ඇයට හිමිව තිබූවක් නොව ඇයගේ ෆැන්ටසිය විසින් ගොඩ නැගූවකි.රෝස මල වන්නේ එම ආතතිගත ෆැන්ටාස්මතික අතීතය නැමති කුරුසය ගොඩ නැගීමට අප විසින් දෙන ලද දායකත්වයයි.


එබැවින් අපිට විමුක්තියක් උදාකරගත් හැක්කේ එම පීඩාකාරී ආතතිගත තත්වය තුලම ජීවත් වෙමින් එහි අභ්‍යන්තරයට තව තවත් ගමන් කිරීම ඔස්සේ මතුවන සත්‍යයට අනන්‍යවීමෙන් පමනි.එසේ නැතිව අපට මතුපිටින් යථාර්ථය ලෙස පෙනෙන ව්‍යාජයට (225 විසින් විනාශ කරන ලද සමාජආර්ථික අර්බුදය, කතා නායිකාවගේ සැමියා මිය යාම නිසා ඇතිවූ පීඩාකාරී තත්වය) තාර්කික යැයි හැගෙන විකල්ප ඉදිරිපත් කිරීමෙන් නොවේ.


මෙය පිලිගැනීමෙන් මිස අපිට සැබෑ නිදහසක් හෝ විමුක්තියක් නොලැබෙන අතර එසේ තාර්කික විකල්පයන් ඉදිරිපත් කිරීම දෘෂ්ටිවාදාත්මකය. ඉන් සැබෑ සමාජ දේශපාලන වෙනස් කම් සිදුවන්නේ නැත. සංඛ්‍යා රටාවක මෙන් රටේ පාලකයන්ගේ ඔලු ගෙඩි මාරුවීම පමනක් සිදුවේ.


වර්තමාන සමාජ අර්බුදය සම්බන්ධයෙන් විකල්පයන් ලෙස පෙනී සිටින විපක්ශ දේශපාලන දාරාවේ සියලුම කොටස් ඊනියා වමාංශිකයන්ද ඇතුලුව පෙනී සිටින්නේ සබුද්ධික සැබෑ දේශපාලන කියවීමක නොවේ, ජහමනයාට මතුපිටින් පෙනෙන යථාර්ථය සත්‍යයැයි විශ්වාස කරමින් බහුතරය ඉන්නේ කොතනද සත්‍ය එය යැයි පිලිගන්නා මුලාවේ මාවතය. මතු පිටින් පෙනෙන දෙය සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නැතැයි ලෙනින් පැවසුවේය. සැබෑ ලෙනින් වාදී වාමාංශිකත්වය යනු ජහමනයා කියන දෙය ක්‍රියාත්මක කිරීම නොව සැබෑ සමාජ දේශපාලන සත්‍ය වෙනුවෙන් ජනතාව මෙහෙය වීමයි. එසේ නැතිව රාජපක්ෂලා මෙන් ජහමනයාට නාස් ලනුවක් දමා ඔවුන් විනාශය දිසාවට තල්ලු කර දැමීම නොවේ.


මෙම සත්‍ය වෙනුවෙන් සැබෑ වාමාංශිකයන් ලෙස පශ්චාත්-මාක්ස්වාදී ආස්ථානයක සිටිමින් මාක්ස් ලෙනින් සම්ප්‍රදායේ මූලික ආස්ථානයන් සැබවින්ම අභ්‍යාස කරන්නේ ”සමබිම පක්ශයේ” අප පමණි.

චන්දන රණසිංහ.

]]>
ආශාවේ බියකරු විසඳුම; ‘බයිසිකල් හොරු’ ඇසුරෙන් http://3mana.com/%e0%b6%86%e0%b7%81%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b6%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8-%e0%b6%b6%e0%b6%ba%e0%b7%92/ Wed, 24 Jan 2024 05:48:53 +0000 http://3mana.com/?p=22251

              

ෆැන්ටසිය ආශාවේ සිර වූ තැන් ලිහිල් කරන්නට දරන සියලු උත්සාහයන් අවසන් වන්නේ, ‘ආශාව’ නිරුවත්ව අප ඉදිරියේ ප්‍රදර්ශනය වීමෙනි. ‘ලාංකීය ධනවාදය’ මුළු මහත් 21 වැනි සියවස පුරාම ෆැන්ටසිමය වශයෙන් අසාර්ථක ව්‍යාපෘතියකි. 21 වැනි සියවස ආරම්භ වූයේ, එළිෆන්ට්පාස් පරාජයෙනි. ඉන්, සිංහල රාජ්‍යය දෙදරා ගියේය. වසර 2005 දී, උභයාර්ථයක් ජනිත කරමින් මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙන ලදී. පුද්ගලික ෆැන්ටසීන්ට උපරිම ඉඩක් ලබා දෙමින් LTTE යට එරෙහි යුද්ධය 2009 වර්ෂයේ දී සිංහලයාට ජයග්‍රහණය ලබා දෙමින් අවසන් විය. දේශපාලන අරගලය පොදු අවකාශය නම්, ආශාව පුද්ගලික එකකි. 2010- 2015 ගත වූයේ, පුද්ගලික ෆැන්ටසි සාගරයක ය. ආශාව යනු, තෘප්තිමත් කරගත හැකි යථාර්ථයක් ලෙස සියලු දෙනා දුටුවේය. රාජපක්ෂලා පමණක් පුද්ගලිකව විඳින ප්‍රහේලිකාමය විනෝදය සැමට ලබා දිය හැකි බව පෙන්වමින් 2015 දී  ‘යහපාලනය’ ආරම්භ විය. එම කාලය තුළ ෆැන්ටසියට තිබූ සියලුම ඉඩකඩ විනාශ විය. ඉන්පසු, දිලිත් ජයවීර මතවාදී තලයේ දී ඉදිරිපත් කළ, පොළව මට්ටමේ දී බැසිල්ගේ ඉරණම තීන්දු කළ පාරිභෝගික භාණ්ඩය වූ ‘ගෝඨාභය’ 2019 දී වේදිකාවට පැමිණෙන ලදී. මෙම පුද්ගලික පාරිභෝගික භාණ්ඩය සිංහල ඩයිස්පෝරාව පවා මුසපත් කරවන ලදී. නමුත්, කෙටි කලකින් ස්වභාවික අහඹු විපතක් වූ කෝවිඩ් වසංගතය පැමිණි අතර ඉන් ආර්ථිකය ද බිඳ වැටී ‘අරගලය’ නම් පුද්ගලික ෆැන්ටසිය බිහි විය. කෙටි කලකින්, එය ද අවසන් විය. දැන්, අප ජීවත් වන්නේ ෆැන්ටසි අවසන් වූ යුගයක ය.[End of Fantasies]

       කෙනෙකු ෆැන්ටසි ලෝකයකින් බිමට කඩා වැටෙනවා යනු, ඔහු හෝ ඇය ආශාවේ ක්ෂේත්‍රයට ඇද වැටීමයි. අපට රනිල් වික්‍රමසිංහ මගින් නිරූපණය වන්නේ, ආශාවේ ඔක්කාරජනක පැවැත්මයි. සියල්ල නැවත මුල සිට පටන් ගැනීමට බල කෙරී ඇති අතර සිංහල ආශාවේ මර උගුලෙන් ගැලවීමට අලුත් ෆැන්ටසියක් ද අනුර කුමාර හරහා ආරෝපණය වෙමින් පවතියි.

      සමකාලීන සිංහල ෆැන්ටසියට තෝරා ගැනීම් දෙකක් ඇත. එකක්, අනුර කුමාර ය. අනෙක, විදේශගත වීම ය. ඉහත විකල්ප දෙකට අමතරව ඇත්තේ, ආශාවේ ගමන් පථය පමණි.

අපි දැන් ඉතාලි නව-යථාර්ථවාදයේ (Neo-realism) සිනමාව දෙසට හැරෙමු.

      සාමාන්‍යයෙන්, ජහමනයන් සිතන්නේ ආශාව සහ දේශපාලන ක්‍රියාකාරීත්වය ඇත්තේ අන්ත දෙකක බවයි. ඒ අනුව, ආශාව පුද්ගලික වන අතර දේශපාලන අරගලය පොදුජන අවකාශයකි. මින් අදහස් වන්නේ, කෙනෙකුගේ ආශාව යම් මොහොතකට පසුව දේශපාලන ක්‍රියාකාරිත්වය අභිබවනය කරන බවයි. ඉතාලි නව – තාත්විකවාදයේ සුවිශේෂත්වය වන්නේ, එහි දී අවධාරණය වන්නේ මර්දනකාරී වටපිටාවක දී අධික අතෘප්තියක් සහ තෙහෙට්ටුවක් ආශාවේ මුහුණුවරින් ඉදිරිපත් කිරීමයි. මේ අර්ථයෙන්, ආශාව යනු, අතෘප්තිය යි. නව තාත්වික සන්දර්භය තුළ හොලිවුඩ්වල දී මෙන් හුදෙකලා පුද්ගලයන්ව හුදෙකලා කොට නොපෙන්වා ඔවුන්ව සංයුක්ත අරගලයක් තුළ සන්දර්භගත කරයි. නව තාත්වික සිනමා ආඛ්‍යානවල දී අපට සම්මුඛ වන්නේ, ෆැන්ටසි පිළිතුරු වලින් සෑහීමකට පත් නොවන ආශා කරන ආත්මයන් ය. ඒ අනුව, ආශාව පරිපූර්ණ කිරීම නොහැකියාවකි.

Bicycle Thieves- 1948

      ඉහත ආශාවේ සන්දර්භය වටහා ගැනීමට අපි වික්ටෝරියෝ ඩිසිකාගේ ‘බයිසිකල් හොරු’ (Bicycle Thieves- 1948) සලකා බලමු.

      ‘බයිසිකල් හොරු’ චිත්‍රපටය ඓතිහාසිකව ස්ථානගත වන්නේ, දෙවන ලෝක යුධ යථාර්ථය තුළ ආර්ථිකව සහ සමාජීයව පතුලටම කඩා වැටුණු යුගයකදී ය. මෙහි ප්‍රධාන චරිතය වූ ‘අන්තෝනියෝ’ මහා ආර්ථික-සමාජීය අවපාතය තුළ තනියෙන් නැගී සිටීමට උත්සාහ කරන්නෙකි. ඔහුට අවශ්‍ය වන්නේ, සාමූහික විසඳුමක් නොව පුද්ගලික වීරයෙක් වීමටය. විරැකියාව රජ කරන එම යුගයේ දී බයිසිකලයකින් කරන රැකියාවක් ඔහුට හම්බ වෙයි. ඔහු ඉන් උන්මාදයට පත් වෙයි. අන් අයට වඩා ඉහළින් සිටීමට උත්සාහ කරයි. වැටුපෙන් ලබන මුදලින් හොඳ ආහාර වේලක් ගන්නා ආකාරය ඔහු ෆැන්ටසිකරණය කරයි. දරිද්‍රතාවයෙන් ගොඩ එම ඔහු සලකන්නේ, පුද්ගලිකකරණය වූ හුදෙකලා තනි ව්‍යාපෘතියක් ලෙස ය. එහිදී ඔහුට අමතක වන්නේ, තමන් උකස් තැබූ ඇඳ ඇතිරිලි වලින් බයිසිකලයේ පොලි සල්ලි ගෙවූ බවයි. බයිසිකලයෙන් ගොඩ යන්නට අන්තෝනියෝ දරන උත්සාහය අවසන් වන්නේ, එය හොරෙක් සොරකම් කිරීමත් සමඟය. ධනවාදය ඔබට ෆැන්ටසි වස්තුව හරහා දෙන පොරොන්දුව මෙහි දී බිඳ වැටෙන අතර නැවත ආශාව උත්පාද වෙයි. බයිසිකලය නැති වීමත්, එය සෙවීමට දරන වෑයම් සියල්ල නිරර්ථක වීමත් නිසා නැවත රැකියාව කිරීමට බයිසිකලයක් අවශ්‍ය නිසාත්, අන්තෝනියෝට බයිසිකලයක් සොරකම් කිරීමට සිදු වෙයි. එහිදී, ඔහු පිරිසකට හසුවන අතර නින්දාවට පත් වෙයි.

       ධනවාදය සතු විශේෂ හැකියාව වන්නේ, ‘පුද්ගලවාදී ෆැන්ටසියක්’ විසින් දේශපාලන තත්ත්වය ශුද්ධ ආර්ථික එකක් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි. අන්තෝනියෝ අවසානය දක්වා තමන්ව ආයෝජනය කරන්නේ තනිවම ගොඩ යාමෙන් තමන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමයි. නමුත් එය අවසන් වන්නේ, සොරකමකින් සහ නින්දාවකිනි. කෙසේමුත්, ෆැන්ටසියකින් ආශාව වෙත පසුබැසීම ඉතා වේදනාකාරී අත්දැකීමකි. මන්ද, පැවැත්ම යනු, වේදනාවක් නිසා ය.

      ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා පවතින පුද්ගලවාදී ෆැන්ටසි අතරින් වඩාත්ම ජනප්‍රිය එක වන්නේ, බටහිර රටකට විගාමික වීමයි. එය, ඉතාම උත්කර්ෂිත විකල්පය ලෙස බොහෝ දෙනා තෝරා ගනිති. උදාහරණයක් ලෙස, ජනප්‍රිය ගායක නලින් පෙරේරාගේ දුව වූ ස්වේතා විසින් youtube වෙතට නිකුත් කරන ඇගේ මෙල්බන් ජීවිතය ඉතා රසවත්ය; මනරම්‍ ය. ආශාවට මෙතරම් විසඳුම් තිබේදැයි සිතන තරමට ඇගේ විවාහයේ රස කතා රසාලිප්තය. නමුත්, මීට දශක දෙකකට පමණ පෙර මෙල්බන් වලට මෙවැනිම පුද්ගලික ෆැන්ටසි සාගරයක ගිලී ගිය ”ස්වේතලාට” සිදුවී ඇති දෙය කුමක් ද කියා ගවේෂණය කළා නම් අපට ලැබෙන පිළිතුර කුමක්ද?

     අප සිනමාව නරඹනවා නොව සිනමාව අපව නරඹන්නේ යැයි මොහොතකට සිතුවහොත්, ඉන් ස්වේතා වැනි අයට කෙතරම් මාර්ගෝපදේශ ලැබිය හැකිද? 

ජනවාරි මස අග දී අපගේ සිනමා පන්තිය ආරම්භ වෙයි. ඒ සඳහා එකතු වන්න! 

මෙහෙයවීම: දීප්ති කුමාර ගුණරත්න
පුශ්පජිත් ජයසිංහ.

පටන්ගැන්ම: 2024 ජනවාරි මාසයේ සිට.

කාලය මාස තුනයි.

පහත අංකයට කතා කරන්න.
0774950204

 

]]>
South අවන්හලේ ආදරය http://3mana.com/south-%e0%b6%85%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba/ Mon, 15 Jan 2024 08:51:16 +0000 http://3mana.com/?p=22243 ප්‍රියන්ත කලුආරච්චි නම් ජවිපෙ ප්‍රචාරක ඇලියේ ඒජන්තයා අපගේ සිනමා පන්තියට ඒමට සිටින තරුණ ජනයා බියවද්දමින් සිටින වග අපගේ ඔත්තුකරුවන් විසින් අපට දන්වා ඇත. කලුආරච්චි යනු, අප සංවිධානය 2004 දී තක්කඩියන්ට පාවා දුන් අමු තක්කඩියෙකි. නලීන් ද සිල්වා පසුපස ගාටන බොහෝ ප්‍රඥාවන්තයන්ගේ අවිඥාණක ආශාව මතු කිරීම මෙතන දී වැදගත්ය.

     නලීන් ද සිල්වාගේ භාෂා ලෝකය තුළ වචන දෙකක් එම පද්ධතියට අහිමි විය.

(1) ස්ත්‍රිය.

(2) ආදරය.

යම් පුද්ගලයෙකු නලීන් ද සිල්වාව උත්කර්ෂණයට ලක් කරන විට දී එසේ කරන්නාගේ ජීවිතය තුළ ද ඉහත වචන දෙක- ස්ත්‍රිය, ආදරය– අතුරුදහන් වී ඇත. ඉතාම පටු ලෙස කියන්නේ නම්,  නලීන් ද සිල්වාගේ මිතුරන් බහුතර දෙනෙක් ස්ත්‍රියගේ විඥාණයට සහ ආදරයට ආගන්තුකය. විශේෂයෙන්, ආදරය ඉදිරිපිට මේ පිරිමින්ගේ කකුල් වෙව්ලා යන ස්වරූපයක් දක්නට ලැබේ. මෙහිදී, එක් දෙයක් පමණක් මතක් කළ යුතුය. සමාජ මාධ්‍ය යුගයක දී ස්ත්‍රීන් සමඟ ඡායාරූප රැගෙන ඒවායින් තමන්ගේ තොරණ සරසන්නන් ආදරය කරන්නවුන්ට වඩා නාසිස්මික කුමරාට සමීපය. සමකාලීන ලෝකය තුළ ‘ආදරය’ පිළිබඳ න්‍යාය ගොඩනඟන්නේ කෙසේද?

    පළමුවෙන්ම, අප පාරභෞතිකයන්ගෙන් (යථාර්ථයේ අභ්‍යන්තර ස්වභාවය පිළිබඳ යකඩ නීති සෙවීමේ ප්‍රයත්නය) ආදරය වෙන් කරගත යුතුය.

    අපගේ න්‍යායික අවබෝධයට අනුව ‘ආදරය’ ජීවිතය තුළ හෝ යථාර්ථය (මනසින් බාහිරව හෝ ඒ තුළම වූ සාරය) තුළ නොමැත. ඒ සඳහා අපට ආත්මය පිළිබඳ න්‍යායක් [theory of subject] ගොඩනගා ගැනීමට සිදු විය. සරලව කිවහොත්, ආදරය අපට හමු වන්නේ ආත්මය පිළිබඳව රැඩිකල් විශ්ලේෂණයක් කළහොත් පමණි. හේගල්ගේ දර්ශනය අප මෙතැනට කැඳවා ගන්නේ නම්, ආත්ම ගවේෂණයේ අවසන් නිමේෂයේ දී අපට හමු වන්නේ අනෙකාව නොව තමාවමය. එම නිසා, ආත්ම ගවේෂණය නිම වන්නේ පරමාත්මයෙනි. [the absolute is “spirit, that which is present to itself in the certainty of unconditional self-knowing“.] එය, අපව අහසින් හෝ සොබාදහමින් දඩයම් කරන අවතාරයක් හෝ හොල්මනක් නොවේ. පරමාත්වය යනු, මිනිසා විසින් මිනිසාවම වටහා ගන්නට ඉදි කළ අසාර්ථක ඓතිහාසික සහ සංස්කෘතික තර්කනයන්ය. එම නිසා, ඉතා වැරදියට වැටහී යන, ‘ආදරය යනු අනන්‍යතාවයකි’ යන අදහසේ දෝෂය මෙම සන්දර්භය තුළ දී වටහාගත හැකිය. ඉතා සරලව කියන්නේ නම්, අනන්‍යතාවය (Identity) ආත්මීය ලක්ෂණයක් නොවේ. එය, දර්පන ප්‍රතිරූපයක් පමණි.

     ‘ආත්මය'[who i am i for me- unconscious I.] අප ගවේෂණය කළ යුත්තේ, පරමාත්වය තුළය. එවිට, අපට හමු වන ආත්මය දෙබිඩිය.[split] එය, තමා තුළම විසංවාදයක් අත්විඳියි. එම නිසා, ආත්මය එකවරම අනන්‍යතාවය සහ නිර්අනන්‍යතාවය ආත්ම කොට ගනී (Identity of identity & Non-identity). ඕනෑම ජීවන දර්ශනයක් අතහරින්නේ ආත්මය සතු මෙම ස්වයං-නිශේධන ශක්‍යතාවය යි.  

[Self-related negativity]

     ලංකාව වැනි රටක ආදරය අවබෝධ කර ගන්නේ, ආත්මය සහ වස්තුව අතර 100% ක  ඒකාත්මික [UNITY] වීමක් ලෙසය. වැටහෙන උදාහරණයකට රැගෙන ආවොත්, ආදරය යනු තමන් ආදරය කරන්නා තමන් සමඟ පූර්ණ ලෙස අනන්‍ය වීමයි. එහිදී, තමන් සමඟ අනන්‍ය නොවන කිසිදු ශේෂයක් ඉතිරි විය නොහැකිය. එසේ ඉතිරි වන්නේ නම්, එය ආත්ම වංචාවක් හෝ ආදරයට ද්‍රෝහී වීමකි.

       අපි ජේසු දෙසට හැරෙමු. උන්වහන්සේ දෙවියන්ට ආදරය කරන ලදී. දෙවියන්ව පරමව විශ්වාස කරන ලදි. නමුත්, අවසන් මොහොතේ දී ජේසුතුමාව දෙවියන් විසින් පාවා දෙන ලදී. එසේ වූවාට පසුවත් ජේසුතුමා දෙවියන්ට මහත් භක්තියෙන් ආදරය කරන ලදී. ආදරය යනු, බටහිර අරුතින් අනෙකා ඔබව අතහැර හෝ පාවා දෙද්දීත් ආදරය කිරීමයි. එම නිසා, බටහිර ආදරය ස්වයං- අනන්‍ය [Self-identity] නැත. නාසිස්මික නැත. එබැවින්, නලීන් ද සිල්වාගේ භාෂා ලෝකය තුළ ආදරය සහ ස්ත්‍රිය නොමැති වීම පුදුමයට කාරණයක් නොවේ. නලීන් ද සිල්වාට රුචි සියලු දෙනාම (බහුතරය නොවේ) ස්ත්‍රියකට උමතුව ආදරය කරන්නට බියගුළුවන පිරිමින් ය. නාසිස්මික රජවරුන් ය.

     ක්‍රිස්තියානි ආගම ආදරයේ ආගම වන්නේ, කෙනෙක් ආදරයේ දී තම කවචයෙන්- හරියට කට්ටෙන් එළියට එන ගොළුබෙල්ලෙකු මෙන් – හෙමිහිට අනෙකාගේ ලෝකයට ගමන් කරන නිසාය. ආදරය පාවා නොදීම යනු, අනෙකා තමන්ගේ හිසට වෙඩි තැබුවත් අනෙකා වෙතට ආ මෙම ගමන සත්‍යයක් ලෙස පිළිගැනීමයි. ජේසුස් වහන්සේගේ ආත්මය ආදරයට තුල්‍ය වන්නේ මේ නිසා ය. එතුමන්ගේ ආත්මය ආදරය ඉදිරියේ පිටතට, එනම් බහිෂ්කරණය වන අතරම නැවත ඇතුළතට ද නිරාවරණය වෙයි. එනම්, තමාගේ හෙළුව තමන්ම දැකීමයි.

      ඉහත දාර්ශනික සන්දර්භය තුළ ආත්මය එළියට ඒම සහ නැවත ඇතුළත ගැන මෙනෙහි කිරීම ආදරයේ ගමන් මාර්ගය යි. මෙලෙස බහිෂ්කරණය වන සහ අභ්‍යන්තරයට එකවර යොමුවන ක්‍රියාවලිය දයලෙක්තික සංසිද්ධියක් ලෙස දාර්ශනික ලෝකය තුළ දී හඳුනා ගැනේ. එම නිසා, බුදුදහම තුළ ‘ආදරය පිළිබඳ න්‍යායක්’ ගොඩනැගිය නොහැකිය. බුදුදහම යනු, අනන්‍යතාවය සහ එය අතහැරීම හුදු පරස්පරයක් ලෙස ගැනීමයි.

      හේගල් දියුණු දාර්ශනිකයෙක් යැයි අප කියන්නේ මන්ද? ඔහු කිසිවිටෙක දී, ආදරය යනු පුද්ගලයන් දෙදෙනෙක් අතර වන සම්බන්ධයක් සේ ගත්තේ නැත. ඔහුට අනුව, ආදරයේ දී අපට හමුවන අනෙකා (දෙවියන්= Other) අතිවිශාල ඓතිහාසික ක්‍රියාදාමයක සහ සංස්කෘතික නිර්මිතයක ප්‍රතිඵලයකි.

එබැවින්, ආදරය යනු අනෙකා සමඟ සංවාද කිරීම, අනන්‍ය වීම පමණක් නොවේ. එහි අනෙක් පැත්ත වූ අනෙකාගේ මුහුණට ලේ පනින්නට පහර දීමක් ද කළ යුතුය. ආදරයේ මෙම දෙවන පැවැත්ම ලංකාවට ආගන්තුක ය. අපට හමුවන අනෙකා තනි හුදෙකලා පුද්ගලයෙකු පමණක් නොව ඔහු/ ඇය යුගයක නිෂ්පාදනයකි.[Geist or Spirit) එම නිසා, මේ පුද්ගලයා යුගයක මධ්‍යසාරවලින් වෙරි වී ඇත. ඔවුන්ව යුගයෙන් එළියට ගැනීමට අප ඔවුන්ට ගිනි තැබිය යුතුය, කෙනිත්තිය යුතුය, සපා කෑ යුතුය, අපහාස කළ යුතුය.

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

[When Hegel talks about Geist (or Spirit), he is referring to self-consciousness. For Hegel, consciousness (or capital B Being) is a collective phenomenon which unites all beings. When Hegel talks about consciousness, he is not talking about YOUR consciousness or MY consciousness—he’s instead talking about the foundational consciousness, the very original, unifying consciousness that allows for our experience in the first place. This is what Geist is—the all-encompassing and unifying Spirit/Mind of experience. For Hegel, all material reality is a result of Geist, or Mind.

Now,  “Absolute Spirit.” This is something slightly different. As history unfolds and as human thought progresses, the collective Geist moves towards self-consciousness. Again, self-consciousness does not refer to you, me, or any particular individual. Self-consciousness refers to the unifying realization of Geist itself.]

      අපි දැන් ෆර්නැන්ඩෝ සෝලානාස්ගේ ‘South’ (1988) චිත්‍රපටය දෙසට හැරෙමු. චිත්‍රපටයට පාදක වන්නේ, ආජන්ටිනාවේ මිලිටරි ජුන්ටාව රට පාලනය කළ 76-83 යුගය යි. චිත්‍රපටයේ කතා නායකයා වසර 5ක් දේශපාලන සිරකරුවෙක්ව සිට එක්තරා රාත්‍රියක නිවස බලා පැමිණෙයි. ගෙවී ගිය කාලය පිළිබඳව සැකයක් අපගේ කතා නායකයාට ඇති වෙයි. එනම්, ඔහු නැතිව ගෙවී ගිය වසර 5 ක කාලය තුළ තම බිරිඳ පතිවෘතතාවය රැක්කාද යන්න ය. 70-80 දශකවල ලතින් ඇමෙරිකානු වාමාංශික ගරිල්ලා ව්‍යාපාරවල මුඛ්‍ය ගැටලුව අප කතා නායකයා තුළින් විද්‍යාමාන වෙයි. එක් පසෙකින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි කොමියුනිස්ට් යුතෝපියාව පිළිබඳ සිහිනය ඇත. අනෙක් පසින්, මිනීමරු පැරාමිලිටරි හමුදාවේ මරණීය තර්ජනය ඇත. 87-89 යුගයේ ජවිපෙ අරගලය තුළ පැවතියේ ද මෙම විරුද්ධාභාසයයි.

     90 දශකය මුල දී ‘South’ චිත්‍රපටය පිළිබඳව ලංකාවේ කතා කරනු ලැබුවේ, නිහාල් පීරිස් ය. ඒ, මීට වසර 30 කට පෙරය. ඔහු ඒ පිළිබඳව කුමක් කීවා යැයි කිසිවක් මට මතක නැත.

     චිත්‍රපටයේ ඉතුරු කොටස දිග හැරෙන්නේ මෙලෙසය. විප්ලවවාදී සැමියාගේ මුඛ්‍ය ප්‍රශ්නය වන්නේ, තම බිරිඳ තමා නැති කාලයේ වෙනත් පුද්ගලයෙකුගෙන් ලිංගික සතුටක් වින්දා ද යන්නය. සොලානාස් තම චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව ලෙස ගන්නේ, මෙම ලිංගික ගැටලුවයි. රටක ‘දේශපාලන-ආර්ථිකය’ පිළිබඳව පොදු ගැටලුවක් විසඳීමට ගිය පුද්ගලයෙකුට අනපේක්ෂිතව ‘ලුබ්ධි-ආර්ථික’ ගැටලුවක් සම්මුඛ වී ඇත. කතා නායකයා දේශපාලන පරාජය නිසා සංකල්පීය සහ බුද්ධිමය තලයක ව්‍යාකූල වී ඇති අතර අනෙක් පසින්, පවුල් ජීවිතයට යළි පසුබසින විට හදවතින් තුවාල වී ඇත. සොලානාස් විසින් කතා නායකයාගේ තුවාලය සුවපත් කිරීමට චිත්‍රපටය තුළ අපූර්ව උපක්‍රමයක් භාවිතා කර ඇත.

      කතා නායකයා නිවසට යාම ප්‍රමාද කරන අතර බුවනෝසයර්ස් නගරයේ ඉබාගාතේ ගමන් කිරීමට පටන් ගනී. එහිදී, ඔහුට පැරණි මිතුරෙක් හමු වෙයි. නමුත්, මේ මිතුරා ඝාතනයට ලක් වූ පුද්ගලයෙකි. එබැවින්, ඔහුගේ පැවැත්ම සටහන් වන්නේ අවතාරයක හැඩයෙනි. ජීවිතය පිළිබඳව දේශපාලනය විසින් දෙන අර්ථකථනය අසමත් වන්නේ, ලුබ්ධිමය ගැටලු හමු වූ විටදී ය. සැබවින්ම අපගේ දේශපාලනික පක්ෂපාතීත්වයන් යට ඇත්තේ අශ්ලීල ෆැන්ටසීන් මිස පුරුෂාර්ථ නොවේ.

       අපට මෙතන දී, ලැකාන්ගේ ආප්තයක් සිහි කළ හැකිය. කිසියම් පුරුෂයෙක් තම බිරිඳට වෙනත් සබඳතාවයක් ඇතැයි සැක කරන්නේ නම් එහි ගැටලුව ඇත්තේ, බිරිඳගේ චර්යාව තුළ නොව සැමියාගේ ආත්ම මූලිකත්වය තුළය. මෙම ගැටලුව හේගලියානු දර්ශනයට ගොනු කරන්නේ නම් එම සූත්‍රගත කිරීම මෙසේය. එහි පිළිතුර වන්නේ, කතා නායකයාගේ හදවතේ තුවාලය බිහිකළ හේතුව යි.[Cause of desire] එනම්, ආත්මයේ තුවාලය සුවපත් කිරීමේ දිශානතිය යොමු වී ඇත්තේ පරමාත්මය දෙසටය.

 

      පුදුමයකට මෙන්, කතා නායකයාගේ අවතාර මිතුරාගේ දීර්ඝ සංවාද භාෂාව මගින් ‘කතා- නායකයාගේ’ තුවාලය සුවපත් වන අතර හිමිදිරිය වන විට ආපසු පවුල දෙසට ගමන් කරයි. මා මුලින් ද පැවසූ පරිදි අපට අවශ්‍ය වන්නේ, ජීවිතය දාර්ශනිකකරණය කරන දර්ශනයක් නොව ආත්මය දාර්ශනිකකරණය කරන දර්ශනයක් බව කීවේ මේ අදහස සිතෙහි දරාගෙනය.

      ජගත් මනුවර්ණ ජනතා විමුක්ති පෙරමුණ අරභයා ලුබ්ධි- ආර්ථික[Libidinal Questioning- 2nd Excess] ප්‍රශ්න කිරීමක් සිය ‘රහස් කියන කඳු’ හරහා අපට ඉදිරිපත් කරයි. නමුත්, ඒ පැරාමිලිටරි හමුදා සාමාජිකයන්ගේ දෘෂ්ටිකෝණයෙනි. නමුත්, අපට තවත් පියවරක් තැබීම අත්‍යාවශ්‍යය. මන්දයත්, දේශපාලන දෘෂ්ටිවාදයන් ඝාතන වලින් හෝ සංකල්පීය තලයේ විචාරවලින් පමණක් අවසන් වන්නේ නැති නිසා ය.

X කණ්ඩායම යනු, 90 දශකයේ බිහි වූ පශ්චාත්-විජේවීරවාදී දර්ශනයකින් හෙබි සංවිධානයකි. නමුත්, එය මරා දමමින් යළිත් බිහි වූයේ ජේවීපීකාරයන්මය. 2005-10 කාලය තුළ ‘කපුටාගේ කූඩුවේ කොහාගේ බිත්තර සංසේචනය වේ ‘යන සංසේචන න්‍යායන් පවා X දේශපාලනය අභ්‍යන්තරයෙන්ම බිහි විය. ඒ අර්ථයෙන්, ‘ගින්නෙන් උපන් සීතල’ විප්ලවීය නිර්මාණයකි. එසේ නම්, බිහි විය යුතු අනාගත නිර්මාණය කුමක් ද?

      87-89 යුගයේ ශිෂ්‍ය දේශපාලනය මෙහෙයවන ලද ඩී. එම්. ආනන්ද සහ ඔහුගේ පෙම්වතිය අතර සම්බන්ධය ”ලුබ්ධි- ආර්ථිකමය දෘෂ්ටිකෝණයකින්” නිපදවිය හැකි නම්, එය විජේවීරවාදී ශිෂ්‍ය දේශපාලනයේ අවසානය යි. එවැන්නක් නිපදවෙනතුරු සිදු වන්නේ, විජේවීරවාදය යළි යළිත් පුනර්නිෂ්පාදනය වීම පමණි.

      ලතින් ඇමරිකානු රහසිගත ගරිල්ලා ව්‍යාපාර සංවිධාන තලය අවසන් වී ඒවා ජනප්‍රියවාදී ව්‍යාපාර බවට පරිවර්තනය වූයේ[Populist Movements], ඒවායේ ආධාරකය වූ ”අශ්ලීල ලුබ්ධිය” [Libidinal Underbelly]  එහි කලාකෘති මගින් විසංයෝජනය වූ නිසා ය. සොලානාස්ගේ කෘතිය තුළ සමාජ-ආර්ථික ගැටලු වෙනුවට පෙන්වන්නේ, ඒවා නිපදවන සහ ඉවසන හදවතේ අඳුරයි. අලුත් ඉරක් පායන්නේ මේ අඳුර කතා කර අවසන් කළාට පසුවය. එසේ නැතිනම්, සිදු වන්නේ වෘත්තයක් දිගේ ගමන් කිරීම පමණි.

“”””””””””””””””””””‘

 ජනවාරි මස අග දී අපගේ සිනමා පන්තිය ආරම්භ වෙයි. ඒ සඳහා එකතු වන්න! 

මෙහෙයවීම: දීප්ති කුමාර ගුණරත්න
පුශ්පජිත් ජයසිංහ

පටන්ගැන්ම: 2024 ජනවාරි මාසයේ සිට

කාලය මාස තුනයි.

පහත අංකයට කතා කරන්න.
0774950204

]]>
21 වන සියවසේ ස්ත්‍රීන් නොමැත http://3mana.com/21-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%9a-%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%90/ Thu, 04 Jan 2024 11:01:16 +0000 http://3mana.com/?p=22235  

  ජනතා විමුක්ති පෙරමුණ, අරාජකවාදීන්, පැරැණි X සාමාජිකයන්, ස්ත්‍රීවාදීන්, පැරණි මාක්ස්වාදීන්, ග්‍රාම්ස්චිවාදීන් ආදී මෙකී නොකී බහුතරයක් බුද්ධිවාදීන් ඔබට අප විසින් ආරම්භ කිරීමට යන දෙවන සිනමා පන්තියට සහභාගී නොවීමට ඕනෑ තරම් හේතු පාඨ කියනු ඇත. එම නිසාම, මේ සිනමා පන්තියට සහභාගි වන්නේ ගිය ආත්මයේ පින් කළ පිරිමින් සහ ගැහැණුන් පමණි.

        අපගේ පන්තියේ දී චිත්‍රපටයක් සෑදීමට යොදා ගන්නා කැමරා උපකරණ, ආලෝක උපකරණ සහ තවත් තාක්ෂණික උපකරණ ක්‍රියා කරවන ආකාරය පිළිබඳව උගන්වන්නේ නැත. ආයතනයේ උසස් වීමකට අදාළ කර ගත හැකි ඩිප්ලෝමා සහතික නිකුත් කිරීමේ බලය ද අපට නැත. නමුත්, අපේ සිනමා පන්තියට සහභාගි වූ අය අපගේ යුගයේ දී ජීවත් වීමට බහුතර දෙනා තෝරා ගන්නා ජීවිතය වන මළගිය ප්‍රාණියෙකු [Living-Dead]නොවනු ඇත. එබැවින්, අපේ පන්තියේ නම ‘අසන්තතික සිනමාව සහ අලුත් ජීවිතය යි.’

Where are you now?

          Alan Walker නම් ගැටවර සංගීතඥයාගේ බොහෝ ගීතවල අඩංගු වන්නේ, වයස 16-20 වැනි වයසක ජීවත් වන ගැටවරයන්ගේ පාළුව, තනිකම සහ හුදෙකලාවයි. ‘Faded’ නම් ගීතය මෙම ගැටවරයන්ගේ හංස ගීතය යි. ඒ අතින්, සිංහල ගැටවර ජීවිතය බටහිරටත් වඩා මුස්පේන්තු ය. එපමණක් නොව, ‘Faded’ ගීතයට අනුව ස්ත්‍රිය යනුවෙන් කෙනෙක් ෆැන්ටසියක් ලෙස මිස ඇත්ත ලෝකයේ නැත. එම නිසා, ගැටවර පිරිමියා ද මියගොස් ඇත. මේ බොහෝ ගැටවර-ගැටවරියන් ලිංගික සබඳතා පැවැත්වීම වෙනුවට මත්ද්‍රව්‍ය පාවිච්චි කර එකිනෙකාගේ ජංගම දුරකථනවල තිර හරහා සිප වැළඳ ගනිති. අමායා අධිකාරි යනු, වයස ගිය ශරීරයක් සහ පිරිමින් නැති ලොවක ගැටවර මනසකි.

kieslowski and Iren Jacob

           50 දශකයේ මැරිලීන් මොන්රෝ ද, 60 දශකයේ දී බ්‍රිජඩ් බාඩෝ ද, 70 දශකයේ දී ජේන් ෆොන්ඩා ද පිරිමින්ට ස්ත්‍රියගේ හැඩ තෝරා දෙන ලදී. 50 දශකයේ රුක්මණී දේවි ද, 60 දශකයේ දී පුණ්‍යා හීන්දෙනිය ද, 70 දශකයේ දී මාලිනී ෆොන්සේකා ද, 80 දශකයේ දී ස්වර්ණා මල්ලවාරච්චි ද පිරිමින්ට ස්ත්‍රියගේ හැඩය තෝරා දෙන ලදී.

          අද ඒ සඳහා සිටින්නේ, කච පච ගානා යුරේනී නොෂිකා ය. [Tarantino Girls] ඇය, පිරිමින්ගේ ෆැන්ටසිය රඟ දක්වන , එම රාමුව ආරක්ෂා කරන්නියක් නොවේ. ඇය පිරිමින්ගේ ෆැන්ටසි ආඛ්‍යානය බිඳ කෙළින්ම ඇගේ තෘප්තිය කරා ගමන් කරන්නියකි. ඇයට ආශාවක් නැත. එම නිසා, පිරිමින්ට ඇය ගැන සිහින දැකීමට නොහැකිය. ඇය රඟ දක්වන්නේ, Drive නැතහොත් ඉලක්කය අවසන් මොහොතේ අසමත් කරන අතෘප්තියකි. 

            ජනවාරි මාසයේ මැද දී පටන් ගන්නා අපගේ සිනමා පන්තියට අපි ඔබට ආරාධනා කරන්නෙමු. එහිදී, සිනමාව හරහා මිනිසුන්ගෙන් ඉගෙන ගන්නා දෙය ඉගෙන ගනිමු. ඇසුරු කරන්නට අනෙකෙක් නැති සමාජයක තිරයක් මත ප්‍රක්ෂේපණය වන යථාර්ථය ප්‍රබන්ධයක් බවත්, එය ජීවිතයට වඩා ලස්සන, බුද්ධිමත් බවත් ඉගෙන ගනිමු. 

Persona.

මෙහෙයවීම: දීප්ති කුමාර ගුණරත්න
පුශ්පජිත් ජයසිංහ

පටන්ගැන්ම: 2024 ජනවාරි මාසයේ සිට

කාලය මාස තුනයි.

පහත අංකයට කතා කරන්න.
0774950204

]]>
නිෂ්පාදන ආර්ථිකයක් යථාර්ථයක් නොවන්නේ මන්ද? http://3mana.com/%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b6%ae%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a/ Fri, 29 Dec 2023 09:08:07 +0000 http://3mana.com/?p=22226 2024 වර්ෂයේ ඡන්ද උණුසුම ඉහළ යත්ම රටේ ආර්ථික බිඳ වැටීමට විකල්පයක් ලෙස රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම පිළිබඳව විපක්ෂයේ විවිධ කණ්ඩායම් සංවාද කරමින් සිටිනු පෙනේ.

After Left and  Right Politics –

             අපගේ සංවිධානය ද 2002 වැනි වර්ෂයක දී S.B.de Silva ඇසුරු කරගෙන ‘නිෂ්පාදන ආර්ථිකය’ ගොඩනැගීම පිළිබඳව ප්‍රවාදයක් ගොඩනැගු අතර ටික කලකින්ම එය පුස්සක් බවට පත් විය. ලංකාව වැනි ධනවාදී සමාජ-ක්‍රමය අවිඥාණක රටක නිෂ්පාදන ආර්ථිකයක් යන අදහසම පවා මනෝභ්‍රාන්තියක් වන්නේ කෙසේද? දශක එකහාමාරක පමණ කාලයක් ඒ වෙනුවෙන් කරන ලද අධ්‍යයනයේ නිශ්චිත නිගමන අපට පහත පරිදි ඉදිරිපත් කළ හැකිය.

1964 – sexy ?

           20 වැනි සියවසේ ආරම්භයේ සිදු වූ 1917 ඔක්තෝබර් විප්ලවයට පසුව ලෙනින්ගේ නායකත්වයෙන් යුතු පොලිටි බියුරෝව උත්සාහ කරන ලද්දේ, විප්ලවය යුරෝපයට අපනයන කරන්නේ කෙසේ ද කියා ය. මන්ද, ඒ වන විටත් බටහිර යුරෝපය කාර්මිකකරණයට යටත් වී පැරණි සමාජ අගතීන්ගෙන් නිදහස් වන වාතාවරණයක් තිබුණු බැවිනි. නමුත්, ලෙනින්ට සිදු වූයේ රුසියාව තුළ ‘නිෂ්පාදන ආර්ථිකයක්’ නිපදවීම පසෙකලා ඒ තුළ ධනවාදී වෙළඳපොල ස්ථාපිත කිරීමට ය. අනෙක් අතට, සමාජවාදය යුරෝපයට අපනයනය කිරීම වෙනුවට රුසියාවට සිදු වූයේ ජර්මනියේ ජාතිවාදය අපනයනය කිරීමේ ව්‍යාපෘතියට මුහුණ දීමටය. 1923 සිට 1945 දක්වා දීර්ඝ කාලයක් ගත වූයේ ඉහත ව්‍යාපෘති දෙක රුසියාව තුළ තුලනය කිරීමට ය. පසුව, එසේ ක්‍රියාත්මක කරන ලද ක්‍රමය ස්ටාලින්වාදය ලෙසින් හැඳින්විය.

          දශක 4 ක පමණ ලෝක යුධ යථාර්ථයකට පසුව යුරෝපයේ දීර්ඝ කාලීනව පවතින පන්ති සාමයක් බිහි විය. නික් බීම්ස් තම භූගෝලීයකරණය (1998) පොතේ ඒ පිළිබඳව මෙලෙස රචනා කරන ලදී:

           “ බලවතුන් තිදෙනාගේ (ඇමරිකාව, එක්සත් රාජධානිය, රුසියාව) හමුදාවන්ට සහ රාජ්‍යතාන්ත්‍රිකත්වයට පැරණි යුරෝපයේ සියලු සමාජ පන්ති මත තමන්ගේ අභිප්‍රාය සමස්ත යුගයකටම (1945-1970) බලපාන පරිදි පටවන්නට හැකි වන බව සිතා ගැනීමට සිය සියලු චින්තන පුරුදු නිසා ඔහු අසමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සාම්ප්‍රදායික පන්ති අරගලය ඒ දක්වා එය පැවැති මට්ටමෙන් ‘සීතල යුද්ධය’[Cold war] නම් තලයකට මාරු විය. මෙය, ඒ දක්වා ලෙනින්වාදය හෝ වෙනත් කිසිදු පශ්චාත්-යුධ කාලීන මාක්ස්වාදයකට ග්‍රහණය කර ගත නොහැකි යථාර්ථයක් විය.”-

උපුටා ගැනීම නවීකාරක කර ඇත-

 

          ‘සීතල යුද්ධය’ ආරම්භ වී යන්තම් දශක හතරක් ගත වූ කල රුසියාවේත්, නැගෙනහිර යුරෝපයේත් සමාජවාදය 1989 දී බිඳ වැටුණු අතර සියවස සිතුවාට වඩා කෙටි විය. ඉන්පසු, ඇමරිකානු සියවසක් ආරම්භ විය.

            1900 සිට (19 වන සියවසේ ලිබරල්වාදය අවසන්ව) 2000 දක්වා කාලය තුළ ඉතිහාසය වර්ධනය වූ තර්කය පිළිබඳව මූලික අදහස් දෙකක් මෙලෙස සාරාංශගත කළ හැකිය.

 

1.ජියොවන්තී අරිගි විසින් ඉදිරිපත් කළ ‘ව්‍යුහය අධිනිශ්චය වීමේ චක්‍රීය විපර්යාසය’ (Long Twentieth Century). මෙම කෘතිය මගින් තහවුරු කරන ලද්දේ, පන්ති අරගලය ප්‍රතික්ෂේප කොට ධනවාදය නම් ව්‍යුහය සිය බාධාවන් ජය ගන්නා ආකාරය පිළිබඳවයි. (Structure over Agent)

 

2. අන්තෝනියෝ නෙග්‍රී සහ මයිකල් ගාර්ඩි විසින් ඉදිරිපත් කළ පන්ති අරගලයේ නූතන ස්වරූපය (Empire). මෙමගින් අවධාරණය කරන ලද්දේ, බහුලත්වය සහ ආශාවන් සියල්ල ඉටු කරනු ඇත යන න්‍යාය යි. මෙහිදී, ධනවාදී ව්‍යුහය වෙනුවට ඒජන්තයා පිළිබඳ අදහස යළි පෙරමුණට ගෙන එන ලදි.

shells.

             ඉතිහාසයේ දැන් අප සිටින්නේ, දෙවන ලෝක-යුධ යථාර්ථයකට පසුව පමණක් නොව සීතල යුද්ධයට ද පසු තත්ත්වයක් තුළ ය. අධිරාජ්‍යවාදය නම් සංකල්පය දැන් යළිත් නිර්වචනය කළ යුතු අතර ඇමෙරිකාව තම අතපෙවීම ලතින් ඇමෙරිකාවෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් යුක්‍රේනයට සහ මැදපෙරදිගට මාරු කර ඇත.

              සාම්ප්‍රදායික මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයන්ටත්, පශ්චාත්-යුධ කාලීන දාර්ශනිකයන්ටත් (ධනවාදය සමතික්‍රමණය සඳහා චින්තන තලයේ යොදා ගත් ප්‍රංශ දාර්ශනික ගුරුකුලය- මිචෙල් ෆූකෝ, ජාක් ඩෙරීඩා, ඇලන් බදියු, ලුවී අල්තූෂර්, ප්‍රාංශුවා ලියෝතා, ජීන් බෝද්‍රිලා) 70 දශකයේ මුල දී සිදු වූ ඓතිහාසික ඛණ්ඩනය න්‍යායගත කිරීමට නොහැකි විය.

             සාරාංශගතව 70 දශකය මුල සිදු වූ ඓතිහාසික ඛණ්ඩනය පහතින් අපි මෙලෙසින් සටහන් කරමු.

              ගෝලීය නිෂ්පාදන ක්‍රමය ෆෝඩ්වාදයෙන් පශ්චාත්-ෆෝඩ්වාදයට විස්ථාපනය වීම. මෙමගින්, රටවල් මට්ටමේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික තලයේ ව්‍යුහාත්මක විපර්යාස බිහි වූ අතර 2008 වර්ෂයේ මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය බිඳ වැටුණු අතර එමගින් ඇමරිකන් ධනවාදයේ ඩොලර් ආධිපත්‍යය ද පරීක්ෂාවට ලක් විය. ෆෝඩ්වාදයේ සිදු වූ මෙම විපර්යාසය බටහිරට සහ නැගෙනහිරට බලපෑ දෙයාකාරය පහත පරිදිය.

 

බටහිර ‍- රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයේ දේශපාලන සහ සමාජ තර්කය බිඳ වැටීම. දෙවන ලෝක යුද්ධයට පසුව ලෝක පර්යාය ආර්ථික තලයක සකස් කළ කේන්ස්ගේ අදහස් අර්බුදයට ලක් වීම. එනම්, පන්තීන් අතර සාමය සුභසාධනයෙන් අතු ගා දැමීම. විභාග ක්‍රම සහ අධ්‍යාපනය හරහා පහළ පන්තීන්ට ලොතරැයි දිනුම් යෝජනා කිරීම.

 

නැගෙනහිර  – නැගෙනහිර යුරෝපයේ සහ රුසියාවේ කොමියුනිස්ට්වාදය බිඳ වැටීම. එනම්, රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය සහ නිලධාරී තන්ත්‍රයේ සුජාතභාවය ඊට අහිමි වීම.

ඊට අමතරව, චීනයේ මාවෝවාදය යළි ප්‍රතිව්‍යුහගත වීමක් ද සිදු විය.

 

           ඓතිහාසික වර්ධනය පිළිබඳ (මාක්ස්වාදී/ වෙබරියානු) සරල රේඛීය චින්තනය සහ සාම්ප්‍රදායික සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ද, කොමියුනිස්ට් පක්ෂ ද ෆෝඩ්වාදයේ බිඳ වැටීම නිසා අභාවයට ගමන් කරන ලදී. ඒ වෙනුවට, ආපතිකත්වයට[ contingencies] ඉඩදෙන සමාජ න්‍යායන්ට ඉඩ විවර විය.

             ‘නික් බීම්ස්’ ඉහත ෆෝඩ්වාදයේ බිඳ වැටීම ඉතාම සංකීර්ණ ප්‍රපංචයක් ලෙසින් වටහා ගත්තේය. ඔහු මූලික කරුණු දෙකක් පශ්චාත්-ෆෝඩ්වාදී නිෂ්පාදන මාදිලිය තුළ හඳුනාගන්නා ලදී.

 

1. නිෂ්පාදනය භූගෝලීයකරණය යනු, හුදෙක් ආර්ථික ක්‍රියාවන්ගේ ප්‍රසාරණයක් නොවේ. ඉන් නියෝජනය වන්නේ, ලෝක ධනවාදී ආර්ථික ව්‍යුහයේ ගුණාත්මක වෙනසකි. ප්‍රාග්ධනයේ රූපාකාර තුනකි. ‍එනම්, මූල්‍ය ප්‍රාග්ධනය, නිෂ්පාදන ප්‍රාග්ධනය සහ භාණ්ඩ ප්‍රාග්ධනය යි. ප්‍රාග්ධනයේ ස්වයං නිෂ්පාදනය ප්‍රාග්ධනය රූපාන්තරණය වීමෙන් සිදු වෙයි. මෙම ක්‍රියාවලි තුනෙන් එකක් සුවිශේෂය. එනම්, නිෂ්පාදන ප්‍රාග්ධනය එහි ඊළඟ අදියර වන භාණ්ඩ ප්‍රාග්ධනයක් වීම තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු වෙයි. මෙහිදී, ප්‍රාග්ධන ස්කන්ධයෙහි වැඩි වීමක් සිදු වෙයි. මේ ස්කන්ධයේ ඕපපාතික වැඩි වීම නැතහොත්, එහි උල්පත ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියේදී කම්කරුවාගෙන් උපුටා ගන්නා ‘අතිරික්ත වටිනාකම’ මත ය. (ගෙවන මිලට වඩා වැඩි මිලකට ශ්‍රමයේ වටිනාකම විකිණීම) ධනවාදී නිෂ්පාදනයේ ඉතිහාසය යනු, මෙම තෙවැදෑරුම් රූපකාරයන් හි භූගෝලීයකරණයේ ඉතිහාසය ලෙස සැලකිය හැකිය.

 

මේ දක්වා ජාතික භූමියට ගැට ගැසුණු නිෂ්පාදන ප්‍රාග්ධනයට එය පිහිටා තිබූ ස්ථානය කරා ශ්‍රමය අද්දා ගැනීමට සිදු විය. උදාහරණයක් ලෙස, කපු වැවීම සඳහා කළු ජාතික ශ්‍රමය ඇමරිකාවට ගෙන එන්නට සිදු විය. මෙතැනට, ලාභ ශ්‍රමය පිළිබඳ කතාවට වඩා වැඩි දේවල් ගැට ගැසී ඇත. මේ නිසා, දැනට ජාත්‍යන්තර ශ්‍රම විභජනයක් සිදු වෙමින් පවතී.

 

අතීතයේ දී නිෂ්පාදන ප්‍රාග්ධනයේ ක්‍රියාකාරී ක්‍ෂේත්‍රය වූයේ, ජාතික රාජ්‍යය යි. අමුද්‍රව්‍ය ඇතුළුව යන්ත්‍රෝපකරණ ගෙනාවේ බැහැරිනි. නිමි ඇඳුම් වැනි නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විකුණනු ලැබුවේ, ජාත්‍යන්තරවය. වැදගත් කරුණ වූයේ, ‘නිෂ්පාදන ප්‍රාග්ධනය’ එතැන් සිට භාණ්ඩ ප්‍රාග්ධනය දක්වා ප්‍රතිවර්තනය වීම තුළ සිදුවන අතිරික්ත වටිනාකම් උපුටා ගත්තේ දෙන ලද ජාතික රාජ්‍ය සීමාව තුළින් වීමය. මෙය, තවදුරටත් සිදුවන දෙයක් නොවේ. දැන් නිෂ්පාදන ප්‍රාග්ධනය විසින් අතිරික්ත වටිනාකම් උපුටා ගනු ලැබීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ද ජාතික රාජ්‍ය සීමාවෙන් පිටත ය. මෙම ගුණාත්මක පරිවර්තනය සත්‍ය ලෙසම ජාතික රාජ්‍ය සීමාවේ සිට ක්‍රියා කරන දේශපාලන පක්ෂවල සීමාවලට වඩා දුරදිග යන එකකි. ඉන් ප්‍රකාශ වන්නේ, ජාතික රාජ්‍ය සීමාවන්වල ජීවත් වන ශ්‍රමිකයන්ගේ සමාජ තත්ත්වය රැක ගත හැකි ය යන සියලු ජාතික- ප්‍රතිසංස්කරණවල බිඳ වැටීමයි.

 

2. පශ්චාත්-ෆෝඩ්වාදී සමුච්ජන ක්‍රියාවලිය තුළ දී එක්තරා ආකාරයකට දක්නට ලැබෙන පරිදි ධනවාදී නිෂ්පාදන ආකාරයේ බිඳ වැටීමේ තත්ත්වයක් උදා වෙයි. එය, හුදු සමස්ත පද්ධතිය ඇන හිටුවන වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ.

   

නික් බීම්ස් ධනවාදී නිෂ්පාදන ආකාරයේ බිඳ වැටීමක් ලෙසින් විස්තර කරන තත්ත්වය කුමක්ද?

 

භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ එක රටක වන විට එහි වටිනාකම තහවුරු වන්නේ වෙනත් රටක නම්, එවැනි තත්ත්වයක් තුළ දී අලුත් විභවතාවයක් හට ගනියි. උදාහරණයක් ලෙස, ඇපල් දුරකතනය නිපදවන්නේ චීනයේ කම්හලක වන අතර එය කළමනාකරණය වන්නේ, තායිවානයේ ෆොක්ස්කොන් සමාගමෙන් නම් එහි අගය තහවුරු වන්නේ, ඇමරිකාවේ කැලිෆෝනියාවේ දී නම් චීනයේ කර්මාන්ත ප්‍රාග්ධනය සතු වටිනාකම සහ කැලිෆෝනියාවේ ඇපල් සමාගම සතු සමපේක්ෂණ ප්‍රාග්ධනය අතර පරතරය 1:60 පමණ අනුපාතයකි. එහි සරල අදහස වන්නේ, චීනයේ ඇපල් කම්හල ලබන වටිනාකම රුපියලක් වන විට දී එහි අගය 60 ගුණයකින් කැලිෆෝනියාවේ වැඩි වී ඇති බවයි. ඉන් අදහස් වන්නේ, කර්මාන්ත ප්‍රාග්ධනයෙන් ලැබිය හැකි ලාභ රේට්ටුව හොඳටම යල් පැන ගොස් ඇති බවයි.

 

ඒ අනුව, දැනට පවතින ගෝලීය නිෂ්පාදනය යළි සකස් වී ඇති ආකාරය අනුව , ලංකාවේ කර්මාන්ත ආරම්භ කරනවා යනු පාඩු ලබන තත්ත්වයක් බිහි වීම පමණි. 70-77 සමඟි පෙරමුණ ආණ්ඩුව දැවැන්ත පරාජයකට 77 වර්ෂයේ මුහුණ දුන්නේ, ලෝක මට්ටමින් ඒ වන විට අවිශදව පැවැති ෆෝඩ්වාදයේ බිඳ වැටීම අවබෝධ නොකොට තිබීමයි. 77 ට පසුව ආරම්භ කළ නිමි ඇඳුම් කර්මාන්ත ශාලා සාපේක්ෂව සාර්ථක වූයේ ද ඉහත සන්දර්භය තුළදී ය.

නික් බීම්ස්ගේ ධනවාදය පිළිබඳ පර්යාවලෝකනය සිදු වූයේ, 90 දශකය අග භාගයේදී ය. අද වන විට, දශක දෙකක් පමණ ගෙවී ඇති තැන ධනවාදී පර්යායට සිදුවී ඇති නව ඛණ්ඩනයන් මොනවාද?

 

ලෝක මට්ටමින් මේ පිළිබඳව තියුණු නිරීක්ෂණ දෙකක් න්‍යායාචාර්යවරුන් දෙදෙනෙක් විසින් සිදු කර තිබේ.

 

1. මොයිෂ් පොස්ටෝන් (Moishe Postone)-  මාක්ස්වාදී ඉතිහාසවේදියෙකු වන පොස්ටෝන් ඉතාම විචක්‍ෂණ ලෙස පශ්චාත්- ෆෝඩ්වාදී ධනවාදී පර්යාය පිළිබඳව න්‍යායගත කිරීම් කර ඇත. ඔහුගේ නිර්වචනයට අනුව, ශ්‍රමය මත තීරණය වූ වටිනාකම් න්‍යාය -value theory- බිඳ වැටී ඇති අතර දැනට තහවුරු වී ඇත්තේ මුදල් මගින් මුදල් මවන ‘කැසිනෝ ප්‍රාග්ධනය’ මගින් මෙහෙයවන ආර්ථික ක්‍රමයක්ය. අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස්ම අවධිය යැයි කියවෙන ලෙනින්ගේ ප්‍රවාදය අභියෝගයට ලක් වී ඇති අතර පොස්ටෝන්ට අනුව, අධිරාජ්‍යවාදය වෙනුවට නව ජාත්‍යන්තර රටාවක් නිර්මිත වී ඇත.[New World Order After Thatcher.]

 

පොස්ටෝන්ට අනුව, ‘රාජ්‍යය’ [state] ධනාත්මක වෙනසක සහ සංවර්ධනයේ නියමුවා යන ඒජන්තභාවයෙන් ඓතිහාසිකව ඉවත් වී ඇත. එම නිසා, ජාතික රාජ්‍යය තුළ ශ්‍රමයට ඇති විසඳුම යල් පැන යයි. මෙම තත්ත්වය ඔහු නව- ලිබරල් පර්යාය ලෙසින් හඳුන්වන ලදී. නමුත්, පොස්ටෝන්ට අනුව මාක්ස් ලිව්වේ විචාරාත්මක දේශපාලන ආර්ථිකය පිළිබඳව නොව ‘දේශපාලන- ආර්ථිකයට’ විචාරයකි. එම සන්දර්භය තුළ දී ඔහු කතා කරන්නේ, සංක්‍රාන්ති ඓතිහාසික ප්‍රභේද පිළිබඳව නොව සුවිශේෂ ඓතිහාසික ප්‍රභේද පිළිබඳව ය. ශ්‍රමයට පවා මෙම තත්ත්වය අදාළ ය.

 

ධනයේ උල්පත එක් යුගයක දී ශ්‍රමය වන විට දී, වෙනත් යුගයක දී එය එසේ නොවිය හැකිය. උදාහරණයක් ලෙස, සාම්ප්‍රදායික ධනවාදය තුළ ශ්‍රමිකයාගේ ශ්‍රමය ෆැක්ටේරිය තුළ දී සූරාකනු ලබයි. නමුත්,  පශ්චාත්-නූතන ධනවාදය තුළ දී ශ්‍රමිකයාගේ ‘ශ්‍රමය’ සුවිශේෂී ඓතිහාසික අවධියකට ඇතුල් වෙයි. එහිදී, ශ්‍රමිකයන්ගේ ‘ශ්‍රමය’ නම් ප්‍රභේදය දෙපලු වන අතර එක් කොටසක් ෆැක්ටරියේ දී හෝ වැඩ බිමේ දී සූරා කැවෙන අතර අනෙක, ෆැක්ටරියෙන් පිටත දී තවත් ආකාරයකින් උරා ගනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැලක සේවය කරන සිංහල ශ්‍රමිකයෙක් තමන්ගේ දවසේ වැටුපෙන් විශාල කොටසක් චාමර වීරසිංහගේ ප්‍රසංගයක් නැරඹීමට වියදම් කළ හැකිය. චාමර වීරසිංහ දිනකට මිලියන 2ක පමණ මුදලක් උපයන අවංක හදවතක් සහිත ගමේ මිනිසුන්ගේ හදවත් දිනාගත් ගායකයෙකි. මේ මුදල් අවසාන වශයෙන් සමපේක්ෂණයට ලක් වන්නේ, මත්ද්‍රව්‍ය හරහා ඩුබායි හී සමපේක්ෂණ ධනවාදීන් මඟිනි. එම නිසා, මේ දෙවන ආකාරයේ සමුච්ජනය සඳහා යෙදවෙන්නේ කායික ශ්‍රමය නොව ෆැන්ටසි ශ්‍රමය නැතහොත්, මානසික ශ්‍රමය යි. මෙම මානසික ශ්‍රමය සූරා ගන්නා කතිකාව ”විශ්ව-විද්‍යාලය” [university discourse or Capitalist Discourse] මිස ෆැක්ටරිය නොවේ. ග්‍රාම්ස්චිව පවා මානසික ශ්‍රමයක් ලෙස බදු ගෙවන්නන්ට විකිණිය හැකි යුගයකට අප සම්ප්‍රාප්ත වී ඇත.

 

පොස්ටෝන්ට අනුව, ධනවාදය තුළ ධනයේ මූලය බවට ශ්‍රමය පත් වූ යුගය අවසන් වී ඒ නිසාම අතිරික්ත වටිනාකම්වල[surplus value] පදනම ලෙස ශ්‍රමයට තිබූ ඓතිහාසික ඉරණම ද අවසන් වී ඇත. ඔහුට අනුව, ඉන්පසුව වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය යල්පැන ගොස් ඇත. සරලව කිවහොත්, ධනවාදී නිෂ්පාදනය සඳහා අවශ්‍ය ‘ශ්‍රම-කාලය’ නැතහොත්, මිනිසුන් මත යෙදවූ කාලයේ ආධිපත්‍යය බිඳ වැටී ඇත. ෆැක්ටරිය තුළ උරාගන්නා ‘ශ්‍රම-කාලය’ නිපදවන්නේ අඩු ලාභයකි.

 

විශාල ඓතිහාසික පරිවර්තනයක් පටුකර කිවහොත්, ධනවාදයට තවදුරටත් පුද්ගලයන් අවශ්‍ය නොවන අතර එම නිසාම සමාජ විද්‍යාවේ අවසානයන් සනිටුහන් වෙයි. මා කලින් ෆැන්ටාස්මැතික ශ්‍රමය යැයි කීවේ මෙම තත්ත්වාරෝපිතයට ය. අද දවසේ මිනිසෙක් (?) තම ශ්‍රමය ධනපතියාට විකුණනවා නොව තමන්වම වටිනාකමක් ලෙස ෆැන්ටසිකරණය කරනවාය. එයට අවශ්‍ය නම්, අපට ස්වයං භක්‍ෂණය හෝ මළගිය-ප්‍රාණියෙකු බවට රූපාන්තරණය වනවා යැයි ප්‍රකාශ කළ හැකිය. නූතන ධනවාදය තුළ සිතනවා යනු ද ධනවාදය යි. (Self-Moving Substance that is Subject) හේගල්ට අනුව, ඉතිහාසයට තර්කයක් ඇත. මාක්ස්ට අනුව, ප්‍රාග්ධනය යනු වියුක්ත ආධිපත්‍යයක් වන අතර එය සංස්ථාපනය කරන මිනිසුන්ගේ හිස් කුහරවලින් එය ස්වාධීන ය. මේ නිසා, ධනවාදය නැති කරන්න යන අය තහවුරු වනවාට වඩා වේගයෙන් අතුරුදහන් වෙයි.

 

20 වැනි සියවසේ සත්වන දශකයේ දී (1970’s) ප්‍රාග්ධනයට තමන්ගේ ස්වයං-වර්ධනයට ඓතිහාසිකව තවදුරටත් ශ්‍රමය අදාළ නැති බව වැටහෙයි. ෆෝඩ්වාදය බිඳ වැටීම යනු, මෙම සිදුවීමට ය. මෙය, ඉන්පසු කේන්සියානු රාජ්‍යකේන්ද්‍රීයවාදයටත් අදාළ වෙයි. 90 දශකය මැදවන විට දී මෙම අර්බුදය පශ්චාත්-නූතන තත්ත්වය ලෙසින් ලෞකිකව ප්‍රකාශ විය. මෙම නව තත්ත්වයට ප්‍රාග්ධනය ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද? එහි පළමු පියවර කිහිපය මෙලෙසින් වාර්තා කිරීමට හැකිය.

 

1.වෘත්තී සමිති දුර්වල කිරීම.

 

2. නිෂ්පාදනය ලාභ ශ්‍රමය සහිත කලාපවලට විස්ථාපනය කිරීම.

 

3. ශ්‍රමයට තාක්ෂණය හැකිතාක් ආදේශ කිරීම.

 

4. ධනය රැස් කරන අලුත් ආකෘති ගවේෂණය කිරීම. ආදායම් එකතු කිරීමේ නව ආකෘතියක් ලෙස ‘ණය ආර්ථිකය’ නැතහොත්, පුද්ගලයන්ට ක්‍රෙඩිට් කාඩ් සංස්කෘතියක් ආරෝපණය කිරීම. මෙය, අලුත් දෙයක් නොවන මුත් අලුත් අත්හදා බැලීමකි. මෙම නව මූල්‍ය ප්‍රාග්ධනය බිහි වන්නේ, වටිනාකමේ මූලාශ්‍රය ශ්‍රමය යන සිද්ධාන්තය බිඳ වැටුණාට පසු බව මතක තබා ගැනීම වැදගත්ය. මුදල් අච්චු ගැසීම ආර්ථිකයට හොඳ බව ඊනියා මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් පැවසීම ඒ අනුව, අහම්බයක් නොවේ.

 

ප්‍රාග්ධනය පැත්තෙන් තමන්ගේ ස්වයං-වර්ධනය සඳහා ඉහත සියලු පියවර ගත් පසු ඉතිරි වන විකල්පය කුමක්ද? පොස්ටෝන්ගේ මුඛ්‍ය ගැටලුව එය යි. නැතහොත්, සමකාලීන අපගේ සමාජ-අර්බුදයේ මූලය එයයි.

 

ඉහත පියවරයන් දෙස තීක්‍ෂණ ලෙස සලකා බලන විට දී අපට අවබෝධ වන්නේ, ‘වටිනාකම් නිපදවීම’ (Value Production) මත ධනය එක් රැස්වේ නම් ඒ සඳහා ඕනෑම මූලාශ්‍රයක් භාවිතයට ගත යුතු යැයි ප්‍රාග්ධනය තීරණය කරයි. ඉතාම සංක්ෂිප්තව සටහන් කළහොත්, ප්‍රාග්ධනය මිල සහ ලාභය සඳහා අන්තර්ගතයක් ලෙස මිනිස් ජීවිතයේ අන්තර්ගතයන් ද (ආත්මමූලිකත්වය සහ ලිංගික ෆැන්ටසි- පුළුල්ව ලුබ්ධිය) යොදා ගැනීම පටන් ගනියි. මේ මොහොතේ දී, ඇමෙරිකාව ඒ දක්වා ආරක්ෂාව යටතේ තබාගෙන සිටි අන්තර්ජාලය (Internet) මහජන අවකාශයට මුදා හරියි.

              

ඉතිහාසයේ ”අන්තර්ජාල මොහොතට” පසුව ප්‍රාග්ධනයට තමන්ගේ වටිනාකම් නිපදවීමේ ක්ෂේත්‍රයට මිනිසාගේ මානසික ශ්‍රමය යොදා ගැනීමට හැකි වෙයි. සරලව කිවහොත්, සමුච්ජනය ගෝලීය මට්ටමින් මන්දගාමී වන විට දී එය වඩ වඩා පරාර්තිත තැනකට එනම්, සමාජය සහ සොබාදහම සූරාකෑම පැත්තට යොමු වෙයි. ප්‍රාග්ධනය පැත්තෙන් ගතහොත් ආපසු හැරීමකි. ශ්‍රමය වෙනුවට අනන්‍යතාවයන් අධිනිශ්චය වීමට පටන් ගන්නේ මේ ආපසු හැරීමත් සමඟ ය. කටුව පොඩි වී ගිය ගොළුබෙල්ලෙකුට එලෙසම වූ තවත් ගොළුබෙල්ලෙකුගෙන් ඉගෙන ගැනීමට දෙයක් තිබේද?

 

පොස්ටෝන් තම තිසීසය අවසන් කරන්නේ, ධනවාදය වඩ වඩා අනාගතයේ දී අරාජක වීමට නියමිත ගතිකයන් පෙන්වා දෙමිනි. මේ සඳහා, දේශීය පිළිතුර කුමක්ද? හුරු-පුරුදු එක වන්නේ අල්පේච්ඡවාදය යි. දෙවැන්න වන්නේ, වාම-ජාතිකවාදය මුසු වූ සොරකමින් තොර ධනවාදය යි. මෙය, කෙතරම් අසාර්ථක විකල්පයක් ද යන්න අනාගතය අපට කියා දෙයි.

Boris-

 

   2. යානිස් වරුෆාකිස් විසින් ඉදිරිපත් කරන තාක්ෂණ-වැඩවසම් වාදය (Techno- Feudalism). මොයිෂ් පොස්ටෝන් නැවැත්වූ තැන වූ ධනවාදයේ අරාජකවාදී සැකැස්ම යන තැනින් එහා යමින් වරුෆාකිස් ප්‍රකාශ කරන්නේ, ධනවාදය සමාජ-ක්‍රමයක් ලෙස අවසන් වන බවයි. මෙය, නික් බීම්ස්ගේ අදහසට සමීප ය. නමුත්, ධනවාදයේ අවසාන සූරාකෑමේ ආකෘතිය හඳුන්වා දෙමින් වරුෆාකිස් ප්‍රකාශ කරන්නේ, ධනපතියන් පවා කලින් පරිකල්පනය නොකළ තත්වයක් උදාවී ඇති බවයි.

 

 වැඩවසම් යුගයේ ඉඩම් හිමියාට ඉඩම අයිතිය. ඒ තුළම ජීවත් වන ප්‍රවේණි-දාසයන් (පරම්පරාවෙන් පරම්පරාවට ජීවත් වන ඉඩම- මෙය ලංකාවේ වතු ඉඩම්වල ජීවත් වන වතු දෙමළ කම්කරුවන් මෙනි) තම ශ්‍රමය තම ස්වාමියාට විකුණන්නේ නැති අතර එය ලබා දෙන්නේ නොමිලේ ය. එයට හිලව් ලෙස ඔවුන්ට යැපීම සඳහා යැපුම් ආර්ථිකයක් සකස් කර ඇත.

වරුෆාකිස්ට අනුව, නූතන Facebook, Whats app , Twitter, Amazon, Apple වැනි සමාගම් වලට සේවය කරන ශ්‍රමිකයන්ට ජෙෆ් බෙසෝස්, මාක්ස් සකර්බර්ග්, ඊලෝන් මස්ක්, ටිම් කුක් ගෙවන්නේ නැත. ඒ සඳහා, යොදවන මානසික ශ්‍රමය (අධිනිශ්චය වූ ශ්‍රම ආකෘතිය) ලබා දෙන්නා එය ලබා දෙන්නේ, ස්වේච්ඡාවෙන් නොමිලේ ය. ප්‍රවේණි-දාසයාට යැපුමට හරි යමක් ලැබෙන මුත් සයිබර්- වහලුන්ට එවැන්නක් හෝ ලැබෙන්නේ නැත. ලැබෙන්නේ, වේදනාත්මක සතුටකි පමණි.[pleasure-in-pain] මෙයට, සභ්‍ය භාෂාවෙන් කියන්නේ Content Provider කියා ය. අසභ්‍ය ලෙස කියන්නේ නම්, අප මෙයට කියන්නේ අතේ ගසනවා නැතහොත්, ස්වයං-මෛථුනය යි. ස්වයං- මෛථුනය යනු, ස්වයං නිර්ණයේ රහස් කවචය යි. ලංකාවේ වම්මුන් කියා ගන්නා 100% ක් පුද්ගලයන් යනු, සකර්බර්ග්ට ප්‍රාග්ධනය එකතු කිරීමට ජාතික රාජ්‍යයේ සිට අතේ ගසන්නන් ය. මේ වම්මුන්ව විකුණා අමතර ආදායමක් ලබන දේශීය ඒජන්තයන් සිටින මුත් ඉහත සමාගම් සහ නිෂ්පාදන සමාගම්වල වැටුප් වලට යෙදවෙන මුදල් ප්‍රමාණය බැලූ විට යථාර්ථය පැහැදිලිය. 

               

ෆොක්ස්වාගන් වැනි මෝටර් රථ නිපදවන නිෂ්පාදන සමාගමකට තම ආදායමෙන් වැටුප් සඳහා 92% ක් පමණ ගෙවීමට සිදුවේ. නමුත්, අප ඉහත කී Facebook වැනි සමාගම්වලට තම ආදායමෙන් වැටුප් සඳහා ගෙවීමට සිදු වන්නේ, .9% වැනි පහළ අගයකි. ෆොක්ස්වාගන්, Land Rover වැනි සමාගම්වල ප්‍රාග්ධන භාණ්ඩ ලෝහ, චිප්, රබර් වන විට Facebook සමාගමේ ප්‍රාග්ධන භාණ්ඩය වන්නේ, අනන්තයට දිගු විය හැකි මනුෂ්‍යයාගේ අභ්‍යන්තර ජීවිතය යි. [inner shell life] එනම්, අශ්ලීල ෆැන්ටසි සහ ළමා ලිංගිකත්වය යි.

              

          දැනට අපට කිව හැක්කේ, ධනවාදය සමාජ-ක්‍රමයක් ලෙස අවසන් වී ඇති බවයි. ඒ සඳහා, දැන් කිසිවෙකු බාහිරින් අවශ්‍ය කරන්නේ නැත. නමුත්, ‘ප්‍රාග්ධනය’ තවමත් ජීවමාන වන අතර එහි ස්වයං-වර්ධනය සඳහා අමුද්‍රව්‍යය වී ඇත්තේ, මිනිස් ජීවිතය යි. 90 දශකයට පසුව අප ජීවත් වී ඇත්තේ, මෙම ඓතිහාසික මොහොත තුළ ය. ප්‍රාග්ධනයේ මේ නවරූපකාය AIDS රෝගයට ඉතා සාදෘෂ්‍ය ය. ප්‍රාග්ධනය සහ සිතීම අතර වෙනසක් දැන් නැති අතර සිතනවා යනු ද ප්‍රාග්ධන සමුච්ජනය යි. මේ නව තතු යටතේ ”පවුල, පුද්ගලික දේපළ සහ රාජ්‍යයට” සිදු වන දෙය අපට වෙනත් තැනක සංවාද කළ හැකිය.

 

            මා ඉහත ඉදිරිපත් කරන ලද්දේ, ධනවාදී සමාජ-ක්‍රමයේ පසුගිය වසර 50 ක පමණ සිදු වූ විපර්යාසය යි. මේ පිළිබඳව සංවේදී මිනිසුන් ලංකාවේ සිටිතැයි අනුමාන කිරීමට තරම් මම මෝඩයෙකු නොවෙමි.

නමුත්, මෙම කෙටි පැහැදිලි කිරීම අනාගතයට අයිතිය. 

-දීප්ති කුමාර ගුණරත්න.

]]>