එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2012.02.22 ්‍යුන මැද කොළඹ්‍යූ පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී හමුවේ ්‍යූ කළ කතාව.
Read the full story
Posted on 23 February 2012.
එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2012.02.22 ්‍යුන මැද කොළඹ්‍යූ පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී හමුවේ ්‍යූ කළ කතාව.
Read the full story
Posted in PoliticalComments (0)
Posted on 22 February 2012.
රාවය පුවත් පතෙහි ප්‍රවීණ මාධ්‍යවෙිදී විමලනාත් වීරරත්න මහතා පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජනමාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කළ රිචඩ් ද සොයිසා විසිතුන් වන ගුණ සමරුවට ආරාධනා ලැබ සිටියත් ඔහුට රාජකාරී බහුල වූ බැවින් එම අවස්ථාවට සහභාගී වන්නට අවස්ථාවක් නොවීය. ඒ නිසා ඔහු සිය දේශණය ලිඛිතව එම අවස්ථාවට එවා තිබුනි.
ඔහු සිය දේශණයෙන් ලංකාවේ ජනමාධ්‍ය මර්ධනය, ජනමාධ්‍ය වෙිදින් ආණ්ඩුව සමග පවත්වන සම්බන්ධතා, පුවත් පත් කතුවරුන් අරලිය ගහ මන්දිරයෙන් දානය වැලදීම ආදිය සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරණු ලැබීය.
මීට අමතරව ඔහු විසින් මේ දවස් වල ආණ්ඩුව විසින් කම්කරු අයිතීන් මර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සිය විවෙිචනය ඉදිරිපත් කරණු ලැබීය. පසුගිය දා හලාවතදී මිය ගිය ඇන්තනි නම් ධීවරයාගේ දරුවන්ට දැනි සලක්න්නේ සංකේතීය පියාද? නැතිනම් සංකේතීය අමිමාද යැයි ඔහු වර නැගීය. එමෙන්ම බඩු මිල ඉහළ යාමට සහය පලකරමින් කොටුවේ පැවති උද්ඝෝෂණයෙන් ආණ්ඩු හිතවාදීන් මහරාජාට හෙවත් සංකේතීය පියාට කඩේ යන බව ඔහු අවධාරණය කර සිටියේය. මීට අමතරව ඔහු සිය ලිඛිත සන්නස මගින් තවත් බරසාර උපහැරණ රාශියක් ගෙනහැර දැකිවීය.
Posted in PoliticalComments (2)
Posted on 22 February 2012.
අධික ජීවන බර දරාගත නොහැකිව ජීවත්වීමේ අයිතිය ඉල්ලා සටන් වදින ජනතාවට උණ්ඩවලින් පිළිතුරු නොදී ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස ජන අරගල ව්‍යාපාරය ආණ්ඩුවට කියා සිටියි. Read the full story
Posted in PoliticalComments (0)
Posted on 22 February 2012.
කවුරුන් විරුද්ද වුවත්, කුමන බාධක පැමිණියත් මෙරට පෞද්ගලික වීශ්වවිද්‍යාල අරම්භ කරන බව උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. Read the full story
Posted in PoliticalComments (0)
Posted on 22 February 2012.
දයාබර චූටි පුතේ
මම කොහොමද මේ දුක තවත් ඉවස ගන්නේ, උබ අහිංසකයි කියලා මම දන්නවා ඒත් කරන්න දෙයක් නෑ. අද වෙනකොට උබ වැරදිකාරයෙක් විදිහට රිමාන්ඩ් වෙලා. චූටි පුතේ මම උබ ගැන සෑහෙන බලාපොරොත්තු තියාගෙනයි හිටියේ. ඒත් උබ කරගත්තු විනැහියක මහත. අද උබ වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ. උබ අද වෙනකොට නිකම්ම නිකම් මිනීමරුවෙක් වෙලා ඉවරයි. චූටි පුතේ අහිංසක අපිටම ඇයි මෙහෙම වෙන්නේ කියලා මම දන්නෙ නෑ. ඒත් උබ වැරදි නෑ කියලා මම දන්නවා. උබ කලේ මහවුන් උබට කරන්න කියලා දුන්නු අණ පිළිපැද්ද එක විතරයි. ඒත් උබට තව ටිකක් රස්සාවට වඩා මනුස්කම් ගැන හිතන්න තිබුනා. Read the full story
Posted in PoliticalComments (1)
Posted on 22 February 2012.
ඊයේ හවස ජෙ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවති සම්මණ්ත්‍රනයේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් ස්ත්‍රිය ගොලු හදවතේ සිට kill-bill දක්වා රූපාන්තරණය වීම නම් වූ මාර්තුකාව යටතේ රජය සහ විපල්වය නම් වූ සම්මණ්ත්‍රනය පවත්වනු ලැබීය. මෙහිදී චිත්‍රපට ආශ්‍රයෙන් හිස්ටරික සමාජයක සිට විපරීත සමාජයක් දක්වා සමාජයක් වෙනස් වීම ගැන චිත්‍රපට ආශ්‍රයෙන් පැහැදිලි කරනු ලැබීය.
Posted in PoliticalComments (0)
Posted on 21 February 2012.
දිනමිණ පුවත් පත ප්‍රකාශ කරණ අන්දමට මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මේ රජය තරම් වියදම් කරන වෙනත් රජයක් නොමැති තරම්ය. දිනමිණ කියන ආකාරයට ජීවත් වන්නට මේ තරම් හොද රටක් නැති තරම්ය. එහෙවි හොද රජයකට බනින්න තොපිට පිස්සුද කියා අසනවා හැර අපි වෙන මොනවා කියන්නද?
Read the full story
Posted in PoliticalComments (0)
Posted on 21 February 2012.
වත්මන් රජයේ ජනපීඩක, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව රටපුරා නැගෙන විරෝධතා සම්බන්ධයෙන් ආණ්‌ඩුව විසින් අනුගමනය කරන්නා වූ දවල් මිගෙල් රෑ දනියෙල් න්‍යාය දැන්වත් අවසන් කළ යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Read the full story
Posted in PoliticalComments (0)
Posted on 21 February 2012.
මාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ ඝාතනයට මිනීමරු පාලකයින් මෙන්ම, ඊනියා දේශප්‍රේමින්ද වගකිවයුතු බව සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ මහතා අවධාරණය කර සිටියි.
Read the full story
Posted in PoliticalComments (2)
Posted on 21 February 2012.
…එවිට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිතන්නේ ලංකාවේ ආණ්‌ඩුව සෝමාලියාවේ එක් පැත්තක පවත්නා මුහුදු කොල්ලකාරයන්ගේ ආණ්‌ඩුව හා සමාන බවයි. සෝමාලියා මුහුදු කොල්ලකාරයන්ගේ ආණ්‌ඩුව පැන්සලක් හොරකම් කළ මිනිහාටත් වෙඩි තබයි. රත්තරන් කිලෝවක් හොරකම් කළ එකාටත් වෙඩි තබයි. කෙනකුට රැවු එකාටත් වෙඩි තබයි. කෙනකු මැරූ එකාටත් වෙඩි තබයි. ලංකාව ගැන බෑන්කී මූන්ට පණිවුඩය යන්නෙත් ඒ ආකාරයටය. ….
————————————————————-
ඉන්ධන මිල යන සාධකය කොතරම් සංවේදී දෙයක්‌ද යන්න වටහා ගැනීමට අයින්ස්‌ටයින්ගේ මොළය තරම් විශාල හා සංකීර්ණ මොළයක් අවශ්‍ය නැති බව මේ ආණ්‌ඩුව තුළට රිංගාගෙන සිටින ආර්ථික ඝාතකයන් දැන්වත් පිළිගත යුතුව තිබේ. ඩීසල් මිල 50% කට කිට්‌ටු මුදලකින් වැඩි කළ ආණ්‌ඩුව සියලු භාණ්‌ඩ හා සේවාවල මිල පාවීමට ඉඩහැර බලා සිටී. ආණ්‌ඩුව රටේ පොදුජන ආර්ථිකය සම්බන්ධයෙන් මේ මොහොතේදී අනුගමනය කරන්නේ නිරීක්‍ෂණ මට්‌මේ ප්‍රතිපත්තියකි. එනම්, බඩු මිල නගී. ආණ්‌ඩුව බලා සිටී. ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා දේශපාලන පක්‍ෂ සාමාන්‍ය ජනයා මහ පාරට ගාල් කර ඔවුන් අතට “ගල්” ලබා දෙයි. එවිට ඒ මිනිස්‌සු ඒ වෙලාවේ සිටින තම ආසන්නම සතුරා වූ පොලිසියට ගල් ගසයි. පොලිසිය මුලින්ම මිනිසුන්ට වතුර විදී. දෙවනුව කඳුළු ගෑස් ගසයි. තෙවනුව වෙඩි තබයි. එවිට කොහෙන් හෝ පැමිණි අසරණයකුගේ ඔලුව හිල්වී ඔහු මියගොස් ප්‍රශ්නය එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලය දක්‌වා යයි. මේ වැරදි ප්‍රචාරවලට පහර දී සැබෑ තත්ත්වය ලොවට කීමට තරම් අපගේ තානාපති සේවාව ශක්‌තිමත් නැත. ශ්‍රී ලංකාවට විරුද්ධව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට ගෙන එන යෝජනාවට ඇමරිකාව සහයෝගය දෙන බව එනම්, ලංකාවට වළ කැපීමට ඇමරිකාව උදව් කරන බව අපගේ එළිපත්තටම පැමිණි අපගේ රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රයා වන රොබට් බ්ලේක් පැවැසීය. එය තර්ජනයකි.
වැඩිකරන ලද භූමිතෙල් වෙනුවෙන් දෙන සහනාධාරය කිසිදු ආකාරයකින් ඵලදායක නැත. මසකට රුපියල් 3000 ක් හෝ ඊට වැඩි ගණනක භූමිතෙල් පරිභෝජනය කරන පවුලකට ලැබෙන්නේ රුපියල් 300 ක් හෝ ඊටත් අඩු සහනාධාරයකි. පුද්ගලික බස් සඳහා ඩීසල් සහනාධාරයක් දෙන බව ආණ්‌ඩුව මුලදී කීවද බස් ගාස්‌තුව 20% කින් වැඩි කිරීමට පුද්ගලික බස් හිමියන්ට පසුව අවසර දුන්නේය. එහි තේරුම ඩීසල් සහනාධාරය බස් හිමියන්ට ගෙවනු ලබන්නේ රජය විසින් නොව මහජනතාව විසින් බවය. මෙය ඉතා නපුරු විහිළුවකි. ඉන්ධන යනු ආර්ථිකයේ කේන්ද්‍රය වන අතර එයට පහර දීමෙන් සමස්‌ත ආර්ථිකයම බිඳ වැටෙනවා ඇත. සියලු පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉතා ක්‍රමානුකූල ලෙස ඉහළ යමින් පවතී. අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යැමෙන් එදිනෙදා ආහාර වේල් ගණන හෝ ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීමට ජනයාට සිදු වේ. තමන්ටත් සහනාධාරයක් නොදුන්නොත් පාන් මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ලයිට් බිලේ ඉන්ධන ගැලපුම් ගාස්‌තුව 40% ක් දක්‌වා ඉහළ දමා තිබීමෙන් පෙනී යන්නේ ජනතාව කළුවරේ සිටිනු දැකීමට ආණ්‌ඩුව කැමැති බවකි, ආණ්‌ඩුව එකවරම දරාගත නොහැකි භයානක බරක් ජනතාව මතට පටවා ඇත. මේ අතර ජීවන වියදම ඉහළ යැමට එරෙහිව ඉකුත් සිකුරාදා (17 දා) එක්‌සත් ජාතික පක්‍ෂය විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාර ගැන ද යමක් සඳහන් කළ යුතුය. මෙය පවත්වන ලද්දේ වැඩ ඇරී සවස් කාලයේදී මිනිසුන් ගෙදර යන වේලාවටය. පෙළපාලිකරුවෝ පොලිසියට ගල් ගසමින් ප්‍රචණ්‌ඩ ලෙස හැසිරුණහ. පෙළපාලිකරුවන් අත සටන් පාඨ නොවීය. මෙය කිසියම් විකාර ගතියක් තිබූ පෙළපාලියකි. පෙළපාලිකරුවකුගේ වැලමිටක් නළලේ වැදීම නිසා හෝ (කැමති නම් මෙය බෝර 12 වෙඩි උණ්‌ඩයක් වැදීමෙන් යයි සංශෝධනය කළ හැකිය.) වෙනයම් කාරණයක් නිසා කිසිදු තුවාලයක් නැතිව අහිංසක දොස්‌තර ජයලත් ජයවර්ධන මහීකාන්තාව සිප ගත්තේය. යන එන මං නැති වික්‍රමබාහු කරුණාරත්න ද මෙයට එකතු වී රනිල් වික්‍රමසිංහ මහතා සමග උරෙනුර ගැටෙමින් කතා පවත්වන්නට විය. රනිල්ගේ ඇඟේ ගෑවෙන්නට ලැබීම වික්‍රමබාහු ලද වාසනාවකි. මන්ද රනිල් සතු ජන පදනමෙන් දස දහසෙන් එකක්‌වත් වික්‍රමබාහුට නැත. කෙසේ වුවද එජාපය පෙළපාලි සංවිධානය කරන විට ජනතා විමුක්‌ති පෙරමුණේ පෙළපාලිවල වීඩියෝ පිටපත් ගෙන්වාගෙන බැලිය යුතුය. ජවය, සටන් පාඨ, ක්‍රමවත් භාවය යන සියල්ල ඔවුන් තුළ තිබේ. ඔවුන්ට පොලිසියෙන් ගහන විට ජනතාව තුළ සත්‍ය වශයෙන්ම ශෝකයක් හට ගනී. එහෙත් එජාප යට පොලිසියෙන් ගහන විට බලා සිටින්නා තුළ පොඩි නිදිමත ගතියක් ඇති වේ. අප මේ සියල්ල ලියුවේ සද්භාවයෙනි. කවුරුත් මෙයට වැරදි අර්ථකථන නොදිය යුතය. කෙසේ වුවද සංවිධානාත්මක හා තියුණු විපක්‍ෂයක් රට තුළ තිබුණේ නම් ආණ්‌ඩුවට කුමකින් කුමක් සිදු වන්නේද යන්න හිතා ගන්නට පවා නොහැක.
http://www.divaina.com/2012/02/20/editor.html
Posted in PoliticalComments (0)
Posted on 21 February 2012.
අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලුවේ භූමිතෙල් මිල අඩුකරන්න කියලා-අපි හිතුවෙ නෑ වෙඩි තියයි කියලා.
පසුගියදා හලාවත ප්‍රදේශයේ ඉන්ධන සහනාධාර ඉල්ලා උද්ඝොෂණය කල ධිවරයන්ට තැබු වෙඩි ප්‍රහාරයෙන් දෙදෙරු පියෙකු වන ඇන්තනි ජිවිතක්ෂයට පත්වුයේ ඔහුගේ හිසට වැදුනු වෙඩි ප්‍රහරයකිනි.තවත් 4 දෙදෙනෙකු තුවාල ලබා රොහල් ගතකර සිටින අතර එක් ධිවරයෙකුගේ පපුවට වැදුනු වෙඩි ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අතර තවත් ධිවරයෙකුට සිය ඇඟිලි අහිමි තිබේ.අනිත් දෙදෙනාගෙම පාදවලට බරපතල ලෙස තුවාල සිදුව තිබේ. අද එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතා,එක්සත් ලක්වනිතා සංවිධානයේ සභාපතිනි ශාන්තිනි කොන්ගහගේ මහත්මිය,පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි සහ හලාවත නගර සභාවේ මත්‍රිවරුන් පිරිසක් ජාතික රොහලේදි වෙඩි වැදුණු ධිවරයන්ගේ සුවදුක් සොයා බැලුවා.
පපුවට වෙඩි වැදුනු සෙබස්තියන් රිගන් ධිවර යාත්‍රාවල කුලී වැඩ කරමින් සිය ජිවිකාව කර ගෙන යන තිදරු පියෙකි.ඔහු මෙ වන විට තවත් ශල්‍යකර්මයක් සිදු කිරිමට නියමිත සිටි.
අපි උද්ඝොෂණය කරමින් ඉන්න කොට පොලිසිය කදුලු ගෑස් වගෙ එවා ගැහුවා.මම හිටපු තැනටත් එකක් වැටුනා…එතකොටම එතන හිටපු ආච්චි කෙනෙක් කෑගැහුවා පුතේ මට හුස්ම ගන්න බෑ කියලා,…පස්සේ මම එක අරන් විසි කරන්න හැදුවා එතකොටම එක පිපිරුවා.දැන් මගේ ඈගිලි ටික නෑ.එක කපලා අයින් කරලා.
Sri Lanknn Journalist 2011
Posted in PoliticalComments (0)
Posted on 20 February 2012.
මුල්කාලීන ලෝකය තුල පල්ලියේ පාලනය දැඩිව ක්‍රියාත්මක වූ වකවානුවේ පල්ලියේ ඉගැන්වීම් අනුව පෘථිවිය වටා සූර්යා කැරකෙන බවට දැඩි පිළිගැනීමක් විය. එය අප පෘථිවි කේන්ද්‍රවාදය වශයෙන් හදුන්වනු ලැබීය. මේ කාලයේ විසූ නිකලස් කොපර්නිකස් නම් දාර්ශණිකයා විසින් නව මතවාදයක් ගෙනහැර පාමින් පවසා සිට්යේ පෘථිවි කේනද්‍රවාදය බොරුවක් බවත් සූර්යා වටා පෘථිවිය ඇතුලු අනෙකුත් ග්‍රහලෝක භ්‍රමනය වන බවටත් මතයක් ඉදිරිපත් කරණු ලැබීය. නමුත් මෙය පල්ලියට එරෙහිව යාමක් වශයෙන් සලකනු ලැබූ නිසා සූර්ය කේන්ද්‍රවාදය බොරුවක් යැයි පල්ලිය විසින් තහවුරු කරන්නට උත්සහා කලේය.
මීට කාලයකට පසු බිහිවූ ගැලීලියෝ ගැලීලි නම් දාර්ශණිකයා විසින් කොපර්නිකර්ස්ගේ මතවාදය සත්‍යයක් බවට යළි තහවුරු කරණු ලැබීය. ඒ අනුව සූර්ය කේනද්‍රවාදය සත්‍යයක් බවට ඔහු විසින් ප්‍රකාශ කරණු ලැබීය. නමුත් පාප්වහන්සේ විසින් තව දුරටත් පෘථිවි කේන්ද්‍රවාදය සත්‍යයක් බවට පිළිගනු නොලබන්නේ නම් ගැලීලීයෝ ගෙන් විමසා සිටියේ ජීවත් වනවාද නැද්ද යන්න ඔවු විසින් තීරණය කරණු ලැබිය යුතු බවයි. අප මෙය එපූර් සි මෝවේ නමින් හදුන්වමු. මෙහිදී ගැලීලියෝ පවසා සිටියේ ‛ ඔබ වහන්සේ එසේ පවසනවා නම් එය එහෙම කැරකුනත් මම එය එසේ නොවේ යැයි සිතන්නම්.
Posted in PoliticalComments (0)
Posted on 19 February 2012.
ඇන්තනී ඊයේ අවසන් ගමන් ගියේය.මේ රටේ හමුදාවට රණවිරු කිරුළ පැලන්දූ පාලක පංතියේ උදවියට නොව අවසාන වශයෙන් යුද්ධයට හුරේ දැමූ පංතියටම හමුදාවේ තුවක්කුව එළ්ලවී ඇති බව සත්‍යයකි. එක් ජාතියක විමුක්තිය ජෝක් කළ පසු තමන්ගේ ජාතිය අනිවාර්යෙන්ම ජෝක වන වග පසක් කරමින් දිවයින පුවත් පතට දැන් ලියන්නට සිදුව තිබෙන්නේ තමන් විසින්ම උත්කර්ශයට නැංවූ හමුදාවේ සහෝදරයන්ගේ හැටි ලෝකයට කියන්නටය. Read the full story
Posted in PoliticalComments (0)
Posted on 18 February 2012.
බලය බෙදුවොත් රටම අනතුරේ!
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
ලෝකයේ කුඩා දූපතක් ලෙස ඉන්දියන් සාගරයෙහි පිහිටි අපේ රට ඉතිහාසය පුරාම ලෝක සමාජයට ඉතා ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක් දායාද කිරීමට සමත් වී ඇත. ඊට ප්‍රධානතම සාධකය වූයේ බුදුදහමයි. භාරතයෙන් බුදු දහම තුරන් වෙද්දී එය රැකගත්තේ මෙරට සිංහල බෞද්ධ භික්‍ෂුන්, සිංහල බෞද්ධ ජනතාව හා සිංහල බෞද්ධ නායකයන් විසිනි. ඔවුන් බුදුදහම එසේ රැකගත්තේ සිංහල බෞද්ධයන් සඳහා පමණක් නොව ලෝ වැසි සියලු දෙනා උදෙසාය. ඒ වෙනුවෙන් මෙරට සිංහල බෞද්ධයන්ට මුළු ලොවම ණයගැති යෑයි කීව ද වරදක් නොවේ. එහෙත් ආත්මාර්ථකාමීත්වය පදනම් කරගෙන බලය හා ධනය සඳහා ක්‍රියාත්මක වන, ඒ වෙනුවෙන් මිනිසුන් මරණ, සංස්‌කෘතීන් විනාශ කරන, නොමිනිස් ගති ඇති අයට සිංහල බෞද්ධයාගේ ඒ උතුම් කාර්යභාරය වැලිකැටයක් තරම් වත් වටිනා දෙයක් ලෙස නොපෙනෙනු ඇත. මානව හිමිකම් ගැන මහ ලොකුවට බෙරිහන් දෙමින් ඔවුන්ම ඒවා උල්ලංඝනය කරමින් අන් අයට ස්‌වාධීනව ජීවත් වීමට ඉඩ නොදෙමින් ලෝක පොලිස්‌කාරයන් ලෙස පෙනී සිටීමට වෙර දරන ඔවුන්ට නිදහසේ ජීවත් වන ජාතීන්ට ඇඟිල්ල දික්‌කිරීමට අයිතියක් නැති බව අප හඬනගා කිව යුතුය.
එදා සිංහලය ලෙස පැවතුණු පසුව එයම “සීලෝන්” නමින් බටහිරයන් විසින් හඳුන්වනු ලැබූ අද ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන අපේ මව්බිම ඉතිහාසයේ දියුණු රටක් ලෙස පැවතියේ ඒකීය හෙවත් එක්‌සේසත් රටක් ලෙස පැවති අවධිවලයි. පර සතුරන් රටෙන් කොටසක් අත්පත් කරගෙන ඒකීය භාවය නැතිව ගිය හැම අවස්‌ථාවකම රට පරිහානියට පත්ව ඇත. දෙවනපෑතිස්, දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන, මහ විඡේබා, මහ පැරකුම්බා හය වෙනි පැරකුම්බා, වැනි රජවරුන්ගේ සමයන්හිදී රට එක්‌සේසත්ව පැවති අතර හැම අතින්ම රටේ දියුණුවද සැලසුණි. දකුණු ඉන්දියාවේ පාලකයන් බලවත් වූ අවස්‌ථාවල අප රට එම බලයට නතුකර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. එය සාර්ථක වූවා නම් අපේ රට ලොවට වැදගත් වන දේශයක් නොවනු ඇත. ඒ නිසා අදත් විය යුත්තේ රට එක්‌සේසත්ව ඒකීය රටක් ලෙස ආරක්‍ෂා කර ගැනීමයි. බලය බෙදීමට අදහස් දෙන, සාකච්ඡා පවත්වන, උල්පන්දම් දෙන හැම කෙනෙක්‌ම රටට ෙද්‍රdaහීවන්නන් ලෙස සැලකිය යුතුය.
දෙමළ දේශපාලකයන් මෙරට දෙමළ ජනකොටස් වෙනුවෙන් වෙනම බලතල ඉල්ලන්නේ අද ඊයේ නොවේ. නවසිය විස්‌සේ දශකයේ සිටයි. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් දෙසොහොයුරෝ හාපුරා කියා වෙනම දෙමළ බලයක් සඳහා අරඇඳි අය වූහ. එස්. ඡේ. වී. චෙල්වනායගම් හා අමිර්තලිංගම් හරහා අද එය සම්බන්ධන් දක්‌වා පැමිණ තිබේ. මේ කිසිම දෙමළ දේශපාලකයෙක් දෙමළ ජනතාවගේ මතය නියෝජනය කර නැත. එමෙන්ම අහිංසක දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ක්‍රියා කර නැත. උතුරේ දෙමළ ජනයා වෙනුවෙන් විශාල මෙහෙවරක් කළේ ඉංග්‍රීසීන්ය. ඔවුන් එසේ කළේ දෙමළ ජනයාට වැඩිපුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දී ඔවුන් පරිපාලනයට සම්බන්ධ කරගෙන දකුණේ සිංහලයන් මර්දනය කිරීම පිණිස මිස දෙමළ ජනයා කෙරෙහි පැවති අනුකම්පාවක් නිසා නොවේ. ඉංග්‍රීසීන්ගෙන් පසුව ද එම දෙමළ ජනයා වෙනුවෙන් ක්‍රියාකර ඇත්තේ මෙතෙක් මෙරට බිහිවූ රජයන්ය. ඒ මිස බලය බෙදීමක් වෙනුවෙන් කෑ ගහන දෙමළ දේශපාලකයන් නොවේ. අදත් සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදී දේශපාලකයන් සිදු කරන්නේ වෙනම බලයක් සඳහා දෙමළ නියෝජනයක් පාවිච්චි කිරීම මිස දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නොවේ.
ඔවුන්ගේම පිළෙහි ළැග කෑ ගහන වාසුලා – බාහුලා වැනි ඊනියා වමේ දේශපාලකයන් ද කිසිදු උදාර අරමුණක් නොමැතිව ක්‍රියා කරන බව පෙනේ. පන්ති සටන පන්ති අරගලය පණ ගැන්වීමට කෑ ගහන තවත් වමේ පිරිසක් ඉවක් බවක් නැතිව ඉබාගාතේ යන්නෝ වෙති. ඔවුන්ට තමන් දරන මතය ගිරවුන් ලෙස උච්චාරණය කරනු මිස එය ප්‍රායෝගික දැයි සිතා බැලීමට නුවණක් නැත.
පනහට පනහේ ඉල්ලීම හා ඉලංකෙයි තමිල් අරුසුකච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය) වෙනම දෙමළ බලයක් ස\හා ඉදිරිපත් කළ මතවාදයන්ය. මෙම දෙමළ ජාතිවාදී දේශපාලකයන් ගෙනා වැඩපිළිවෙළේ ප්‍රතිඵලය වූයේ 1976 දී උතුරේ දෙමළ ත්‍රස්‌තවාදයක් ඇරඹීමයි. ඇතැමුන් මෙය දෙමළ ජනයාට වූ අසාධාරණයක් නිසා දෙමළ තරුණයන්ගේ නැගිටීමක් ලෙස හැඳින්වීමට ද පෙළඹුණි. 1971 හා 88/89 වකවානුවල ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කළ ත්‍රස්‌තවාදය ද දෙමළ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් ද අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමක් ලෙස හඳුන්වමින් ඒවා යුක්‌ති යුක්‌ත කිරීමට කවුරුන් හෝ ක්‍රියාත්මක වෙතොත් එක්‌කෝ ඔවුන්ගේ මොළේ කිසියම් අඩුවක් තිබිය යුතුය. නැතිනම් විජාතික බලවේගවල ඉත්තන් විය යුතුය. එසේත් නොමැතිනම් මිනීමරා ලේ දකිනු කැමති ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන්ගේ සගයන් විය යුතුය. විඡේවීරගේ හා ප්‍රභාකරන්ගේ නායකත්වයේ ඇති වෙනස නම් විඡේවීරට ප්‍රභාකරන්ට තරම් ජාත්‍යන්තර වශයෙන් මිල මුදල් හා අවි ආයුධ නොලැබීම හා විඡේවීර ඊළාම් සංකල්පයෙන් බැහැරව ක්‍රියා කිරීමයි. කොටි ත්‍රස්‌තවාදීන්ට ද විඡේවීර යාපනයට ගොස් දේශන පැවැත්වූ බව 1986 දී යුදහමුදා කඳවුරක සිටි කොටි ත්‍රස්‌තවාදීයෝ අප සමඟ පැවැසූහ.
වත්මන් යුගයෙහි ලොව කිසිදු රටක උද්ගත වූ අභ්‍යන්තර ත්‍රස්‌තවාදී ක්‍රියා මුළුමනින්ම මැඩලීමට සමත් වී නැති අවධියක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සේනාධිනායකත්වයෙන් සන්නද්ධ හමුදාවන් විසින් තිස් වසරක් තිස්‌සේ පැවැති මිලේච්ඡ ත්‍රස්‌තවාදය 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කළපුවේදී නිමාවට පත් කරනු ලැබීය. ලොව වෙනත් රටකට කළ නොහැකි වූ එම ක්‍රියාව අගය කරනු වෙනුවට බලගතු රටවල් ඊට ඊර්ෂ්‍යා කරති. එසේම ඊළාම් වාදීන්ට තවදුරටත් සහාය ලබා දෙති. අවි ගත් ත්‍රස්‌තවාදය අවසන් කළ නමුත් එම ත්‍රස්‌තවාදයට සහාය වූ ලොව පුරා ක්‍රියාත්මක වන දෙමළ ප්‍රචාරක ජාලය හා උපකාරක ජාලය තවමත් ක්‍රියාත්මක වේ. එවැනි ජාලයන් බිහි වූයේ අප රටේ දේශපාලකයන්ගේ දුරදක්‌නා නුවණක් නොමැතිකම නිසාත් විදේශ දූත සේවාවේ දුර්වල කම් හා නොපනත් කම් නිසාත්ය. එම ජාලයන්ගේ බලවත් වීම හේතු කොට ගෙන ලොව බලගතු රටවල් ද ඔවුන්ගේ සහායට ඉදිරිපත්ව සිටිති. විශේෂයෙන් බටහිර ක්‍රිස්‌තියානි මිෂනාරී යුදෙව් ආධිපත්‍ය එහිලා ප්‍රමුඛස්‌ථානයක් ගනියි. අප රටට බලය බෙදීමට බලපෑම් කරන්නේ එම බලවේගයන්ය. ඔවුන්ට අහිංසක දෙමළ ජනතාව නගා සිටුවීමට හෝ ජීවත්කර වීමට කිසිදු උවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය වනුයේ ලෝක දෙමළ ප්‍රචාරක හා උපකාරක ජාලයන් හරහා අපේ රට අස්‌ථාවර කිරීමටයි.
මෙහිදී ඉන්දියාවේ ස්‌ථාවරය ගැන ද යමක් කිව යුතුව ඇත. ඉන්දියාව මුල් අවධියේ දී පුහුණුවීම් ආදියට ද ඉඩ ලබාදෙමින් මෙරට දෙමළ ත්‍රස්‌තවාදයට සහාය දුන් බව රහසක් නොවේ. දෙමළ ජාතිවාදී දේශපාලකයන්ට මෙන්ම එම ත්‍රස්‌තවාදීන්ට ද අවශ්‍ය වූයේ ඉන්දියාවේ ද කනින් රිංගා ලංකාවේ උතුරු හා නැගෙනහිර වෙනම දෙමළ බලයක් තහවුරු කරගෙන ඊට තමිල්නාඩුව ද එකතුකරගෙන ලෝක දෙමළ රාජ්‍යයක් බිහි කරලීමයි. ඉන්දියාව ඊට එරෙහි වන බව දැනුණ නිසා ඉන්දියානු නායක රජිව් ගාන්ධි දෙමළ ත්‍රස්‌තවාදීන් විසින් මරා දමනු ලැබීය. ඉන් පසුව වුවද ඉන්දියාව මෙම දෙමළ ජාතිවාදී වියරුව වටහා ගෙන නොමැති බව පෙනේ. ඔවුන් බලන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ ඡන්ද වෙනුවෙන් ලංකා රජයට බලපෑම් කර උතුරෙහි හා නැගෙනහිර දෙමළ බෙදුම්වාදයකට මග හැදීමක් යෑයි අපට සිතේ. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර හෝ කොතැනක හෝ වෙනම දෙමළ බලයක් සඳහා ඉඩ සැලසීම ලංකාවේ පැවැත්මට මෙන්ම ඉන්දියාවේ පැවැත්මට ද තර්ජනයක් වන බව තමිල්නාඩුවේ දෙමළ ඡන්ද ගැන සිතනවාට වඩා ඉහළින් ඉන්දියාව කල්පනා කළ යුතු දෙයකි. එසේ කල්පනා කළ නොහැකි නම් අනාගතයේදීත් ඉන්දියාවේ වැඩපිළිවෙළ ඉන්දියාවටම පාරාවල්ලක් වනු ඇත.
මේ රට තුළ දෙමළ හෝ මුස්‌ලිම් හෝ සිංහල හෝ කිසිදු ජන කොටසකට බලය බෙදා දීමක් අවශ්‍ය නැත. වරක් බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා ද පැවසූ පරිදි පොලිස් හා ඉඩම් බලතල නොව දෙමළ ජනයාට අවශ්‍ය වනුයේ ආරක්‍ෂාව හා පදිංචිය සඳහා ඉඩම්ය. ඒවා ලබාදීම සඳහා වෙනම දේශපාලන විසඳුම් සේවීම අවශ්‍ය නැත. විනයාගමූර්ති මුරලිදරන් ඇමැතිතුමාට (කරුණා අම්මාන්ට) ද වැටහෙන එම කරුණ ඇතැම් සිංහල දේශපාලකයන්ට නොවැටහෙන්නේ ඔවුන්ගේ බුද්ධියේ අඩුවක් හෝ එන්. ජී. ඕ. සල්ලිවලට කහින නිසා හෝ විය යුතුය. බලය බෙදීම පිටුපස ක්‍රියාත්මක වන ඉල්ලීම් හා බලපෑම් වර්තමානයේ හෝ අනාගතයේ රටේ කිසිදු ආකාරයේ යහපතකට හේතු වන්නේ නැත. ලංකාව වැනි කුඩා රටක් දෙකඩ වීම රට විනාශ වී යැමට මෙන්ම දිගින් දිගටම රට තුළ අභ්‍යන්තර ගැටුම් ඇති වීමටද හේතු වෙයි. එම නිසා වෙනම දෙමළ රාජ්‍යයක් ලබා ගැනීමේ අභිලාෂයෙන් බලය බෙදා ගැනීම සඳහා උත්සුක නොවී රට තුළ සිටින සෑම පුරවැසියන්ම වෙනුවෙන් යහපතක් සිදු කිරීමේ අරමුණින් දෙමළ දේශපාලකයන් ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරමු. ත්‍රස්‌තවාදීන්ට වූ හදිය ඔවුන්ට ද සිදුවනු දැකීමට අපි කැමති නොවෙමු. ආණ්‌ඩුවට එරෙහි වීමේ පහත් අරමුණින් හෝ තම දේශපාලන දර්ශනයේ දුර්වලතා නිසා හෝ බලය බෙදා දී දේශපාලන විසඳුම් ලබාදීමට කතා කරන සිංහල දේශපාලකයන් ද රට හා රටේ ජනතාව ගැන සිතා එම මතවාද ඉවත් කරගෙන රටේ ඉදිරි ගමනට සහාය දිය යුතු බව ද අවධාරණය කරමු. එසේ නොවන්නේ නම් දේශපාලන විසඳුම් හරහා බලය බෙදාදීමක් ගැන කතා කරන හා ක්‍රියා කරන හැම කෙනෙක්‌ම රටේ ඉදිරි ගමනට හා ආරක්‍ෂාවට තර්ජනයක් වන අය බව පොදු ජනතාව විසින් තීන්දු ගන්නා දිනය වැඩි ඈතක් නොවනු ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. රටේ පුරවැසියන් රට වෙනුවෙන් එකට සිටිතොත් දේශපාලන විසඳුම් මගින් බලය බෙදාදීමට බලපෑම් කරන විදේශ බලවේගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෙයි.
ඡේ. ආර්. ජයවර්ධනගේ රජය 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ මෙරට පොදු ජනතා අවශ්‍යතාව හා අනුමැතිය මත නොව ඉන්දියානු බලපෑම මතයි. ඒ අනුව පිහිටුවනු ලැබූ පළාත් සභා රටට බරක් වූවා මිස සෙතක් වූයේ නැත. උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය විසඳුනේ ද නැත. එය විසඳුනේ 2009 මැයි 19 දා නන්දිකඩාල් කලපුවේ දී ත්‍රස්‌තවාදය අවසන් කරලීමෙනි. දැන් කළ යුතු වනුයේ 13 ට අඩු හා වැඩි විසඳුම් සෙවීම නොව 13 ද ඉවතට දමා මෙරට සියලු ජනකොටස්‌වලට රටේ ඕනෑම තැනක තම සංස්‌කෘතීන්ද රැකගෙන ජීවත්වීමට මඟ හැදීමයි. ඒ සඳහා අමුතු දේශපාලන විසඳුම් අවශ්‍ය නැත. 13 එල්ලී කෑ ගහන අය වෙනම දෙමළ රාජ්‍යයකට පාර කපන්නෝ වෙති. රට, රටේ දියුණුව හා ආරක්‍ෂාව ගැන අවංකව සිතන පතන කිසිවෙකුට බලය බෙදීමක් ගැන කතා කිරීමට තබා සිතීමටවත් ඉඩක් නොමැත.
Posted in PoliticalComments (2)
Posted on 18 February 2012.
හලාවත සහ ගම්පහ පැවති ධීවර උද්ඝෝෂණ පසුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයන් බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. Read the full story
Posted in PoliticalComments (0)
Posted on 18 February 2012.
රටේ ඇතිව තිබෙන වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන් විවිධ අර්ථකතන ඉදිරිපත් කරමින් සිටියි. මේ අර්ථකතන අතරින් ඇතැමි ඒවා අපට ඉවත දමන්නට හැකි වුනත් හිටපු වාමාංශික දේශපාලන නායකයන් කළාවට ලැදි රැඩිකල් පුවත්පත් කළාවේදීන් වැනි ඇමතිවරුන් විසින් කියන කතා සුථ කොට තැකිය නොහැකිය. ඒ අතරින් ඇමති රාජිත සේනාරත්න හා ඇමති ඩලස් අලහප්පෙරුම් විසින් කියන ඒවා ඇත්තම කතා බව අප පිළිගත යුත්තේ මේ අය පැරණි වාමාංශික මූලයන්ගෙන් පැවත එන බැවිනි. Read the full story
Posted in PoliticalComments (0)
