Posted on 14 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)
නිදහස සම්බන්ධයෙන් යමක් ලියන්ට සිදු වන්නේම මීට වසර හැට හතරකට පෙර එතෙක් සුදු අධිරාජ්‍යවාදයේ යකඩ සපත්තුවේ අණසකට නතුව සිටි ශ්‍රී ලාංකීය ජාතිය ජාතියක් වශයෙන් සිය නිදහස තහවුරු කර ගැනීම සිහිකරණු වස් ජාතික උත්සව රටපුරා අති උත්කර්ශවත් අයුරින් පවත්වන යුගයකය. වෙනදාටත් වඩා මේ කාලයේ නිදහස සම්බන්ධයෙන් අපට කතා කරන්නට සිදු වන්නේ 1948 පෙබරවාරී මස 04 වනදා අප සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස දිනා ගත් තැන් පටන් වසර 2009 මැයි මස 18 වන දා නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් නම් මිලේච්ඡ්ච ත්‍රස්තවාදීයාගෙන් අප ජාතියක් වශයෙන් ද නිදහස් වූවා යැයි බොහෝ අය සිතා සිටින යුගයකය. Read the full story
Posted in Political, කඳාගේ කතා
Posted on 17 July 2011.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
කඳා සාමාන්‍යයෙන් රස්සාවට කරන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරණ එකයි. දවල්ට කඳාගේ රස්සාව බස් එලවන එක උනාට හුගක් වෙලාවට රෑට කරන්නේ වාහන උස්සන සීසර් කෙනෙක් විදිහට වැඩ කරන එකයි.කඳාට දේශපාලනය ගැන තියෙන්නෙත් වෙස්ම අදහසක් දිනන පැත්ත මොකක් වුනත් කඳා වැඩ කරන්නේ දිනන පැත්තට විතරයි. ඒනිසා කවුරු දින්නත් කඳාට ප්‍රශ්ණයක් නෑ. මොකද මිනිහා හැමදාමත් දිනන පැත්ත මිනිහගේ පැත්ත කියලයි කියන්නේ කඳාට හොදටම තරහ ගිහින්කඳා එලවන බස් එකේ අයිතිකාරයාගෙ නම ජයසිංහ මිනිහා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙක්. මෙි නිසා ගොඩක් අය හිතාලෙන හිටියේ කඳාත් යූ.එන්.පී කැරයෙක් කියලයි. හැබැයි කඳාට එකේ වෙනසක් තිබුනේ නෑ දිනන්නෙ මොන පැත්තද කඳා ඒ පැත්ත ගන්නවා. ඔන්න ඔය අතරේ පළාත් සභා මැතිවරණයක් ආවා. මේ මැතිවරණයට ජයසිංහත් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ජයසිංහගේ විරුද්ධවාදීයා විදිහට පොදු පෙරමුණෙන් කෝරලේ මහත්තයා ඉදිරිපත් වුනා. මැතිවරණ කාලය පුරාම කඳා දිගටම බස් එක එලෙව්වා. ඔන්න අන්තිමට ජයසිංහ මැතිවරණයෙන් පරාජය වුනා. කෝරලේ මහත්තයා දිනුවා. දිනපු කෝරලේ මහත්තයා සෙනග පිරිවරාගෙන පෙළපාලියක් යනවා. මෙි වෙලාවෙ කඳා හිටියේ බස් එකේ මේ එන පෙළපාලිය දැකලා කඳාට ෆුල් ජොලියක් ගියා මිනිහා බස් එක පාර අයිනෙන් නතර කරළා සතුට වැඩිකමට කෑ ගහගෙන කෝරලේ මහත්තයට සුභ පතන්න ඉස්සරහට දුවගෙන ගියා. කඳා මේ විදිහට ඉස්සරහට දුවගෙන එද්දි කෝරළේ මහත්තයගෙ ආධාරකරුවන් හිතුවෙි කඳා මේ එන්නේ ජයසිංහ පරාද වුණ නිසා කොරලේ මහත්තයට මොකක් හරි කරදරයක් කරන්න කියලයි. පෙලපාලියේ ගියපු ඔක්කොම වට කරගෙන කඳාට අම්බානකට නෙලුවා. කඳාට හිතා ගන්න බෑ මොකක්ද මේ සිද්ධ වුණ අලකලංචිය කියලා. මිනිහා ලේ පෙරා ගෙන කෑ ගහලා කීවත් යකෝ මමත් ආවේ කෝරලේ මහත්තයට සුභ පතන්නයි කියලා කවුරුවත් කඳාගේ කථාව තබ දොයිතුවකට මායිම් කලේ නෑ. මේ නිසා කඳාට නහුතෙටම තද වුනා. යකෝ ඔය කෝරලෙයා දන් නෑ මගේ හැට් මම ඕකව මරණවා. කඳා ලේ පෙරාගෙනම කෑ ගහලා කීවා.
පස්සේ පහුවෙනි දා උදෙන්ම ගල්වලට ගිය කඳා එතනින් ගල් කඩන පොඩි කුලු ගෙඩියක් ඉල්ල ගත්තා. පස්සේ මිනිහා කෙලින්ම ගියේ කෝරලේ මහත්තයා හොයා ගෙනයි. කෝරලේ මහත්තයගෙ ගෙදරට කඳා යන කොට කෝරලේ මහත්තයා හිටියේ නෑ. ගෙදර හිටියේ එයාගේ බිරිදයි ළමයිනුයි විතරයි. මරු විකලෙන් කුලු ගෙඩියකුත් අරගෙන ගෙදරට එන කඳාව දැකලා ගෙදර අය හොදටම බය වෙලා යටි ගිරියෙන් විලාප තියන්න පටන් ගත්තා. ගෙදර අය ලගට ගිය කඳා ඒ ඔක්කොමලව එක කාමරේකට දාලා දොර වැහුවා. පස්සේ කඳා ඒ අයට කීවේ කෑ නොගහා ඔහොම හිටපල්ලා මම මගේ වැඩේ ඉවරකරනකම් කියලයි. ඒ ගෙදර මහ විශාල ගෙදරක්. පස්සේ හොද හුස්මක් එහෙම අරගෙන කඳා තමන්ගේ වැඩේ හෙමින් සීරුවේ පටන් ගත්තා. මුලින්ම කඳා එකින් එකට ගහලා මුලු ගෙදරම තියෙන ජනේල් වල වීදුරු කැඩුවා. පස්සේ ගෙදර තියෙන ටයිල් කඩන්න කඳා පටන් ගත්තා.කඳාට මේ වැඩේ කරන්න කිසිම කළබලයක් තිබුනේ නෑ. කඳා ටයිල් කැඩුවේ එකින් එක ටයිල් එකට කුලු ගෙඩියෙන් පහර දීලයි. එක පාරකට කැඩුවේ එක ටයිල් කැටයයි.කඳාට මේ වැඩේ කරන්න සෑහෙන වෙලාවක් ගියා. කොහොම හරි අන්තිමට කඳා මුලු ගෙදරම තියෙන හැම ටයිල් කැටයක්ම කුඩු කරලා දැම්මා. පස්සේ තමන් ගේ වැඩේ ඉවර වුණ ගමන් මෙචිචර වෙලා කාමරේට දාලා වහලා හිටපු ගෙදර අයව කඳා එළියට ගත්තා කෑ ගහන්න එපා මම උඹලට කරදරයක් කරන් නෑ. දැන් මම මගේ වැඩේ කරලා ඉවරයි. කොරලෙයට කියපන් ඌට සපෝට් එකට ආපු මට නිකමිම ගැහුවට මේ තමයි රිටන් එක කියලා. එහෙම කියලා කිසි දෙයක් නොවුන ගානට කඳා යන්න ගියා.
ගෙදර ආපු කොරලේ මහත්තයට තරු පේන්න ගත්තා. මුලු ගෙදරම ටයිල් අලුතින්ම දාන්න වෙලා. හැම ජනේලෙකටම වීදුරු දාන්න වෙලා. මූ නම් යකෙක්. මිනිස්සු තරහ ගියාම කරන වැඩද මෙිවා. යකෝ මූ මාව කෑවා. පසසේ කොරලේ මහත්තයා මේ ගැන පොලීසියට පැමිණිලි කළා. පොලීසියෙන් කදාව ගෙනිහින් කඳාට විරුද්ධව නඩු පැවරුවා.
නඩු දවසට කළින් ආයෙමත් පාරක් කඳා කොරලේ මහත්තයගේ ගෙදරට ගියා. උඹ මේ නඩුව ඉල්ලා අස්කර ගනින් නැත්නම් මම උඹව මරලා හන්දියේ ලයිටි කණුවේ එල්ලනවා. මම කියපු දෙයක් නොකරලත් නෑ. නොකරණ දෙයක් කියලත් නෑ. කැමති තීරණයක් ගන්න පුලුවන් මම යනවා.
මේ ගැන හොදට කල්පනා කරපු කෝරලේ මහත්තයා වහාම පොලීසියට ගිහින් තමන්ගේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තා. කඳා ආයෙමත් තමන්ගේ පාඩුවේ දවල්ට ඩ්‍රයිවින් ජොබ් එකයි රෑට සීසින් ජොබ් එකයි කරලා ජීවත් වුණා. ඒ අතරේ තවත් මරු මරු වැඩ ගොඩක් කඳා කළා ඒවා අපි ඉස්සරයට කියන්නම්.
Posted in කඳාගේ කතා
Posted on 18 June 2011.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
කඳාගේ මාමා කෙනෙක් ඉන්නවා. ම්නිහගේ නම ටෝනි කඳා වගේම ම්න්හත් හරිම ජනප්‍රියයි. කඳා සමහර වැඩ ඉගෙන ගත්තේ මේ මමා ගෙන් තමයි. කඳාට වගේම මෙයාටත් ගෑනු උදවිය හරිම කැමතියි. දවසක් මිනිහ ගමනක් යන්න එයාගේ පුංචි පුතත් එක්ක පාරට වෙලා ඉන්නවා. සෑහෙන වෙලාවක් හිටියත් බස් එකක් ආවේ නෑ. මේ වෙනකොට මිනිහට හොදටම මල පැනලයි හිටියේ.
ඔන්න ඔහොම ඉන්නකොට අලුත්ම ටොයෝටා කොරාල්ලා කාර් එකක් ඇවිත් ම්නිහගේ කකුල් දෙක ලඟම නතර කෙරුවා. මේකෙන් මෙයා උඩ ගිහින් බිම වැටුනා. මේ වට තමයි කියන්නේ දෙන දෙයියෝ කකුල් දෙක ලඟටම ගෙනත් දෙනවයි කියන්නේ. කාර් එක ම්නිහගේ යළුවෙකුගේ බව එයා දැන ගත්තා. මිනිහ ඉක්මනට කාර් එකට ගොඩ වුනා.
බස් එකක් එනකමි මෙච්චර වෙලා තමන් එක්කම වේලුන මින්ස්සුන්ට පොඩි කින්ඩියකුත් දාගෙනමයි මිනිහා කාර් එකට ගොඩ උනේ. කාර් එකේ යනකමි මේ යකඩ ගොඩ ගැන අයිතිකාරයා ගොඩක් ජාති කීවා.
ඉස්සර ගමේ හොර පොල් කඩලා පස්සේ හොර බෝට්ටුවකින් ඉතාලි ගිහින් ආපු මේ හාදයා ගැන කඳාගේ මාමා ඔක්කොම විස්තර දන්නවා ඒත් ඒ ගැන කියන්න ගියා නම් අලුත්ම ටොයෝටා කොරාල්ලා කාර්එකෙන් බහින්න වෙන නිසා මිනිහා කියන ඔක්කොම දේවල් හිස මුදුනින් පිළිගන්න බව පෙනනගෙන එයා තමන්ට යන්න ඕන තැනට ගියා.
ගිහින් නියම තැන බැස්සහම කඳාගේ මාමට ආයෙත් තරු පේන්න පටන් ගත්තා. මිනිහ අලුත්ම ටොයෝටා කොරාල්ලා කාර්එකට වශී වෙලා ඇවිත් තියෙන්නේ තමන්ගේ දරුවව බස් හෝල්ට් එකේ දාලයි.
Posted in කඳාගේ කතා
Posted on 08 June 2011.
VN:F [1.9.9_1125]
Rating: 5.5/7 (2 votes cast)
කඳා කියන්නේ ඔහු ජීවත් වුන සමාජයේ හරිම ජනප්‍රිය කෙනෙක්. ආර්නෝල්ඩ් ස්වසෙනගර්ගේ වගේ ගටිස් තියෙන මස් පිරුණ ශරීරයක් තිබුන කඳා ජීවත් වුනේ ස්පෝර්ටි මීට් මෑන් කෙනෙක් වගෙයි. ප්‍රදේශය පුරාම ඔහු හරිම ජනප්‍රියයි. ගමේ මගුලට මරනෙට දානෙට හැම දේටම ඔහුගෙන් ලැබුනේ සුථපටු සහයෝගයක් නෙමෙයි. කඳා වැඩිපුරම ජනප්‍රිය වුනේ ගමේ තරුණයන් අතරෙයි. ඔහුට වඩාත්ම ආකර්ශණය වුනේ ගමේ මැදිවියේ කාන්තාවන් තමයි ඔහුගේ අයෝමය දේහ විලාශය දිහා බලලා වශී නොවුන කාන්තාවක් හිටයනම් ඒ ඉතාමත් කලාතුරකින් තමයි. ඒ වුනාට කඳා දෙදරු පියෙක්. කඳාගේ වයස අවුරුදු 38යි. ලොකු දුවට වයස 18යි. පොඩි එකාට අවුරුදු 02යි. කඳාගේ ආදරණීය බිරිඳ හිටියේ ඩුබායිවල. පවුලේ අනාගතේ ගැන හිතලයි එයා රට ගියේ. කඳා හොද ස්වාමියෙක් විදිහට ළමයි දෙන්නා බලාගෙන ගෙදරට වෙලා හිටියා. බිරිද හැම මාසෙකම කඳාට සල්ලි එවිවා. ඒ සල්ලි වලින් කඳා හොදට ජීවත් වුනා.
ඔන්න ඔය අතරෙදි කඳා එක දවසක් බිරිඳ එවපු සල්ලි ගන්න බැංකුවට ගියා. ගිහින් රුපියල් 25,000ක් අර ගත්තා. සල්ලි අරගෙන බැංකුවෙන් එළියට ආපු කඳා මැරිලා කියලා ගෙදරට පණිව්ඩයක් ආවා. ඒ වෙනකොටත් ඉස්පිරිතාලේ තිබුන කඳාගේ මිනිය බලන්න ගොඩක් අය එතනට ආවා. හැමෝටම ප්‍රශ්නේ වුනේ ගහක් ගලක් වගේ හිටපු කඳා කොහොමද එකපාරටම මැරුනේ කියන එකයි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවට අනුව කඳා මිය ගිහින් තිබුන් අභ්‍යන්තර රුධිරනාල දෙකක් පුපුරා යාම මගින් කඳාගේ මරණය සිදුවුණු බවටයි. ඒ වුනාට ගමේ රටේ හැමෝටම වගේ කඳාගේ මේ හදිසි මරණය හරිම ප්‍රේහේලිකාවක් වුනා. මේ අතරේ නොයෙක් කට කතාත් පැතිරුණා. ඇත්තටම කොහොමද කඳා මැරුනේ.
කඳාගේ මිනිය ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ ලලිතා අක්කා තමයි. අහක හිටපු ලලිතා අක්කා කොහොමද මේකට පැටලුනේ ඉස්පිරිතාලෙට ආව හැමෝටම මේක ප්‍රශ්ණයක් ලලිතා අක්කා කියන්නේ තලතුනා ගෑනියක්. එයාට ලොකු පුතෙකුත් ඉන්නවා. ලලිතා අක්කා නම් කිවේ බැංකුව ලග වැවිලා ඉන්නවා දැකලා එයා කඳාව එක්කගෙන ආවා කියලයි. එතකොටම එතන හිටපු කට වාචාල එකෙක් ඇහුවේ කවදාවත් සරම් නොඅදින කඳා මොකද සරමක් ඇදගෙන ඉන්නේ කියලයි. හැමෝටම ඒ කතාවට හිනා ගියා. ඒ වුනත් ලලිතා අක්කා කීවෙි සරම ඇන්දුව් ඉස්පිරිතාලෙන් කියලයි. මැරිච්ච උන්ට ඉස්පිරිතාලෙන් සරම් අන්දනවා කියන කතාව අම්මා මුත්තා කාලෙකවත් අහපු කතාවක්ද කියලයි එතන හිටපු ඇඩ්ඩ්න් මාමා කිවේ. ඒ පාර එතනින් ලලිතා අක්කා ශේප් එකේ මාරු වුනා.
පස්සේ ගමේ හැමෝම කඳාට මොකද වුනේ කියන එක හොයා ගත්තා. කඳා සල්ලිත් අරගෙන කෙලින්ම ලලිතා අක්කත් එක්ක ගෙස්ට් හවුස් එකකටයි ගිහින් තියෙන්නේ. ඒ නිකමිම නෙමෙයි ගල් භාගෙකුයි වැඩේ අල්ලගෙන ඉන්න පුලුවන් හෝමෝ ටෙක්ස් පෙති දෙකකුත් අරගෙනයි. රූම් එකට ගිය ගමන් මිනිහා කාලක් ගහලා පෙතිදෙකත් බීලා හොදට ප්‍රයිඩ් රයිස් පාරකුත් දාගෙන වැඩේට සෙට් වෙලා. පස්සේ භාගෙන් ඉතුරුටික ගහලා හෙම්හිට ආයෙත් වැඩේට සෙටිවෙලා. පෙත්තෙ ආතල් එකයි භාගේ පවර් එකයි ඇගේ හයියයි ඔක්කොම දාලා වැඩෙි කරකර ඉන්නකොට තමයි මිනිහා නහරයක් පුපුරලා ලලිතා අක්කාගේ බඩ උඩම මැරිලා තියෙන්නේ.
පස්සේ හෝටලේ අය තමන්ට නිකමි පරිප්පුවක් කන්නවෙයි කියන බයට ලලිතා අක්කට පොඩි ප්ලෑන් එකක් දීලා තියෙනවා. හෝටලෙන් ත්‍රීවීල් එකක් ගෙනත් මිනිය ඒකේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනයන්න කියලා තියනවා. ඉස්පිරිතාලෙට ගේන කොට මගදී මැරුනා කියලා කීවහම දෙගොල්ලම ශේප් වෙනවනේ ඔන්න ඔහොමයි කඳා මැරිලා තියෙන්නේ. මේ කතාව දැනගත්තම ගෙදර අය කඳාගේ මිනිය බාර ගන්න බැහැ කියලා තියෙනවා. ලලිතා අක්කගේ පුතා මේ දවස් වල බිස්නස් වැඩකට යාපනේ ගිහින් තියනවා. මිනිහා කියනවලු ගෙදර ආව ගමන් අම්මව මරණවා කියලා. කඳා මැරෙන්න කලින් කරපු මේ වගේ තව ගොඩක් කතා කියනවා ඒවා පස්සෙ හෙමිහිට දැනගමු.
Posted in කඳාගේ කතා