Categorized | Political

‘දිනමිණ’ ජනාධිපති ඒකාධිපතියෙකු කරයි ද?

‘දිනමිණ’ ජනාධිපති ඒකාධිපතියෙකු කරයි ද?
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

සියලු දෙනාටම අවශ්‍යව ඇත්තේ පවතින ක්‍රමය වෙනස් කිරීමට නොව පවතින ක්‍රමයට අනුගත වන්නටය. එහිදී අපට ලිප්ටන් වටරවුමේ හා ලෙක් හවුස් ආයතනය තුල හමුවන්නේ එකම වර්ගයේ අදහස් සහිත මිනිසුන්ය. වෙනස තිබෙන්නේ මේ උදවිය මේ මොහොතේ සිටින ස්ථානයන් හී පමණි.

දිණමින පුවත් පතෙහි රාමන් ගේ ලියමන විසින් ජනාධිපතිවරයා ඒකාධිපතිවරයා යැයි පැවසීම සම්බන්ධයෙන් ලිපියක් ගොසිප් ලංකා වෙබ් අඩවියේ පලවී තිබෙන අයුරු අප දුටිමු. එම ලිපිය මෙතනින් කියවන්න… http://www.gossiplankanews.com/2012/01/dinamina-typing-mistake.html#more

මේ අනුව මේ රාමන් කවුද යන්න ප්‍රසිද්ධ රහසකි. මොහු විටෙක රාමන්ය. තවත් විටෙක රහමන්ය. ඉතින් මෙවැනි දෑ මොහු ලියන්නේ මන්ද කියා කිසිවකුත් ඔබ නිකමකටවත් සිතුවාද? රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලනය උත්කර්ශයට නැංවීම මගින් කරලියට පැමිණි මේ රහමන් නැතිනම් රාමන් රනිල් වික්‍රමසිංහද මෙලෙසම උත්කර්ශයට නැංවීමට කලකදී උත්සහා කලා. වර්තමානයේ ඔහු නියෝජනය කරණ මහින්ද රාජපක්ෂ උත්කර්ශයට නැංවීම යනු ඔහුගේ ගමන් මගෙහි සංධ්ස්ථානයක් පමණි. මෙවැනි අය අතීතයේ හැදින් වූයේ රජගෙදර වන්දිබට්ටයන් වශයෙනි. මොවුන්ගේ එකම කාර්ය වන්නේ රජුට ප්‍රශස්ති ගායනා කර සිය පැවැත්ම තහවුරු කර ගැනීමය. මේ වර්ගයේ බොහෝ රජ ගෙදර වන්දි බට්ටයන් මේ කාලයේ ඕනෑතරම් අපට සොයා ගන්නට පුලුවන. රාමන් යනු ඒ වන්දිබට්ටයන්ගේ තවත් එක් විෂ්ණු අවතාරයක් පමණි.

මේ කාලයේ මෙවැනි බොහෝ උදවිය තමන් විසින් ලියන දේ තමන් විසින්වත් විස්වාස නොකරයි. නමුත් ජනතාව විසින් එය වි්සවාස කරණු ඇතැයි මොවුන් විසින් සිතන නිසා මෙලෙස දිගින් දිගටම ලියමින් සිටියි. වරෙක මේ රාමන්ම පිදෙල්ට හොද දේ මහින්දට නරකද යනුවෙන් ලියමනක් ලියන විට මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කරණ විට ඔහු ලබා දෙන්නේ අපූරු පිළිතුරකි. ඒක බොරුවක් බව මමත් දන්නවා ඒක උබත් දන්නවා නමුත් ජනතාව ඒක දන්නෙ නෑ ඒ නිසා අපි හැමවෙලේම ලියන්න ඕන ජනතාවට ඕන දේවල් විතරයි. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මොහුට තමන් ලියන දේ පමණක් නොව තමන්ගේ ජීවිතයවත් ඒ තරම් සීරියස් නොමැති බවයි. මේ වර්ගයේ බොහෝ උදවිය තමන් දන්නා නමුත් නොදන්නවා සේ හිදිමින් මේ කරන්නේ කුමන වර්ගයේ ජීවිකාවක් ද?

එයට අපට යළිත් කියන්නට ඇත්තේ රජුට වන්දි බට්ටකම් කිරීම නැතිනම් ප්‍රශස්ති ගැයීම කියාය. සමහර විට මේ වර්ගයේ බහුතරයක් උදවියගේ මුවින් නිතරම පිටවෙන ප්‍රකාශයක් වන්නේ මම දන්නවා මේ වෙලාවේ මහින්ද කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ වුනත් අපි කොහොමද ඒක එළිපිටම කියන්නේ. අපිට කැමති දේවල් නෙමෙයි මේ කාලයේ අපිට කියන්න වෙලා තියෙන්නේ අනික අය කැමති දේවල්. ඉතින් ඒකට අපි මොනවා කරන්නද? මේ නිසා අනෙකාගේ ආශාව දෙසට තමන්ගේ දෘෂ්ඨිය විතැන් කිරීම හැර මේ කාලයේ ජන මාධ්‍යවෙිදීන්ට වෙන කරන්නට දෙයක් නෑ කියලා තමයි මේ අය කියන්නේ. නමුත් ගැටලුව වන්නේ ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවටත් මාරු වෙමින් ජනමාධ්‍ය කරනයේ නියැලෙන්නේ මේ උදවියමය. උදාහරණයක් ලෙස අද ලේක් හවුස් ආයතනයේ ඉන්න මාධ්‍යවෙිදීන් හෙට ලිප්ටන් වට රවුමටත් ලිප්ටන් වටරවුමේ අද ඉන්න මාධ්‍යවේදීන් හෙට ලෙක් හවුස් ආයතයටත් යන්නේ මේ නිසාය.

සියලු දෙනාටම අවශ්‍යව ඇත්තේ පවතින ක්‍රමය වෙනස් කිරීමට නොව පවතින ක්‍රමයට අනුගත වන්නටය. එහිදී අපට ලිප්ටන් වටරවුමේ හා ලෙක් හවුස් ආයතනය තුල හමුවන්නේ එකම වර්ගයේ අදහස් සහිත මිනිසුන්ය. වෙනස තිබෙන්නේ මේ උදවිය මේ මොහොතේ සිටින ස්ථානයන් හී පමණි. අනාගතයේ දී සිදු වන්නට නියමිත වන්නේ මේ ස්ථාන හා පුද්ගලයින් මාරු වීම පමණි. මේ නිසා මේ යුගයේ ඇත්තටම දේශපාලනය කිරීම හෝ ඇත්තටම ජන මාධ්‍යකරණයේ නිරත වීම කියා දෙයක් නැත. මේ නිසා ජනාධිපති යන්නට රාමන් අතින් ඒකාධිපතියා යනුවෙන් ලියවීම සම්බන්ධයෙන් අප ඒ තරම් කළබල විය යුතු නැත. මන්ද මේ කාලයේ වචන වලට සේම භාවිතාවටද ඇත්තේ දන්නා නමුත් නොදන්නවා සේ හිදිමේ ශෛල්‍යයය පමණක් වන නිසාවෙනි.

'දිනමිණ' ජනාධිපති ඒකාධිපතියෙකු කරයි ද?, 7.0 out of 7 based on 1 rating

This post was written by:

News Editor - who has written 993 posts on 3mana | Online news magazine.


Contact the author

One Response to “‘දිනමිණ’ ජනාධිපති ඒකාධිපතියෙකු කරයි ද?”

  1. kawishaka says:

    1. 1976 දී කොමියුනිස්ට් පාක්ෂිකයකු ලෙස කොළබ ඇවිත් පීටර් කෙන්මන්ගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ‍රැකියාවක් ලබා ගැනීම.

    2. 1977 මැතිවරණයෙන් පසුව ආර් ප්‍රේමදාසට සෙට්වීම.

    3. ඒ අනුව මාළිගාවත්ත මහල් නිවාසයෙන් නිවසක් ලබා ගැනීම

    4. වි.ජ.මු.ලොකුබණ්ඩාර මගින් දෙසතිය සගරාවේ සංස්කාරක තනතුරට පත්වීම.

    5. රජයේ සේවකයන්ට වෙනත් ආයතනයන්හි තවත් ‍රැකියාවක් කළ නොහැක. නීති විරෝධී ලෙස සේවා ලංකා රාජ්‍ය නොවන සංවිධානයේ උප සභාපති ධූරය දරමින් වැ‍ටුප් ලබා ගැනීම හා අද දක්වාම එලෙස කටයුතු කිරීම.

    6. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය දැරිය යුත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකි.එවැනි නිලධාරියකුට පරිපාලන දැනුම ද විවිධ විෂයන් පිළිබදව පශ්චාත් උපාධි ද හිමිවේ. එසේ නොවී අමාත්‍ය මණ්ඩලය විසින් යමෙක් පත් කරන්නේ නම් එවැනි වෘත්තීයවේදී දැනුමක් තිබිය යුතුය. එහෙත් වසන්තප්‍රිය රාමනායකට ඇත්තේ යන්තම් සමත් වූ උසස් පෙළ සහතිකයකි. කිසිදු විෂයකට අදාළ වෘත්තීය දැනුමක් නොමැත. මීට ඉහත දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය දැරූ ආචාර්ය සරත් අමුණුගම හා සැසදූ කළ වසන්තප්‍රිය රාමනායක නිකන්ම නිකන් නිකමෙකි.

    7. වරෙක කොමියුනිස්ට් ද වරෙක යූඑන්පී ද තවත් වරෙක ශ්‍රී ලංකා ද නැවතත් යූඑන්පී ද වූ වසන්තප්‍රිය රාමනායක දැන් නැවතත් ශ්‍රී ලංකා වී තිබේ. එහෙත් 2005 ජනාධිපතිවරණයේ දී ඔහු “ඉ රුදින” පුවත්පතෙන් කඩේ ගියේ රනිල් වික්‍රමසිංහටයි. මහින්දගේ පරජයෙන් පසුව ඔහුට එක්වූයේ අපහසුවෙනි.

    8. දැන් ගජරාමෙට මහින්දට කඩේ යයි.

    9. ආයතන සංග්‍රහය අනුව රජයේ නිලධාරියෙකුට පුවත් පත් වලට ලිපි ලිවීම කළ නොහැක. විශේෂයෙන් දේශපාලන ලිපි කෙසේවත් ලිවිය නොහැක. ඒත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනයක තම නමින් “ලංකාදීප” පත්‍රයට එක් දේශපාලන ගොසිප් ලිපියක් ද “රාමන්” නමින් “දිනමින” පත්‍රයට තවත් දේශපාලන ගොසිප් ලිපියක් ද සතිපතා ලියයි. රටේ පවතින නීතිය වසන්තප්‍රිය රාමනයකට නැත.

    ඒ අන්දමින් නීතිය කඩද්දී ඒවා නො ඇසූ කණින් නො ඇසූ දෙනෙතින් විපක්ෂය සිටී.

    VA:F [1.9.9_1125]
    Rating: 0.0/5 (0 votes cast)

Trackbacks/Pingbacks


3mana | Facebook

3MANA Podcast Player

News Archives